Analysis

2015 රාජ්‍ය වියදම සියයට 17 කින් ඉහළට. මෙන්න! ඇත්තම කතාව

2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව සියයට 17 කින් පමණ ඉහළ දමා තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා…

(0)Comments | September 26, 2014 11:06 am

ධම්මික හා රවී කැසිනෝ ලොව ප්‍රබල චරිත බව හෙළිවෙයි

මෙරට ප්‍රබලම කැසිනෝ ව්‍යාපාරිකයින් ලෙස වැජඹෙන ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරා මහතාත් ජේම්ස් පැකර් සමග හවුලේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන රවී විජේරත්න මහතාත් ආසියානු සූදු සඟරාවේ (Asian Gaming magazine) 2014 වසරේ ප්‍රමුඛතම 50 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්වී සිටී. මේ අනුව, මෙම ලැයිස්තුවේ ධම්මික පෙරේරා මහතා 26 වන ස්ථානයටත් රවී විජේරත්න…

(0)Comments | September 25, 2014 12:58 am

බ්‍රිතාන්‍යය ක්‍රමයට පී.බී. ගෙන් සැලියුට්

මෙරට රාජ්‍ය සේවය කළමනාකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටවූ කළමනාකරණ පද්ධතිය ඉතාමත් ප්‍රබල එකක් බවත් එහි ශක්තිමත් භාවය අදටත් ඔප්පු වන බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කීය. සුනාමි විපතට වසර දහයක් සපිරීමට සමගාමීව ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ කළ දින තුනක ජාත්‍යන්තර සමුළුවේ…

(0)Comments | September 24, 2014 11:39 am

ජනතාවට ණයට නොදී මහ බැංකුවේ තැන්පත් කිරීමේ බැංකුවල ගේම් එකට මහ බැංකුවෙන් ප්‍රහාරයක්

මෙරට බැංකුවල ද්‍රවශීලතාවය හෙවත් අතැති මුදල් (Liquidity) ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස වැඩිවීම නිසා එම මුදල් ජනතාවට අඩු පොලියට ණයට දෙනවා වෙනුවට බැංකු පුරුද්දක් ලෙස සිදුකරන්නේ අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කර (Standing Deposit Facility යටතේ) සියයට 6.50 ක පොලී අනුපාතයක් උපයා ගැනීමයි. මෙම පුරුද්ද මෙරට ආර්ථික ඉදිරි ගමනට බාධාවක් ලෙසින් හඳුනාගෙන තිබෙන මහ බැංකුව,…

(0)Comments | September 23, 2014 8:03 am

IMF අපට යළිත් අනතුරු හඟවයි

සිය බදු පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමට ලංකාව තවදුරටත් අපොහොසත් වන්නේ නම් රාජ්‍ය ආදායම් අඩුවී එය ආර්ථික වර්ධනයට අඩුවීමට හේතුවක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවා තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.6 ක ණය මුදල ප්‍රදානය කළදා පටන් අවධාරණය කළේ බදු ව්‍යුහය පුළුල් කරමින් රාජ්‍ය ආදායම…

(0)Comments | September 20, 2014 8:01 am

කාර් රැල්ලට යළිත් පණ ලැබෙන ලකුණු

මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණය වැඩිවීම නිසා ආහාර නොවන භාණ්ඩ අංශයේ ආනයන වියදම් මේ වනවිට වැඩිවී තිබෙන බව නවතම දත්ත මගින් හෙළිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව 2014 ජූලි මාසයේදී මෙරටට ආනයනය කළ වාහන ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 8.5 කින් වර්ධනය වී ඇත. මේ අනුව, පසුගිය ජූලි මාසයේදී…

(0)Comments | September 19, 2014 4:04 am

හම්බන්තොට Bunkering සිහිනයට ඉන්දියාව සහ සිංගප්පූරුවෙන් රතුඑළි

ඉන්දියාව සහ සිංගප්පූරුව යන රට වලින් එල්ලවී තිබෙන දැඩි තරගකාරීත්වය හමුවේ ලංකාවේ නැව් වලට ඉන්ධන සැපයීමේ (Bunkering) සහ ගුවන් යානා වලට ඉන්ධන සැපයීමේ (Aviation Fuel) කර්මාන්තය පසුබෑමකට ලක්ව තිබෙන බව අනාවරණය වේ. මේ පිළිබඳව නවතම දත්ත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙම ක්ෂේත්‍රයේ අයකරන මිල ගණන් වැඩිවුවත් පසුගිය ජූලි මාසයේදී මෙම දෙඅංශයේම…

(0)Comments | September 18, 2014 10:04 am

ඔඩෙල්, සියළුම කොටස් මිලදී ගැනීමට කැමති බව සොෆ්ට්ලොජික් කියයි

ඔඩෙල් පී.එල්.සී. සමාගමේ නිකුත් කර තිබෙන සෙසු සාමාන්‍ය කොටස් සියල්ල මිලදී ගැනීම සඳහා සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් විසින් අනිවාර්ය අර්පණයක් (Mandatory offer) නිකුත් කර තිබේ. සොෆ්ට්ලොජික් සමූහය විසින් පසුගියදා ඔඩෙල් සමාගමේ සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට මිලදීගන්නා ලදී. මෙම මිලදී ගැනීම කොටසක් රුපියල්…

(0)Comments | September 15, 2014 7:46 am

ඔඩෙල් ගන්න අශෝක් පතිරගේට හැටන් නැෂනල් බැංකුව සල්ලි දුන්නේ ඇයි ?

ඔඩෙල් පී.එල්.සී. සමාගමේ සියයට 44.5 ක කොටස් ඔටාරා ප්‍රමුඛ ගුණවර්ධන සහෝදරයින්ගෙන් රුපියල් බිලියන 2.7 කට මිලදී ගැනීමට ශූර ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා නායකත්වය දෙන සොෆ්ට්ලොජික් සමූහයට මූල්‍ය පහසුකම් ලබාදුන්නේ හැටන් නැෂනල් බැංකුව විසිනි. මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුව පවසා තිබෙන්නේ දේශීය සමාගම් වලට සහ ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීමේ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගත්…

(0)Comments | September 15, 2014 3:02 am