July, 22, 2026
'ග්‍රෑන්ඩ් හයිට්, කොළඹ' ව්‍යපෘතිය සිදුකරනු ලැබූ සමාගම වන කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් මිලියන 500ක ආයෝජනයක් කිරීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කර තිබුණි. වාර්තා වන අන්දමට අදාළ ආයෝජනයේ වටිනාකම රු. බිලියන 5කි.
කෙසේවෙතත් 2025 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකර ඇති ලැයිස්තුගත නොවන සමාගම් ආයෝජනයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අදාළ ලේඛනවල කැන්විල් හෝල්ඩිංග්ස් ආයෝජනය පිලිබඳ සඳහනක් දක්නට ලැබන්නේ නැත.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Business කළ විමසීමක දී සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරී ඩී.එල්. නිහාල් මහතා මෙසේ කරුණු පැහැදිලි කළේය.
“කැන්විල් හෝල්ඩිංග්ස්, ඒ ආයතනයේ investment එකට අපිට return එකක් ලැබුණේ නැහැ. නමුත් ඒකට අපිට option එකක් හම්බුවුණා, ආණ්ඩුව restructure කරන්න යන process එකේ දී කැන්විල් හෝල්ඩිංග්ස් එකේ අපිට තියෙන අයිතියත් ආණ්ඩුවට පවර ගෙන, ඒක restructure කරලා, ඒක විකුණුවාට පස්සේ යම්කිසි අතිරේක මුදලක් ආවොත් අපිට ආපහු දෙනවා කියන පදනම මත අපේ investment value එක අපිට ආපහු හම්බුවුණා. අපි කරපු investment එක තිබ්බේ බිලියන 5ක්. ඒ බිලියන 5 EPF එකට අරගෙන අපි ඒ අපේ share එක ගවර්මන්ට් එකට දුන්නා. එක් නිසා දැන් ඒක අපේ portfolio එකේ නැහැ. නමුත් කවදා හරි මේක විකුණලා, gain එකක් තිබ්බොත් ඒ gain එක අපිට ලැබෙනවා කියන පදනම මත තමයි අපි ඒක විකුණුවේ. ඒ අනුව ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 තමයි අපි transaction එක කළේ. එතකොට ඒ මුදල් අපි අනිත් investmentවලට යොදවලා ඒකෙන් return එකක් දැන් ගන්නවා.“
කැන්විල් හෝල්ඩිංග්ස් සම්බන්ධයෙන් අද දෙරණ Business විසින් පසුගිය කාලයේ දී සිදුකළ වාර්තා කිරීම් කිහිපයක් පහතින් දැක්වේ.
February, 13, 2026
January, 20, 2026
May, 27, 2025
February, 8, 2024
October, 1, 2018
Video Story