පසුගිය වසරේදී අලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ශ්‍රී ලංකාව ලැබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරග ජයග්‍රහණය හමුවේ මේ වසරේදී ලාභ ලබනු ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, නුස්කි මොහොමඩ් මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “2012 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලැබුවා. කෙසේවෙතත්, ගිය වසරේදී ලැබුවේ අලාභයක්….
වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස මේ අප්‍රේල් මාසයේදීත් නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි. මහ බැංකුව පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් රාජ්‍ය අංශය ලබාගන්නා ණය ප්‍රමාණය අඩුවෙමින් තිබීම නිසා පුද්ගලික අංශයට වැඩිපුර ණය ලබාගැනීමේ අවස්ථාවක් මේ…
මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් සඳහා අරමුදල් ලබාගැනීමට ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් සියයට 70 ක්ම පුද්ගලික ආයෝජන මගින් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවයි. “ව්‍යාපෘතිය…
පසුගිය වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2012 වසරට වඩා අඩුවී තිබේ. මේ අනුව, 2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.9 ක් වෙද්දී පසුගිය වසරේ එම ප්‍රමාණය සියයට 13.1 ක් දක්වා අඩුවිය. මෙයට හේතුවී තිබෙන්නේ මෝටර් රථ ආනයන ඇතුළුව ආනයන බදු අඩුවීමත් රජයේ ආයතනවල ලාභය අඩුවීමයි. මීට අමතරව,…
ලෝක වෙළඳ පොළේ දිගින් දිගටම රත්රන් මිල අඩුවීම නිසා රත්රන් ඇපයට තබා ණය ලබාදුන් බැංකු විශාල අර්බුදයකට පසුගිය කාලයේදී මුහුණ දුන් අතර මේ නිසා රත්රන් ඇපයට තබා ණය ලබාදීම මෙරට බැංකු විසින් අඩු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගිය වසරේදී මෙරට බැංකු ක්‍රමය විසින් පුද්ගලික අංශයට නිකුත් කළ ණය අඩුවීමට ප්‍රධානතම හේතුව වූයේ රන්…
කොළඹ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මොනෝරේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ආරම්භ කිරීම සඳහා රජයේ අවධානය යොමුව පවතින බව අප මෙයට පෙර වාර්තා කළේය. මෙරටට මෙවැනි දුම්රිය සේවාවක තිබෙන අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කර තිබේ. 2013 මහ බැංකු වාර්තාවේ මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා නාගරික…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී වාර්තාකළ මෙහෙයුම් අලාභය 2012 වසර සමග සැසඳීමේදී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ අනුව, 2013 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 5.2 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබෙන අතර 2012 වසරේදී වාර්තා කර තිබුණේ රුපියල් බිලියන 3.8 ක මෙහෙයුම් අලාභයකි. පසුගිය වසරේදී මගීන් විසින් මෙරට දුම්රිය සේවාවන් වැඩි වශයෙන්…
ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා සිදුකළ වසර පහේ ජාත්‍යන්තර බැඳුම්කරයට 08 ගුණයක පමණ ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර එහි පොලී අනුපාතය සියයට 5.125 ක් ලෙස තීරණය වී ඇත. පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් මිලියනයක් රැස්කර ගැනීම සඳහා ලංකාව නිකුත් කළ බැඳුම්කරයේ පොලිය සියයට 6.0 ක් විය. මෙවර බැඳුම්කරයෙන් සියයට 46 ක් ඇමරිකානු…
ඇමරිකාව විසින් මාර්තු මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා රැකියා උත්පාදනය කිරීමට සමත්ව ඇතැයි අනාවරණය වීමත් සමග ලෝක වෙළඳ පොළේ රත්රන් මිල ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 18.90 කින් හෙවත් සියයට 15 කින් ඉහළ ගොස් රත්රන් අවුන්සයක මිල ඩොලර් 1303.50 ක්වී තිබෙන බවයි. මාර්තු 25 වනදායින් පසුව ලෝක වෙළඳ පොළේ වාර්තාවන…
ටික කාලයක් යනතුරු ඉදිරියේදී පොලිය අඩු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මහ බැංකුව පසුගිය කාලයේදී අවශ්‍ය ප්‍රමාණයට මෙරට පොලී අනුපාත අඩුකළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ පදනම් අංක 25 ක් වැනි ප්‍රමාණ වලින් පොලිය අඩුකරනවා වෙනුවට පසුගිය කාලයේදී මහ බැංකුව විසින් වාණිජ…
Video Story