Analysis

ෆිච් ජෝන් කීල්ස් ණය ශ්‍රේණිය පහළ දමයි. මෙන්න! ජෝන් කීල්ස් වෙතින් උත්තර

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ (JKH) ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය AAA(lka) සිට AA+(lka) දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මෙම සමාගම ප්‍රවාහන, සංචාරක, දේපොළ, පාරිභෝගික භාණ්ඩ, සිල්ලර සහ මූල්‍ය සේවා සම්බන්ධ ව්‍යාපාරික කටයුතු සිදුකරන හොඳින් විවිධාංගීකරණය වූ සමූහයකි. ‍ ෆිච්…

(0)Comments | September 3, 2014 2:26 pm

ඇමරිකන් ආයෝජකයින් පොරකෑ NSB ජාත්‍යන්තර බැඳුම්කරේට වුණේ කුමක්ද?

ඩොලර් මිලියන 250 ක් රැස්කර ගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඊයේ දියත් කළ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය (Bond) බැංකුවට වාසි සහගත ඉතා ආකර්ශනීය පොලී අනුපාතයකට විකුණා අවසන් කිරීමට සමත්ව තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවාව අනාවරණය කරන්නේ මෙම නිකුතුවේ මූලික පොලී මාර්ගෝපදේශනය (Initial Price Guidance) සියයට 5.5 ක් ලෙස දක්වා තිබුණත් අවසානයේදී එය…

(0)Comments | September 3, 2014 4:16 am

බිම්පුත්, සිංහපුත්‍ර තුළට තවත් ඇතුළු වේ

සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සියයට 24.99 ක කොටස් කොටසක් රුපියල් 275 ක් බැගින් බිම්පුත් ෆයිනෑන්ස් සමාගම විසින් අද මිලදීගෙන තිබේ. මේ අනුව, මෙහිදී කොටස් මිලියන 1.5 ක් මිලදීගෙන තිබෙන අතර මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 412 කට වැඩිය. මෙම මිලදීගැනීමෙන් පසුව බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සතුවන සිංහපුත්‍ර ෆයිනෑන්ස් කොටස් ප්‍රමාණය සියයට 25.5 කි.

(0)Comments | September 2, 2014 12:59 pm

තේක්ක වැවූ ටච්වුඩ් සියළු බැංකු ගිණුම්වල ඇත්තේ එක් ලක්ෂ පන් දහසයි

කලක් මෙරට තේක්ක ආයෝජන ව්‍යාපෘති සිදුකර පසුව අර්බුදයට පත්වූ ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ සියළුම බැංකු ගිණුම්වල මේ වනවිට තිබෙන්නේ රුපියල් 105,720.17 ක මුදලක් පමණක් බව අනාවරණය වේ. මෙම සමාගම ඈවර කිරීම (Liquidate) සඳහා පත්කර තිබෙන ඈවරකරුවා (Liquidator) වන ජී.කේ. සුදත් කුමාර් මහතා වෙත ඉදිරිපත් කර තිබෙන සමාගමේ වත්කම් හා වගකීම් පිළිබඳ වාර්තාවෙන් මේ බව හෙළිවේ….

(0)Comments | September 1, 2014 12:32 pm

වෑගපිටිය අළුත් වැඩක් දෙයි. මූලික ආයෝජනය ඩොලර් මිලියන 6.9 ක්

එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාවක් මිලදීගැනීමට මූලිකව ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලාෆ්ස් ගෑස් සමූහය සූදානම් වනබව අනාවරණය වේ. මේ බව ලාෆ්ස් ගෑස් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා කොළඹ කොටස් වෙළඳ පොළට හෙළිකර තිබෙන අතර මෙම ගෑස් ප්‍රවාහනය කිරීමේ නෞකාව මිලදීගැනීම සඳහා මේ වනවිට අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ….

(0)Comments | September 1, 2014 9:14 am

නේපාලයේ චෞද්‍රිලාත් අපේ සංචාරක කර්මාන්තයට එක්වෙයි

බෙන්තොට සර්ෆ් හෝටලය, තිස්සමහාරාමයේ සෆාරි හෝටලය ඇතුළු හෝටල් 05 ක සහ තානායම් 13 ක අයිතිය හිමි Ceylon Hotels Corporation PLC සමාගම නේපාලයේ සුප්‍රසිද්ධ චෞද්‍රි ව්‍යාපාරික හවුලට අයත් දැවැන්ත සමාගම් සමූහයක් සමග එක්ව නව සංචාරක සමාගමක් ඇරඹීමට ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමට අනුව Ceylon Hotels Corporation PLC සමාගම විසින් Ceylon Holidays Holdings (Pvt) නමින් නව ඒකාබද්ධ සමාගමක්…

(0)Comments | August 29, 2014 7:26 am

“කාර්ගීල්ස් ෆුඩ් සිටි“ වලට ලෝක බැංකු ආයෝජනයක්

කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ එහි සිල්ලර ව්‍යාපාරික කටයුතු සිදුකරන කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සියයට 08 ක කොටස් සඳහා රුපියල් මිලියන 2550 ක් හෙවත් ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) ගිවිසුමකට එළඹෙයි. මෙම ආයෝජනය සඳහා අවශ්‍ය අනුමැතීන් ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) සහ කාර්ගීල්ස්…

(0)Comments | August 25, 2014 10:17 am

චීන පරිවර්තකයින් හෙට අනිද්දාම මෙරට වැඩ පටන් ගැනීමට යයි

චීන සංචාරකයින් මෙරටට පැමිණීම විශාල ලෙස වැඩිවී තිබෙන බවත් වැඩි කාලයක් යෑමට පෙර මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් එන රට චීනය වනු ඇති බවත් සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති (Sri Lanka Inbound tour operator’s association) මහේන්ද්‍ර කාරියවසම් මහතා කියයි. අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරටට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක මග පෙන්වන්නන් සමග…

(0)Comments | August 25, 2014 9:40 am

ගාල්ලට කාමර 100 ක තවත් සුපිරි හෝටලයක්

Asia Capital PLC සමාගමට අයත් Asia Leisure සමාගම විසින් ජපාන ආයෝජනයක්ද සමගින් රුපියල් බිලියන 1.8 ක වියදමින් කාමර 100 ක සුඛෝපභෝගී හෝටලයක් ගාල්ලේ ඉදිකිරීමට සූදානම් වේ. සමාගම පවසන්නේ මෙම හෝටලය ගාල්ලේ මුහුදු වෙරළට මායිම් වූ අක්කර දෙකක ඉඩමක ඉදිකරන බවත් මෙම ඉඩම සමාගම විසින් මේ වසර මුලදී මිලදීගත් එකක් බවයි. මෙම හෝටලයේ ඉදිකිරීම් වියදම් වලින්…

(0)Comments | August 22, 2014 4:24 am

Exclusive- අපේ PayPal සිහිනයට බාලගිරි දෝසේ. බලාපොරොත්තු බිඳෙයිද?

ලොව ජනප්‍රියතම මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් කඩිනමින් ලංකාවට හඳුන්වාදීමට මහ බැංකුව උත්සාහ කළද එම සේවාව මෙරටට හඳුන්වාදීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම දැඩි ප්‍රමාදයට හේතුවී තිබෙන්නේ ලංකාවට මෙම සේවාව හඳුන්වාදීම සඳහා පේපෑල් ලොකු උනන්දුවක් නොදැක්වීමත් සේවාව හඳුන්වාදීමට පෙර එය ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි ආකාරය…

(0)Comments | August 21, 2014 7:09 am