September, 3, 2026
රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (02) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හි පරිණත කාලයන් අනුව දින 91, 9.06% සිට 8.96%ක් දක්වා පදනම් අංක 10කින්, දින 182, 9.44% සිට 9.27% ක් දක්වා පදනම් අංක 17කින් සහ දින 364, 9.89% සිට 9.81%ක් දක්වා පදනම් අංක 8ක් ලෙසින් පහළ ගොස් ඇත.
මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබූ මුළු බිල්පත් ප්රමාණය රු. මිලියන 80,000ක් වන අතර රු. මිලියන 203,306ක ලංසු ප්රමාණයක් ඒ සඳහා ලැබූ තිබුණි. ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 80,000ක ලංසු අනුමත කිරීමට එහිදී පියවර ගෙන ඇත.
මේ සම්බන්ධ සටහනක් පහතින් දැක්වේ.

Video Story