Analysis

සුපිරි වාසි බද්ද මේ පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණොත් මොකද වෙන්නෙ?

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබෙන සුපිරි වාසි බද්ද (Super Gain Tax), මන්දිර බද්ද (Mansion Tax) ඇතුළු බදු සඳහා වත්මන් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවහොත් ඒවා සඳහා ලබන පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගන්නා බවත් මේ නිසා මෙම බදුවල නෛතිකභාවයට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම බදු පාර්ලිමේන්තුවේ…

(0)Comments | June 17, 2015 9:41 am

අර්ථ සාධකේ 30% ගන්නෙ කොහොමද ? කම්කරු අමාත්‍යංශයේ ලේකම් කතා කරයි

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින් සඳහා ඔවුන්ට හිමි සමස්ත ශේෂයෙන් සියයට 30 ක් ලබාගත හැක්කේ නිවසක් ඉදිකිරීම, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදීගැනීම, නිවාස දේපොළක් මිලදී ගැනීම, නිවාස දේපොළක් මත ඇති උකස් බේරුම් කිරීම හෝ අනුමත බැංකුවකින් ලබාගත් ණයක ඉතිරි මුදල බේරුම් කිරීම සඳහා යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි. කම්කරු අමාත්‍යංශයේ ලේකම් හේරත් යාපා…

(0)Comments | June 10, 2015 8:11 am

කෙයාන් අත්හැර ගිය අපේ ගෑස් සම්පත මෙවර කාටද?

ඉන්දියානු කෙයාන් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු වලින් පසුගියදා ඉවත් වීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී තවත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේය. මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින්…

(0)Comments | June 9, 2015 1:09 am

රජයේ දේශීය ණය තොගය දැවැන්ත ලෙස ඉහළට

රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබෙන අතර පසුගිය බදාදා වනවිට පසුගිය වසරේ අදාළ කාලයේ ලබාගත් දේශීය ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බව නවතම දත්ත හෙළිකරයි. පසුගිය බදාදා දක්වා මේ වසර තුළදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින්…

(0)Comments | June 8, 2015 5:25 am

Exclusive- මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් ව්‍යාපාරික සැලසුමක්

පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ. මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට…

(0)Comments | June 3, 2015 8:21 am

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම පමා කළේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන්ගෙන් උත්තර

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ…

(0)Comments | June 1, 2015 8:15 am

රුපියල අවප්‍රමාණය වීම ගැන මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්නේ ඩොලරය ශක්තිමත් වීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. මේ දිනවල රුපියල අවප්‍රමාණය වන්නේ මන්දැයි අප විමසූ විට මහ බැංකු අධිපතිවරයා පැවසුවේ එය මෙරට ප්‍රශ්නයක් නොවන බවත් ඩොලරය ශක්තිමත්වීම නිසා මෙය සිදුවන බවයි. මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින්…

(0)Comments | May 29, 2015 11:25 am

ඡන්ද ගන්න තවත් ජනප්‍රිය පොරොන්දු එපා. ආර්ථිකය අර්බුදයේ -පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි. ඉදිරි මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සිය…

(0)Comments | May 27, 2015 8:07 am

වටරවුම් මාර්ගයේ පිරිවැය චෝදනා ගැන චීනය අවදිවෙයි. මෙන්න! උත්තර

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි. මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය. පිටත වටරවුම්…

(0)Comments | May 25, 2015 7:53 am

රුපියල අවප්‍රමාණය වෙද්දී මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ. මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී…

(0)Comments | May 22, 2015 5:11 am