ශ්රී ලංකාව පසුගිය සමයේදී මුහුණ දුන් අසීරු ආර්ථික තත්ත්වයන් ක්‍රමයෙන් කළමනාකරණය කර ගනිමින් සිටින මේ මොහොතේදී ආනයන සීමාවන් ලිහිල් කිරීම ඉතා සැළකිලිමත්ව සහ දීර්ඝ කාලීනව දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයන්ට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීම වැදගත්ය. ඉතා දීර්ඝ කාලයක් පුරා රටක් වශයෙන් අප ණයට ගත් මුදලින් අසීමිතව භාණ්ඩ ආනයනය කර ණය ගොඩ ගැසීමේ පුරුද්ද වෙනුවට විධිමත් ක්‍රමවේදයන්…
LIRNEasia නම් කලාපීය චින්තන පර්ෂදය විසින් මෑතකදී සිදු කරන ලද ජාතික නියෝජිත (ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද) සමීක්ෂණයකින් පෙන්නුම් කළේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4කින් වැඩි වී ඇති බවයි. 2019 දී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුනු අතර, දැන් (2023) එය මිලියන 7ක් (ජනගහනයෙන් 31%) බවට පත් වී…
ෆිලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පාලනය කල නොහැකි ගෝලීය අර්බුද හේතුවෙන් දැනට ලැබූ ඇති ඇඟළුම් ඇනවුම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 10%කින් පමණ අඩු වී ඇති බැවින් පසුගිය වසරේදී ඇඟළුම් අපනයනයෙන් ඉපැයූ ඩොලර් බිලියන 5ක ඉපැයුම ඩොලර් බිලියනයකින් පමණ අඩුවෙතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය සහ ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. විශේෂයෙන් යුරෝපයේ…
2023 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 දක්වා 16.15% කින් අඩු විය. එපමණක් නොව, එය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි. වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පවතී….
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2023 අප්‍රේල් 2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ…
2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ ද ඇඟලූම් කර්මාන්තයයි….
මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ…
2023 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 මාර්තු මාසයට සාපේක්ෂව 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.96% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,037.5 දක්වා අඩුවී ඇත. එය 2021 මාර්තු මාසයට සාපේක්ෂව 5.14% ක අඩුවීමකි. වර්තමාන ආර්ථික තත්ත්වය හේතු කොටගෙන ප්‍රධාන වෙළෙඳපොළවල භාණ්ඩ ඉල්ලුම පහත වැටීම තවදුරටත් සිදුවෙමින් පවතී.
පසුගිය අප්‍රේල් මාසය තුළ දී විදෙස් සංචාරකයින් 105,498 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. ලක්ෂයක් ඉක්මවූ සංචාරක පිරිසක් මෙරටට පැමිණි අඛණ්ඩ සිව්වන මාසය මෙය වීම විශේෂත්වයකි. ඒ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 441,177 ක් වේ. අප්‍රේල් මාසය…
වසර තුළ දී ක්‍රියාත්මක කරන ලද ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ මිල මට්ටම්වල සිදු වූ ශීඝ්‍ර වැඩි වීම හේතුවෙන් 2022 වසරේ දී නාමික වශයෙන් රජයේ ආදායම සහ ප්‍රදාන ඉහළ ගියේය. බදු සහ බදු නොවන ආදායමෙහි ඉහළ යෑම පිළිබිඹු කරමින් රජයේ ආදායම, නාමික වශයෙන්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී සියයට 35.8කින් වර්ධනය…
Video Story