Analysis

CEB සහ CPC සඳහා ජාත්‍යන්තර ඇගයීම් ඉල්ලීමේ සූදානමක්

ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ජාත්‍යන්තර ණය ඇගයීමේ ආයතන වලින් ඇගයීම් ලබාගැනීම සඳහා එම ආයතන යොමු කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වේ. මෙහි මුල් පියවරක් ලෙස මෙම ආයතන විසින් රජයෙන් ලබාගෙන තිබෙන දැවැන්ත ණය මුදල් ආපසු අයකර ගන්නේ නැතිව ඒවා කොටස් බවට හරවා…

(0)Comments | March 20, 2014 10:59 am

ලංකාවේ සංචාරක රාත්‍රියකට වැටෙන ඩොලර් වැඩිවේ

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා හා අගය එකතු කිරීම් වැඩිවීම හමුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් ලංකාවේ රාත්‍රියක් ගත කිරීමට වැයකරන මුදල වැඩිවෙමින් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර කොළඹදී පැවසුවේ මෙරටට පැමිණ සංචාරකයෙකු 2012 වසරේදී රාත්‍රියක් ගත කිරීමේදී වැයකළ මුදල ඩොලර් 103 ක්වූ බවත්…

(0)Comments | March 19, 2014 6:19 pm

අපේ අළුත්ම ආර්ථික වර්ධන දත්ත එළියට

පසුගිය වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2012 වසරට සාපේක්ෂව සියයට 7.3 කින් වර්ධනය වූ බවත් පසුගිය හතරවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 8.2 කින් වර්ධනය වූ බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත ඉදිරිපත් කරමින් කියයි. මේ අනුව, පසුගිය හතරවන කාර්තුවේදී කෘෂි කර්මාන්ත අංශය සියයට 10.4  කද, කර්මාන්ත අංශය සියයට 10.7 කද,…

(0)Comments | March 17, 2014 11:00 am

පොදු ATM පද්ධතියට එන්න බැංකු පෝලිමේ

මෙරට ජාතික ගෙවීම් යටිතල පහසුකම් සපයන්නා වන ලංකා ක්ලියර් විසින් මෙරට බැංකු හා මූල්‍යායතනවල ගෙවීම් හා පියවීම් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙරට සියළුම මූල්‍ය ආයතන වලට ඒකාබද්ධව පරිහරණය කිරීමට පසුගියදා හඳුන්වා දුන් පොදු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයට (Common ATM Switch) ළඟදීම තවත් බැංකු කිහිපයක්ම එක්වීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා…

(0)Comments | March 16, 2014 5:05 am

අප්‍රේල් සිට මෙරට ලිහිසි තෙල් වෙළඳ පොළ පොර පිටියක් වන ලකුණු

ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ තවදුරටත් පුළුල් කරමින් ලිහිසි තෙල් අලෙවිය සඳහා අළුතින් තවත් සමාගම් 15 සිට 20 ක් දක්වා ප්‍රමාණයකට ලබන අප්‍රේල් මාසය වනවිට අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වේ. මේ වනවිට, මෙරට වෙළඳ පොළේ ලිහිසි තෙල් අලෙවිකරන සමාගම් 13 ක් තිබෙන අතර අළුතින් වෙළඳ පොළට පිවිසීම සඳහා සමාගම් 20 ක්…

(0)Comments | March 12, 2014 3:59 am

බැංකු පොලිය කොයිබටද ?

රටක ආර්ථික ක්‍රියාකාරීත්වයට බැංකු පොලිය ඉතාමත් වැදගත් සාධකයකි. මන්දයත් පොලී අනුපාත අඩුවන විට බැංකු වලින් වැඩිපුර ණය අරගන්නා පුද්ගලික අංශය වැඩිපුර ආර්ථික කටයුතු සිදු කිරීමත් පොලී අනුපාතය වැඩිවන විට ලබාගන්නා ණය ප්‍රමාණය අඩුකර ආර්ථික කටයුතු අඩු කිරීමත් නිසාය. බැලූ බැල්මට ණයක් ගැනීම හිස් දෙයක් සේ පෙනුණත් පාරිභෝජන අපේක්ෂාවන්ගෙන් තොරව ආයෝජන සඳහා ණය ලබාගැනීම ආර්ථික වර්ධනය…

(0)Comments | March 8, 2014 5:20 am

විදේශිකයින් කොටස් විකිණීමේ රැල්ල වැඩිවුණේ ඇයි ?

මේ දිනවල කොළඹ කොටස් වෙළඳ පොළේ දකින්නට තිබෙන ප්‍රවණතාවයක් වන්නේ මෙරට මහා පරිමාණ සමාගම්වල විදේශීය ආයෝජකයින් මිලදීගෙන තිබෙන කොටස් විශාල ප්‍රමාණයෙන් විකුණන රැල්ලක් මතුවීමයි. පසුගිය සති කිහිපයේදී මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා කොටස් විකුණා විදේශීය ආයෝජකයින් සිය මුදල් තම රට වලට රැගෙන ගියේය. මෙම රැල්ලට හේතුව පසුගිය කාලයේදී ඇමරිකානු මහ බැංකුව විසින් දිගින් දිගටම…

(0)Comments | March 7, 2014 11:33 am

Whither bank interest rates?

Bank interest rates are a crucial factor in a country’s economic performance. The reason is due to the private sector obtaining more loans from the banks when interest rates are low and engaging in more economic activities and slowing down their economic activities whenever bank interest rates rise. Though at first glance obtaining loans would…

(0)Comments | February 25, 2014 6:16 am

Has Sri Lanka’s prosperity really increased?

It is a normal human tendency to shout about the losses incurred but keep quite whenever profits are gained. The story that most relate in this country is how they continue to live amidst great hardships while managing their daily expenses. However, while publishing its latest data, the Sri Lanka Central Bank has stated Sri…

(0)Comments | February 24, 2014 7:29 pm

ඇත්තටම අපේ සෞභාග්‍යය වැඩි වෙලාද ?

බොහෝවිට පාඩු පිළිබඳව හඬ නගා කිව්වද ලාභයක් ලැබූ විට කට පියාගෙන සිටීම සාමාන්‍ය මිනිස් ගතියකි. එදිනෙදා වියදම් පියවාගෙන ජීවත් වන්නේ බොහෝම අමාරුවෙන් බව අපේ රටේ බොහෝ දෙනෙකු කියන කතාවකි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත ඉදිරිපත් කරමින් පවසන්නේ අපගේ සෞභාග්‍යය වර්ධනය වී ඇති බවයි. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙරට සෞභාග්‍යය 2008 වසරේ සිටම…

(0)Comments | February 20, 2014 7:25 am