Analysis

බැංකුවල අමුතු තියරිය. පොලී අඩු කරන්නෙ ඉල්ලීමක් කළොත් පමණයි

මෙරට පොලී අනුපාත ඉතිහාසයේ පහළම අගයක් දක්වා මේ වනවිට අඩුවී තිබේ. මේ අනුව, නිවාස ණය පොලී අනුපාතය සියයට 10.5 ක් දක්වා සමහර බැංකු විසින් අඩුකර ඇත. සමස්තයක් ලෙස ගත්විට මේ වනවිට නිවාස ණය පොලී අනුපාතය තිබෙන්නේ සියයට 12 ක මට්ටමේයි. මීට වසර ගණනාවකට පෙර සියයට 18 ක් වැනි ඉහළ පොලී අනුපාතයකට පාවෙන පොලී පදනම යටතේ…

(0)Comments | October 17, 2014 10:40 am

මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙහෙමයි. ණය නගී

බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත (Policy Interest Rates) මේ ඔක්තෝම්බර් මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකුව පවසා තිබෙන්නේ මෙරට උද්ධමනය අඛණ්ඩවම පහළ මට්ටමක තිබෙන බවත් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුවීම නිසා දේශීය වෙළඳ පොළේද ඛනිජ තෙල් මිල…

(0)Comments | October 17, 2014 5:22 am

ප්‍රධාන කොටස්කාර මැලේසියානු සමාගමත් ODEL අයිතිය අත්හරී

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා වන මැලේසියානු සමාගමට අයත් සියළුම කොටස් සොෆ්ට්ලොජික් සමූහයට රුපියල් බිලියන 2.8 කට ආසන්න මිලකට අලෙවි කිරීමට තීන්දු කර තිබේ. මැලේසියානු කොටස් වෙළඳ පොළට මේ බව දැනුම් දෙමින් මේ වනවිට ඔඩෙල්හි සියයට 47.46 ක බහුතර කොටස් ප්‍රමාණය හිමි Parkson Retail Asia Ltd සමාගම අනාවරණය කර…

(0)Comments | October 11, 2014 11:51 am

ළඟ එන අයවැය ඡන්ද සහන මල්ලක්ද? පී.බී. ගෙන් ඉඟියක්

ලබන 24 වනදාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන 2015 අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන මාලාවකින් පිරී පවතිනු ඇතැයි වාර්තා පළවුවත් ඒ ආකාරයේ අයවැයක් ඉදිරිපත් නොකරන බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහතික වෙයි. කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව අද කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ…

(0)Comments | October 9, 2014 8:38 am

ඇමරිකානු ආර්ථික රන් දෙවොල ඉවරයි. ප්‍රබලම අකුණ වදී

ලෝකයේ දැවැන්තම ආර්ථිකය ලෙසින් මෙතෙක් කලක් වැජඹුණු ඇමරිකාව වසර 142 කට පසුව පරාජය කරමින් ලොව අංක එකේ ආර්ථිකය බවට ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කරන චීනය පත්ව තිබේ. මේ බව අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 1872 දී ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යය ආර්ථිකය පරාජයට පත්කරමින් ලෝකයේ ප්‍රබලම ආර්ථිකය ඇති රට බවට පත්වූ බවයි. මූල්‍ය අරමුදල…

(0)Comments | October 9, 2014 6:39 am

පෑන් ඒෂියා බැංකුවේ බිලියන තුනේ ණයකර නිකුතුව ගැන නිමල් පෙරේරා කතා කරයි

පෑන් ඒෂියා බැංකුව විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ. මෙහිදී, පළමු අදියරේ ණයකර මිලියන 20 සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මේ අනුව, මෙම…

(0)Comments | October 3, 2014 8:51 am

සෞදි තීරණයෙන් පසුව ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස පහළට

සෞදි ආරාබිය විසින් අලෙවි කරන ඛනිජ තෙල්වල මිල අඩුකිරීම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල්වල මිල වසර දෙකකට පසුව වාර්තාවන අඩුම අගය දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ. සෞදි ආරබිය විසින් මෙම මිල අඩුකිරීම කර තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ඛනිජ තෙල් සැපයුමක් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් කරන තිබෙන පුරෝකතනය හේතුවෙනුයි….

(0)Comments | October 3, 2014 1:00 am

තේ තැරැව්කාර සමාගමක් මිලදී ගනිමින් නිමල් පෙරේරා සැරසෙන්නේ කුමකටද ?

රුපියල් මිලියන 200 කට Mercantile Produce Brokers Ltd (MPB) නැමති තේ තැරැව්කාර සමාගමේ පාලනය නතුකර ගත් පෑන් ඒෂියා බැංකුවේ සභාපති මෙන්ම රෝයල් සෙරමික් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ප්‍රකට ආයෝජක නිමල් පෙරේරා මහතා පවසන්නේ හේලීස් සමාගමට අයත් තලවකැලේ සහ කැළණිවැලි සමාගම් මෙන්ම හොරණ ප්ලාන්ටේෂන් සමාගම විසින් නිපදවන තේ මෙම තැරැව්කාර සමාගම හරහා අලෙවි කිරීමට තීරණය කර…

(0)Comments | October 1, 2014 4:50 am

2015 රාජ්‍ය වියදම සියයට 17 කින් ඉහළට. මෙන්න! ඇත්තම කතාව

2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව සියයට 17 කින් පමණ ඉහළ දමා තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා…

(0)Comments | September 26, 2014 11:06 am

ධම්මික හා රවී කැසිනෝ ලොව ප්‍රබල චරිත බව හෙළිවෙයි

මෙරට ප්‍රබලම කැසිනෝ ව්‍යාපාරිකයින් ලෙස වැජඹෙන ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරා මහතාත් ජේම්ස් පැකර් සමග හවුලේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන රවී විජේරත්න මහතාත් ආසියානු සූදු සඟරාවේ (Asian Gaming magazine) 2014 වසරේ ප්‍රමුඛතම 50 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්වී සිටී. මේ අනුව, මෙම ලැයිස්තුවේ ධම්මික පෙරේරා මහතා 26 වන ස්ථානයටත් රවී විජේරත්න…

(0)Comments | September 25, 2014 12:58 am