Analysis

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ශුද්ධ විදේශ ගලායාම් රු. බිලියන 4.14 යි.

2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි සඳු දින ආරම්භවීමට නියමිතය. සම්ප්‍රදායිකව වසරේ පළමු දිනය හෙවත් ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. 2015 වසර ආරම්භයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස්…

(0)Comments | January 2, 2016 8:17 am

රුපියලේ බාල්දුවෙන් තෙල් මිල අඩුවීමේ වාසිය නැතිවෙයි?

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. ඊයේ දිනය වනවිට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35.62 දක්වා ද, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.93 දක්වා ද පහළ බැස තිබුණි. මේ අනුව 2003 වසරෙන් පසුව දක්නට ලැබුණු අඩුම බොරතෙල් මිල මට්ටම ලෙස මෙය වාර්තා වේ. 2003 නොවැම්බර් මාසයෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර්…

(0)Comments | December 14, 2015 5:45 am

ජපනුන් අභිබවා යාමට චීනුන් සමත්වෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව ආසියාවේ උසස් තාක්ෂණික උපාංග අපනයනයේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ. ඒ මෙතෙක් කලක් එම ස්ථානයේ වැජඹුණු ජපානය අභිබවමිනි. වෛද්‍ය උපකරණ, ගුවන් යානා හා විදුලිසංදේශ උපකරණ වැනි දෑ මෙහිදී උසස් තාක්ෂණික උපාංග ගණයෙහිලා සැලකෙන අතර ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ 2000 වසරේ දී 9.4% ක්ව පැවති එම කාණ්ඩයේ චීන…

(0)Comments | December 8, 2015 5:05 am

වාහන වෙළෙඳපොළ මන්දගාමී විය හැකියි – ෆිච් රේටිංග්ස් ලංකා

ඉදිරි 2016 වසර තුළ මෙරට රථවාහන වෙළෙඳපොළ වර්ධනය මන්දගාමී විය හැකි බව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය සඳහන් කර සිටී. ඉහළ බදු පැනවීම, රුපියල අවප්‍රමාණය වීම යනාදී කරුණු මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පවසන ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය පහත කරුණු තවදුරටත් අනාවරණය කර සිටී. විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ඉදිරියේ…

(0)Comments | November 27, 2015 7:37 am

සිගරට් මිල වැඩි වෙද්දී, සමාගමේ ලාභයි – ආණ්ඩුවේ බදු ආදායමයි දෙකම වැඩි වෙලා

ලංකා දුම්කොළ සමාගමේ 2015 වසරේ පළමු මාස 09 සඳහා වන මූල්‍ය වාර්තාව නොබෝදා එළිදක්වනු ලැබීය. එහි සඳහන් වන පරිදි 2015 පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.6 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය වසරේ පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණයට වඩා…

(0)Comments | November 9, 2015 6:37 am

Carmudi.lk වෙතින් මෙරට රථවාහන ලීසිං ඉතිහාසය ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන අලෙවිකරුවකු වන Carmudi.lk වෙබ් අඩවිය මෙරට රථවාහන වෙළඳපොළේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය සහ රථවාහන මූල්‍ය සේවාවන්හි ප්‍රවණතා සම්බන්ධ සුවිශේෂී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමට කටයුතු කළේය. ‘ශ්‍රී ලංකාවේ මෝටර් රථ මූල්‍ය සම්පාදනය‘ (Car Financing in Sri Lanka) යන මාතෘකාව යටතේ එළිදක්වා ඇති මෙම වාර්තාව පුළුල් ඓතිහාසික දත්ත මත පදනම් වී ඇත. මෙහිදී රථවාහන වෙළඳපොළේ සමස්ත…

(0)Comments | November 6, 2015 4:53 am

සැපයුම වැඩි වෙයි. බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතී. ඊයේ දිනය (ඔක්තෝබර් 27) වන විට ලෝක බොරතෙල් මිල තීරණය කිරීමෙහිලා සැලකෙන ප්‍රධාන මිණුම් ලෙසින් දැක්වෙන West Texas Intermediate බොරතෙල් බැරලයක මිල ඩොලර් 43.20 ක් ලෙසින් වාර්තා වූ අතර, Brent බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 46.81 ක් වශයෙනි. මෙම මිල මට්ටම් පසුගිය මාස දෙකක කාලය…

(0)Comments | October 28, 2015 8:01 am

විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ හැටි මෙන්න! බිලියන 50 ක් බැංකු වලට තාම ණයයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2015 මුල් මාස හතර තුළදී රුපියල් බිලියන 13.7 ක ලාභයක් වාර්තා කර ඇතැයි අනාවරණය වේ. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) හෙළිවන අතර මෙහි සඳහන් වන්නේ මෙම කාලයේදී ජල විදුලි උත්පාදනය සියයට 37.6 කින් වර්ධනය වී තිබෙන…

(0)Comments | September 24, 2015 5:35 am

සියළුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ගිලිහේ

සියළුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන රැසක පරිපාලනය වර්තමාන රජය විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබේ. මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඉරාන් වික්‍රමරත්න මහතායි. මීට පෙර, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,…

(0)Comments | September 22, 2015 5:27 am

විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්

නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ. මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි. කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30…

(0)Comments | September 16, 2015 7:18 am