Analysis

ඔබේ අනාගත මෝටර් රථයට හැකරු ප්‍රහාර එල්ල විය හැකියි

අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වී ඒවා අවුල් කරන ආකාරයෙන්ම අනාගතයේදී මෝටර් රථවල පරිගණක පද්ධති වලටද හැකරුවන් (hackers) ඇතුළු වී ඒවා අවුල් කරනු ඇතැයි වාර්තා වී තිබේ. මේ අනුව, අධිවේගී මාර්ගයක වේගයෙන් ධාවනය වන මෝටර් රථයක පරිගණක පද්ධතියට හැකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එය අනතුරට පත් වුවහොත් එය පුදුම වන්නට කාරණාවක් නොවන බව මේ පිළිබඳව…

(0)Comments | June 2, 2014 9:17 am

වාහන එකලස් කිරීමේ සමාගම් වලට අවසරදීම අත්හිටුවයි

දේශීය වෙළඳ පොළේ අලෙවි කරන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලා මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබෙන බවත් එම කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම සඳහා රජය කමිටුවක් පත්කර තිබෙන බවත් අනාවරණය වේ. මේ අනුව, රජය දිගු කාලීනව බලාපොරොත්තු වන්නේ දේශීය වෙළඳ පොළ වෙනුවෙන් වාහන එකලස් කරන සමාගම්…

(0)Comments | May 30, 2014 4:34 am

රාජ්‍ය බැංකු කොයිබටද ? මෙන්න විස්තරේ

ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශේෂ පත්‍ර තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා  රජයේ දෙපාර්තමේන්තු, ආයතන හා රාජ්‍ය ව්‍යාපාර මෙම බැංකු වලට දිගු කාලීනව නොගෙවූ ණය පියවීම සඳහා රජය බලාපොරොත්තු වනබව අනාවරණය වේ. මීට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම බැංකු තුන විසින් සිදුකර තිබෙන මෙතෙක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු…

(0)Comments | May 28, 2014 12:12 pm

ලංකාවේ හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස්සට හැරේ

කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළිදක්වා තිබෙන නවතම විශ්ලේෂණ වාර්තාවක් මගින් හෙළි වන්නේ මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙද්දී කුඩා මෝටර් රථ ලියාපදිංචිය අඩුවන බවයි. 2014 අප්‍රේල් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන විශ්ලේෂණ වාර්තාව මගින් මෙම කරුණු හෙළිවේ. මේ අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ටොයොටා සහ හොන්ඩා…

(0)Comments | May 26, 2014 8:55 am

ටච්වුඩ් පැරණි කළමනාකාරීත්වයට එරෙහිව විනිමය කොමිසම අධිකරණයට

අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ පෙර කළමනාකාරීත්වය සිදුකර ඇතැයි තහවුරු කරගෙන තිබෙන වංචාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව සූදානම් වනබව අප වෙත අනාවරණය වේ. සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ කරගනිමින් මෙම කළමනාකාරීත්වය විසින් සිදුකළ වංචාවන් පිළිබඳව සොයා බලා තිබෙන…

(0)Comments | May 23, 2014 6:16 am

ෆිච් විසින් හැටන් නැෂනල් බැංකුවට දුන් අළුත්ම සහතිකය මෙන්න

ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් හැටන් නැෂනල් බැංකුවේ ජාතික දිගු කාලීන ණය වර්ගීකරණය AA-(lka) ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ. මීට අමතරව, බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඇප රහිත ණයකරවල (senior unsecured debentures) ණය වර්ගීකරණය AA-(lka) ලෙස ෆිච් සහතික කර තිබෙන අතර පහළ මට්ටමක ශ්‍රේණිගත කර තිබෙන ණයකරවල (subordinated redeemable debentures) වර්ගීකරණය A+(lka) ලෙස සහතික…

(0)Comments | May 22, 2014 5:11 am

ලංකාවට බලපෑම් කිරීමේ ජයලලිතාගේ බලය මැතිවරණ ප්‍රතිඵල වලින් වැඩි වුණාද ?

භූමි ප්‍රමාණය අනුව ඉන්දියාවේ 11 වන විශාලතම ප්‍රාන්තය සහ ජනගහනය අනුව 07 වන ප්‍රාන්තය වන තමිල්නාඩුවේ බලය, මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවට දැඩි විරෝධතාවයක් දක්වන ජයලලිතා ජෙයරාම්ගේ පක්ෂය ඉතා ඉහළින් ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මේ නිසා, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හරහා ජයලලිතා ප්‍රමුඛ තමිල්නාඩුවට ශ්‍රී ලංකාවට වෙනදාට වඩා පීඩනයක් එල්ල කළ…

(0)Comments | May 16, 2014 7:24 am

මෝඩිගේ වාසනාව සමග එන අපේ අපනයන කරුවන්ගේ වාසනාව

නරේන්ද්‍රසිං මෝඩිගේ ප්‍රධානීත්වයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණය උඩින්ම ජයගනිමින් සිටීම හමුවේ ඉන්දීය රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙයට හේතුවී තිබෙන්නේ මෙම නව දේශපාලන පෙරළිය හමුවේ විශ්වාසය තබා ඇති ආයෝජකයින් එරට කොටස් වෙළඳ පොළේ සහ ණය වෙළඳ පොළේ ආයෝජන වැඩි කිරීමයි. මේ නිසා, එරටට ගලා එමින්…

(0)Comments | May 16, 2014 5:47 am

මාස 03කදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 15.9 ක් ගෙවයි. මෙන්න! අළුත්ම ගිණුම් වාර්තා

සිගරැට් අලෙවියේ මෙරට ඒකාධිකාරී බලය හිමිකර ගෙන සිටින ලංකා දුම්කොළ සමාගම සිය නවතම ගිණුම් වාර්තාව වන 2014 මාර්තු කාර්තුවේ ගිණුම් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ගිණුම් වලින් අනාවරණය වන්නේ 2014 පළමු කාර්තුවේදී සමාගම විසින් රජයේ ආදායමට රුපියල් බිලියන 15.9 කින් දායකවී තිබෙන බවයි. මෙය 2013 මාර්තු කාර්තුවට වඩා රුපියල් මිලියන 800 ක වැඩිවීමකි. සමාගම විසින් 2014…

(0)Comments | May 10, 2014 6:57 am

මෙන්න! ඩයලොග් ගිණුම් වාර්තා වලින් හෙළිවන නවතම තොරතුරු

ඩයලොග් ආසිආටා සමාගම විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ පසුගිය වසරේ මාර්තු කාර්තුවට සාපේක්ෂව 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 21 කින් පහළ ගොස් රුපියල් බිලියන 1.25 ක්වූ බවයි. 2014 මාර්තු කාර්තුවේදී සමූහයේ ආදායම සියයට 07 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.3 ක් වෙද්දී වියදම රුපියල් බිලියන 9.8 ක් දක්වා සියයට…

(0)Comments | May 10, 2014 5:49 am