June, 1, 2026
මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2026 මැයි 28 වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,010,807ක් ලෙස වාර්තා වන බවයි.
මැයි මාසයේ පළමු දින 28 තුළ 134,530ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
මැද පෙරදිග හටගත් යුධමය වාතාවරණය හමුවේ පහළ ගොස් තිබූ සංචාරක පැමිණීම් වල යළි වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය කළ හැකිව තිබේ.
මැයි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 42%ක්ම ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 56,063ක් වේ. දෙවන සහ තෙවන ස්ථානවලට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රටවල් ලෙසින් එක්සත් රාජධානිය (8,585) සහ චීනය (8,439) සටහන්ව ඇත.



Video Story