BPPL Holdings, Forbes Asia 200 හි ‘Best Under a Billion’ ලැයිස්තුවට එක් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත් වෙයි

    September, 22, 2021

    අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන BPPL Holdings Forbes Asia 200 හිි ‘Best Under a Billion’ ලැයිස්තුවට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත් වී ඇත.

    ෆෝබ්ස් සඟරාව විසින් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියනයකට අඩු ආදායම් සහ ස්ථාවර ව්‍යාපාරික පිරිවැටුම හා ලාභයක් වාර්තා කර ඇති ආසියා පැසිෆික් කලාපයේ ප‍්‍රසිද්ධ වෙළෙඳ සමාගම් 20,000 කට අධික සංඛ්‍යාවක් මේ වසරේදී ඇගයීමට ලක් කළ අතර එයින් තෝරා ගන්නා ලද්දේ සමාගම් 200 ක් පමණි. මෙම සමාගම් තෝරා ගනු ලැබුවේ ඔවුන් වාර්තා කළ සමස්ත කාර්යසාධනය ඇතුළත් සංයුක්ත ලකුණක් පදනම් කරගෙන ය. මෙම මූල්‍ය වසරේ සහ අවුරුදු තුනක කාල පරිච්ෙඡ්දයේ ණය, විකුණුම් සහ එක් කොටසක ඉපැයීම්වල වර්ධනය වැනි සාධක මෙයට ඇතුලත් විය. ප‍්‍රමාණාත්මක නිර්ණායක හැරුණු විට ගුණාත්මක මිනුම් දර්ශක ද මෙම වාර්තාව සඳහා භාවිතා කරන ලදී.

    තිරසාර ව්‍යාපාරික ප‍්‍රමුඛයෙකු ලෙස ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන BPPL සමූහය දිනකට PET ප්ලාස්ටික් බෝතල් 360,000 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කරනු ලබයි. 2011 දී එහි ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතු ආරම්භ කළ දා සිට මේ දක්වා මෙමඟින් මිලියන 380 කට අධික ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත.

    තිරසාරභාවය කෙරෙහි සාමූහික අවධානයක් යොමු කරන ආසියාවේ පාරිසරික, සමාජීය හා ආයතනික පාලනය Social and Corporate Governance (ESG) සහිත සමාගම් කිහිපයෙන් එකක් ලෙස BPPL පෙන්වා දිය හැකිය. එහි පූර්ණ අනුබද්ධිත සමාගම් වන Eco Spindles සහ Beira Brush හරහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල්, මොනොෆිලමන්ට්ස් මෙන්ම කර්මාන්තශාලා හා ගෘහස්ත අවශ්‍යතාවන් සඳහා වන පිරිසිදු කිරීමේ උපකරණ ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළවලට අපනයනය කරනු ලබයි. එසේම BPPL විසින් ‘Tip Top’ නාමය යටතේ දේශීයව අලෙවි කරනු ලබන ගෘහස්ථ පිරිසිදු කිරීමේ බ‍්‍රෂ් වර්ග ද නිෂ්පාදනය කරනු ලබයි.

    2019 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ජාතික හරිත සම්මානයෙන් පිදුම් ලැබූ පළමු සහ එකම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ලෙස BPPL සමූහය සම්මානයට හා ගෞරවයට පාත‍්‍ර විය. තවද 2021 ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් සංවිධානය කරන ලද Recycling Heroes තරගාවලියේදී 2021 වසරේ හොඳම Recycling Heroes දසදෙනා අතරට ද සමූහය ශ්‍රේණිගත විය.

    වසංගතයත් සමඟ පැමිණි අභියෝග ජය ගැනීමෙන් පසුව, BPPL සමූහය 2020/21 මූල්‍ය වර්ෂය තුළ සියලූම මූල්‍ය දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. සමූහයේ ඒකාබද්ධ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 31%කින් වර්ධනය වී රුපියල් බිලියන 3.4 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. BPPL හි ශුද්ධ ලාභය පසුගිය වසරට සාපේක්ෂව 23%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 497 ක් බවට පත් වී ඇත.

    ”ෆෝබ්ස් වැනි ජාත්‍යන්තර දර්ශකයක් මගින් ඇගයීමට ලක්වීම අප ලැබූ විශාල ජයග‍්‍රහණයක්. Covid-19 අපට අභියෝග රාශියක් එල්ල කළ නමුත් අපි ඉන් නොසැලී සමූහයක් වශයෙන් අප අපේක්ෂා කළ ඉලක්ක සපුරා ගැනීම සඳහා කටයුතු කරනු ලැබුවා. මෙම සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා අපට සහයෝගය හා උපකාර කළ සියලූම පාර්ශවකරුවන්ට, මා ස්තූති කිරීමට කැමතියි. මෙය සාමූහික ජයග‍්‍රහණයක්!. නවීන තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම තුළින් සහ අපගේ පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය පුළුල් කිරීම සහ මොනොෆිලමන්ට් නිෂ්පාදන පහසුකම් සඳහා ආයෝඡනය කිරීමෙන් මෙම සාර්ථක දිගු කාලීන වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. අප නිෂ්පාදන ඇණවුම් වැඩි කරමින්, අපගේ නිෂ්පාදන පරාසය විවිධාංගීකරණය, නව්‍යකරණය සහ තව තවත් පාරිභෝගිකයින් ආකාර්ෂණය කර ගනිමින් අපගේ වෙළෙඳපොළ කොටස තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් BPPL Holdings කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය අනූෂ් අමරසිංහ මහතා පැවසුවේය.

    BPPL Holdings සඳහා විදේශීය ගැනුම්කරුවන් තුළ ඉහළ ඉල්ලූමක් හා දැඩි උනන්දුවක් ඇති අතර කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) හොඳම කාරයසාධනයක් සහිත සමූහයක් ලෙස ද BPPL පෙන්වා දිය හැකිය. වටිනාකම මූලික කරගත් ආයෝඡනයන් කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති හෙයින් ESG impact සහිත සමාගම් සඳහා වන වැඩි වන ඉල්ලූම මෙයට මූලික වශයෙන් හේතු වී ඇත. තවද, විදේශ විනිමය උච්ඡුාවචනයන් හේතුවෙන් ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වීම හා මිල අස්ථාවරත්වය හමුවේ වුවත් නොසැලී තම ස්ථාවරත්වය පෙන්නුම් කරමින් සිය සියලූම ආදායම් ඇමරිකානු ඩොලර්වලින් උත්පාදනය කරනු ලබන CSE හි ලැයිස්තුගත සමාගම් කිහිපය අතුරින් එක් සමාගමක් ලෙස BPPL Holdings ඉහළ ස්ථානයක සිටී.