සුරැකුම්පත් කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

    July, 3, 2026

    ප්‍රාග්ධන වෙළෙඳපොළ නීති, රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් නියාමන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    ඒ අනුව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන යන අය විසින් පහත සඳහන් දෑ නොකළ යුතු බව සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අවධාරණය කරනු ලබයි.

    • කොළඹ කොටස් හුවමාරුව (CSE) නම හෝ ලාංඡනය භාවිතා කිරීම.
    • “කොටස් හුවමාරුවක්” යන නාමය හෝ විස්තරය භාවිත කිරීම හෝ ඇඟවීම.
    • ලියාපදිංචි ආයෝජන උපදේශකයන් නොවන පුද්ගලයන් විසින් ආයෝජන පුරෝකථන හෝ නිර්දේශ ප්‍රකාශයට පත් කිරීම හෝ ඊට ඉඩ දීම.