Analysis

සාම්පූර් ගල් අඟුරු බලාගාර යෝජනාව අද කොතනද ?

මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් සඳහා අරමුදල් ලබාගැනීමට ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති,  ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් සියයට 70 ක්ම පුද්ගලික ආයෝජන මගින් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවයි. “ව්‍යාපෘතිය…

(0)Comments | April 21, 2014 3:19 am

ආදායම් අඩුවීමට රජය මුහුණ දෙන්නේ කෙසේද ?

පසුගිය වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2012 වසරට වඩා අඩුවී තිබේ. මේ අනුව, 2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.9 ක් වෙද්දී පසුගිය වසරේ එම ප්‍රමාණය සියයට 13.1 ක් දක්වා අඩුවිය. මෙයට හේතුවී තිබෙන්නේ මෝටර් රථ ආනයන ඇතුළුව ආනයන බදු අඩුවීමත් රජයේ ආයතනවල ලාභය අඩුවීමයි. මීට අමතරව,…

(0)Comments | April 17, 2014 8:23 am

රන් ණය අපලයෙන් පුද්ගලික ණයටත් වදී

ලෝක වෙළඳ පොළේ දිගින් දිගටම රත්‍රන් මිල අඩුවීම නිසා රත්‍රන් ඇපයට තබා ණය ලබාදුන් බැංකු විශාල අර්බුදයකට පසුගිය කාලයේදී මුහුණ දුන් අතර මේ නිසා රත්‍රන් ඇපයට තබා ණය ලබාදීම මෙරට බැංකු විසින් අඩු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගිය වසරේදී මෙරට බැංකු ක්‍රමය විසින් පුද්ගලික අංශයට නිකුත් කළ ණය අඩුවීමට ප්‍රධානතම හේතුව වූයේ රන්…

(0)Comments | April 17, 2014 3:23 am

මෙන්න! මොනෝරේල් ගැන මහ බැංකුවේ අදහස

කොළඹ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මොනෝරේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ආරම්භ කිරීම සඳහා රජයේ අවධානය යොමුව පවතින බව අප මෙයට පෙර වාර්තා කළේය. මෙරටට මෙවැනි දුම්රිය සේවාවක තිබෙන අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර තිබේ. 2013 මහ බැංකු වාර්තාවේ මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා නාගරික…

(0)Comments | April 12, 2014 3:54 am

අඩු මිලට මගීන් ඇද්ද නිසා දුම්රියේ ලාභය පීලිපනී

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී වාර්තාකළ මෙහෙයුම් අලාභය 2012 වසර සමග සැසඳීමේදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ අනුව, 2013 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 5.2 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබෙන අතර 2012 වසරේදී වාර්තා කර තිබුණේ රුපියල් බිලියන 3.8 ක මෙහෙයුම් අලාභයකි. පසුගිය වසරේදී මගීන් විසින් මෙරට දුම්රිය සේවාවන් වැඩි වශයෙන්…

(0)Comments | April 11, 2014 4:16 am

අපේ ජාත්‍යන්තර බැඳුම්කරයට වැඩිම ඉල්ලුම ඇමරිකාවෙන්

ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා සිදුකළ වසර පහේ ජාත්‍යන්තර බැඳුම්කරයට 08 ගුණයක පමණ ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර එහි පොලී අනුපාතය සියයට 5.125 ක් ලෙස තීරණය වී ඇත. පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් මිලියනයක් රැස්කර ගැනීම සඳහා ලංකාව නිකුත් කළ බැඳුම්කරයේ පොලිය සියයට 6.0 ක් විය. මෙවර බැඳුම්කරයෙන් සියයට 46 ක් ඇමරිකානු…

(0)Comments | April 8, 2014 3:18 am

ඇමරිකාවේ පිහිටෙන් රත්‍රන් මිල නගී

ඇමරිකාව විසින් මාර්තු මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා රැකියා උත්පාදනය කිරීමට සමත්ව ඇතැයි අනාවරණය වීමත් සමග ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 18.90 කින් හෙවත් සියයට 15 කින් ඉහළ ගොස් රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1303.50 ක්වී තිබෙන බවයි. මාර්තු 25 වනදායින් පසුව ලෝක වෙළඳ පොළේ වාර්තාවන…

(0)Comments | April 6, 2014 1:07 pm

පොලී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකු අධිපතිවරයා කතා කරයි

ටික කාලයක් යනතුරු ඉදිරියේදී පොලිය අඩු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මහ බැංකුව පසුගිය කාලයේදී අවශ්‍ය ප්‍රමාණයට මෙරට පොලී අනුපාත අඩුකළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ පදනම් අංක 25 ක් වැනි ප්‍රමාණ වලින් පොලිය අඩුකරනවා වෙනුවට පසුගිය කාලයේදී මහ බැංකුව විසින් වාණිජ…

(0)Comments | April 3, 2014 4:03 am

5000 හොර නෝට්ටු ජාවාරම මඩින්න මෙන්න කළයුතු දේ

ව්‍යාජ මුදල් අච්චු ගැසීම තුරන් කිරීම සඳහා වඩාත්ම කළ යුතු වන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිළධාරිනියක අප සමග පැවසුවාය. දුලාංජලි ජයකොඩි මහත්මිය විසින් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක් බැංකුවක තැන්පත් කිරීමට යාමේ සිද්ධියට අදාළව අප ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්…

(0)Comments | March 26, 2014 5:11 am

මාර්තුවේ පොලියට මොකද වෙන්නේ ?

වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවතින අතර ඒ තුළින් ඉදිරියේදී බැංකු පොලී අනුපාත ඉහළ යෑමක් සිදු නොවේ. මහ බැංකුවේ අරමුණ…

(0)Comments | March 21, 2014 3:41 am