2014 දෙසැම්බර් මාසය වනවිට ඩොලර් මිලියන 8,208 ක මට්ටමක තිබූ මෙරට නිළ විදේශ සංචිතය (official foreign reserves) 2015 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 7,261 ක් දක්වා පහත බැස තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ. මෙරට විදේශ සංචිතය 2014 අගෝස්තු මාසය වනවිට ඩොලර් මිලියන 9,200 ක් තරම් ඉහළ අගයක පවා පැවතුණි. විශ්ලේෂකයින් විසින් පසුගිය…
නව රජයේ අතුරු අයවැය මගින් බදු අඩුකරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හමුවේ පාරිභෝගික මිල ගණන් වැඩිවීම සහ රුපියල කෙරෙහි පීඩනයක් ඇති වෙමින් තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස නොකර තබා ගැනීමට තීරණය කර තිබේ. මහ බැංකුව පවසා තිබෙන්නේ පුද්ගලික අංශය ලබාගත්…
නව රජයේ අතුරු අයවැය මගින් දුරකතන සමාගම් වලට එරෙහිව පනවා තිබෙන බදු අසාධාරණ බවත් ඒ තුළින් එම සමාගම්වල ඉදිරි ආයෝජන දුර්වල වනු ඇති බවත් ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
පසුගිය ජනවාරි මාසයේදී මෙරට ජනාධිපතිවරණ උණුසුමක් පැවතියක් එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 2014 ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 6.6 කින් වර්ධනය වී තිබෙන අතර සංචාරකයින් 156,246 ක් පැමිණ තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි. මෙහිදී, ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස වැඩි වෙද්දී රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය පහළ වැටී තිබේ. 2015 ජනවාරි…
වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය. මුදල් අමාත්‍ය රවී…
නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්‍රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි….
නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ…
නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.4 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණත් ආදායම් හිඟය (revenue deficit) රුපියල් බිලියන 149 කින් වැඩිකර තිබීම කැපී පෙනෙන කරුණකි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 වෙනුවෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන සමස්ත ආදායම පසුගිය රජය විසින්…
වත්මන් රජය විසින් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන පෙබරවාරියේදී සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව මීට පෙර සැලසුම් කර තිබුණේ ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ජනවාරි 21 වනදා කල් පිරීම හමුවේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් බිලියන 1.5 ක මුදලක් රැස්කර ගැනීමටයි….
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසින් පත්වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව මහා භාණ්ඩාගර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතාද ප්‍රමුඛව රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජනවාරි මාසයේදී නොවෙනස්ව තබා ගැනීමටයි. උද්ධමන අනුපාතය සියයට 04 කට අඩු මට්ටමක…
Video Story