Analysis

අයවැය හිඟයේ ඉලක්කය සපුරා ගැනීම අසීරුයි. බදු ආදායමත් පහළ යන ලකුණු -මූල්‍ය අරමුදල අපට අනතුරු හඟවයි

ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි. මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම…

(0)Comments | May 6, 2015 7:07 am

කොළඹ නංවන සිංගප්පූරු Western Region Megapolis සැලැස්ම යනු කුමක්ද ?

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය…

(0)Comments | May 5, 2015 7:56 am

ශ්‍රී ලංකන්, මදය නැති හිස් ටින් එකක්

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන බවත් එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා තිබෙන බවත් අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී…

(0)Comments | May 2, 2015 10:06 am

ගිය ආණ්ඩුවේ දත්ත වලින් අළුත් ආණ්ඩුව ආර්ථික වර්ධනය පෙන්වයි. මෙන්න! වර්ධනය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින් ඉහළ ගොස් තිබේ. 2013 වසරේදී මෙරට ආර්ථීක වර්ධනය සියයට 7.2 ක් විය. මහ බංකුව සඳහන් කර තිබෙන්නේ පසුගිය වසරේදී මෙරට කර්මාන්ත අංශය සියයට 11.4 කින්ද…

(0)Comments | April 30, 2015 5:58 am

තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත මගින් රට දැනගත යුතු වැදගත් ආර්ථික දත්ත එළියට පැමිණීම සීමාවීමේ ඉඩකඩක් නිර්මාණය වීමේ අවධානමක් තිබෙන නිසා මේ පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුබව විශ්ලේෂකයින් සඳහන් කරයි. කෙටුම්පත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබී තිබේ. විශ්ලේෂකයින් අනතුරු හඟවන්නේ…

(0)Comments | April 25, 2015 8:29 am

දේශපාලන අස්ථාවරත්වයෙන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ලෙඩවෙලා -BBC

වත්මන් රජයේ ආයෝජන ප්‍රතිපත්තිය පැහැදිලි නොමැති නිසා විදෙස් ආයෝජකයින් මේ වනවිට මෙරට ආයෝජන කටයුතු සිදුකිරීම පමාකර තිබෙන බවත් ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා තිබෙන බවත් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. මාධ්‍යවේදී ඩේවිඩ් රීඩ් කොළඹ සිට වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යෝජිත ප්‍රතිසංස්කරණ සිදුවන තුරු ආයෝජකයින් බලා සිටින බවයි. මෛත්‍රීපාල සිරිසේන…

(0)Comments | April 23, 2015 5:25 am

බෑනාට සම්බන්ධ සමාගම ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍යයි. පුළුල් විමර්ශනයක් ඕනෑ -විමර්ශන කමිටුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ආන්දෝලනයට තුඩුදුන් වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට මහ බැංකුවේ අධිපතිවරයා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත්…

(0)Comments | April 19, 2015 5:32 pm

යටිතල ව්‍යාපෘති ඇණ හිටීමෙන් අපේ වර්ධනය පහළ යන ලකුණු

නව රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ඇගයීමට ලක්කිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඩුවී 2015 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය ගිය වසරට සාපේක්ෂව සියයට 6.9 ක් දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව බලාපොරොත්තු පළකර තිබේ. ලෝක බැංකුවේ South Asia Economic Focus report නැමති වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙන අතර මෙමගින් අනතුරු හඟවා තිබෙන්නේ…

(0)Comments | April 17, 2015 4:22 am

මහ බැංකුව අනපේක්ෂිත ලෙස පොලිය අඩු කරයි

රාජ්‍ය වියදම් පියවා ගැනීමට දේශීය වෙළඳ පොළින් රජය දැවැන්ත ලෙස ණය ගනිමින් සිටියත් මෙරට වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ අප්‍රේල් මාසයේදී අඩු කිරීමට මහ බැංකුව අනපේක්ෂිත ලෙස කටයුතු කර තිබේ. මේ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාත (policy interest rates) සියයට 0.5 කින් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කර…

(0)Comments | April 15, 2015 12:34 pm

සෙපා ගිවිසුම මර උගුලක්ද ? අද්විතීය අවස්ථාවක්ද ? –Video Interview

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී සඳහන් කළේ විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සෙපා ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාව ඉදිරියට ගමන් කිරීම වැදගත් බවයි. මෙම ගිවිසුම ලංකාවට අවශ්‍යද ? නැද්ද ? යන මැයෙන් පැවැත්වූ විශේෂ වාද පිටිය වැඩසටහන මෙන්න.

(0)Comments | April 3, 2015 9:46 am