Analysis

ජනාධිපතිවරණය මැද්දේ සංචාරකයින් ආවේ මෙහෙමයි

පසුගිය ජනවාරි මාසයේදී මෙරට ජනාධිපතිවරණ උණුසුමක් පැවතියක් එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 2014 ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 6.6 කින් වර්ධනය වී තිබෙන අතර සංචාරකයින් 156,246 ක් පැමිණ තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි. මෙහිදී, ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස වැඩි වෙද්දී රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය පහළ වැටී තිබේ. 2015 ජනවාරි…

(0)Comments | February 16, 2015 5:03 am

IMF වෙතින් ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලීමට සැරසෙයි

වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය. මුදල් අමාත්‍ය රවී…

(0)Comments | February 13, 2015 12:13 am

අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන්

නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමාගමට පැති කිහිපයකින් පහර පිට පහර වැදීම නිසා සමාගම දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මෙරට ජංගම දුරකතන සම්බන්ධතා ලබාදීමේ වෙළඳ පොළ ඉතාමත් තරගකාරී එකක් වන අතර සමාගම් රැසක් වෙළඳ පොළ තුළ ක්‍රියාත්මකවීම නිසා සමාගම්වල ලාභ පරාස තිබෙන්නේ අඩු මට්ටමකයි….

(0)Comments | February 1, 2015 9:10 am

සුපිරි වාසි බද්දෙන් ව්‍යාපාරික ප්‍රජාව කැළඹේ. බද්දට යටත්විය හැකි සමාගම් මෙන්න!

නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ…

(0)Comments | January 30, 2015 2:43 pm

අළුත් අයවැයෙන් ආදායම් හිඟය බිලියන 149 කින් ඉහළට

නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.4 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණත් ආදායම් හිඟය (revenue deficit) රුපියල් බිලියන 149 කින් වැඩිකර තිබීම කැපී පෙනෙන කරුණකි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 වෙනුවෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන සමස්ත ආදායම පසුගිය රජය විසින්…

(0)Comments | January 29, 2015 5:04 pm

නව රජයෙන් ළඟදීම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක්. ඉඟිය මහ බැංකු අධිපතිගෙන්

වත්මන් රජය විසින් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන පෙබරවාරියේදී සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව මීට පෙර සැලසුම් කර තිබුණේ ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ජනවාරි 21 වනදා කල් පිරීම හමුවේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් බිලියන 1.5 ක මුදලක් රැස්කර ගැනීමටයි….

(0)Comments | January 27, 2015 7:22 am

අභිනව මුදල් මණ්ඩලයේ නවතම පොලී තීරණය මෙන්න!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසින් පත්වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව මහා භාණ්ඩාගර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතාද ප්‍රමුඛව රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජනවාරි මාසයේදී නොවෙනස්ව තබා ගැනීමටයි. උද්ධමන අනුපාතය සියයට 04 කට අඩු මට්ටමක…

(0)Comments | January 27, 2015 5:34 am

ලංකාවේ මාළු අද සිට යුරෝපයට යවන්න බෑ. සමාගම් වැසී යෑමේ අවධානම මැද්දේ දේශීය මාළු මිල බහින ලකුණු

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අද සිට අත්හිටුවා තිබෙන අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් මැසිවිලි නගයි. ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන්නන්ගේ සංගමයේ…

(0)Comments | January 15, 2015 9:36 am

යුනියන් ඇෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණය කැනේඩියානු සමාගමක් අතට

ජෝන් කීල්ස් සමූහයට අයත් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු වලින් සියයට 78 ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.5 කට ෆෙයාර් ෆැක්ස් ඒෂියා ලිමිටඩ් (Fairfax Asia Limited) සමාගමට විකුණා දැමූ බව ජෝන් කීල්ස් කියයි. මෙම ගනුදෙනුවට අදාළ ගිවිසුමට සමාගම එළඹුණේ පසුගිය ජූලි මාසයේදීයි. සමාගමේ සාමාන්‍ය රක්ෂණ කටයුතු වලින් ඉතිරි සියයට 22 ක…

(0)Comments | January 2, 2015 9:49 am

මෙහෙමයි! අපේ උද්ධමනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම මත 2014 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2.1 ක්වී තිබේ. මෙය 2014 නොවැම්බර් මාසයේදී තිබුණේ සියයට 1.5 ක් ලෙසයි. මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස්වීමට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 3.3…

(0)Comments | January 1, 2015 8:27 am