2030 දී ඩීසල්, දැවිතෙල් විදුලි උත්පාදනය සම්පූර්ණයෙන් නතර කරනවා – ඩලස් පාර්ලිමේන්තුවේ දී කියයි

    March, 9, 2021

    වර්තමානයේ දී මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 33% ක් සඳහා සඳහා ඩීසල් සහ දැවිතෙල් යොදා ගන්නා බවත් එය 2025 වසර වන විට 5% ක් දක්වා අඩු කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද (09) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, මෙරට අනාගතය වන්නේ පුනර්ජනනීය බලශක්තිය බවත් 2030 වසර වන විට නිසැකවම ඩීසල් සහ දැවිතෙල් භාවිතය 0% ක් දක්වා අඩුකරනු ලබන බවත්ය.

    “අපි දැනට ජාත්‍යන්තර තරඟකාරී ක්‍රමය යටතේ ජාත්‍යන්තර ටෙන්ඩර් 2කට අපි ගිහිල්ලා තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය තමයි මේ රටේ අනාගතය. අපේ සැලැස්ම 2025 වන විට දැනට 33%කට වඩා වැඩියෙන් භාවිතා වන දැවිතෙල්, ඩීසල් 5% දක්වා අඩුකර ගැනීම. 2030 වන විට මෙය නිසැකවම බිංදුවට ගෙනියනවා.“