Featured News

භාතිය සහ සන්තුෂ්, Soho Hospitality සමඟ එක්ව Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත කරයි

බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි    බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන…

(0)Comments | March 27, 2026 2:51 pm

HNB, නවතම වාහන මාදිලි රැසක් වෙනුවෙන් පුළුල් පරාසයක ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර…

(0)Comments | March 27, 2026 2:40 pm

CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු උපාධිධාරීන්ගේ කණ්ඩායමේ සිට…

(0)Comments | March 27, 2026 10:08 am

සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, SDB බැංකුවේ වරකාපොළ ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කෙරේ

ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප සහ නවීන බැංකුකරණ සේවාවක් සැපයීමේ අරමුණින්, SDB බැංකුව සිය වරකාපොළ ශාඛාව සියලු පහසුකම්වලින් සපිරි නව ස්ථානයක ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. අංක 221/E, කොළඹ පාර, වරකාපොළ යන ස්ථානයේ පිහිටි මෙම නවීකරණය කරන ලද නවතම ශාඛාව, 2026 මාර්තු මස මුල සිට ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිල වශයෙන් විවෘත විය. මෙලෙස ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම…

(0)Comments | March 26, 2026 2:39 pm

මිනැස්රෝ කොලේජ් මතුගම නව ශාඛාව උත්කර්ෂවත් ලෙස විවෘත වේ

මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. ​මිනැස්රෝ පැලවත්ත ශාඛාවේ පවත්වා ගෙන යන උසස් අධ්‍යාපන ප්‍රමිති සහ එහි සාර්ථකත්වය පිළිබඳව…

(0)Comments | March 26, 2026 11:40 am

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම කොළඹ BMICH පරිශ්‍රයේ පැවැති 15 වන Medicare International Healthcare Exhibition 2026 ප්‍රදර්ශනයට සහභාගී වෙමින් තම ඖෂධ නිෂ්පාදන පරාසය නරඹන්නන් වෙත හඳුන්වා දුන්නේය. ප්‍රදර්ශනය අතරතුර Sands Active නියෝජිතයන් විසින් ජනතාවට තම ඖෂධවල ප්‍රයෝජන සහ නිසි භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කරන ලදී.  සමාගමේ ප්‍රදර්ශන කුටියට විශාල ජනතා අවධානයක්…

(0)Comments | March 26, 2026 11:28 am

ශ්‍රී ලාංකිකයන්ට නැවුම් මස් වර්ග නිවසටම ගෙන්වා ගැනීමට Uber Eats සහ Delmo අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෙදාහැරීමේ සේවා යෙදුම වන Uber Eats, මෙරට ප්‍රමුඛතම කුකුළු මස් සහ මස් නිෂ්පාදන සමාගමක් වන ඩෙල්මෝ (Delmo) සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇති බව නිවේදනය කරයි. පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලමින්, නැවුම් මස් නිෂ්පාදන සෘජුවම නිවසටම බෙදාහැරීමේ සේවාව මෙම හවුල්කාරිත්වය හරහා ශක්තිමත් කෙරේ. ආරම්භක අදියරේදී අලෙවිසැල් 10ක් ආවරණය කරමින් දියත් කෙරෙන මෙම සේවාව, ඉදිරි…

(0)Comments | March 26, 2026 8:41 am

SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි

SLIC විසින් මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් පවුල්වලට සහාය වීම සඳහා ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය 2026 මාර්තු මස 16 වන දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර මෙම දායකත්වය විපතට පත් වූ…

(0)Comments | March 26, 2026 8:30 am

ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” තේමාවෙන් DFCC බැංකුව සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව නිකුත් කරයි

DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ…

(0)Comments | March 25, 2026 4:46 pm

ගෝලීය ඉංජිනේරු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් STC TechSphere 2026 සාර්ථක නිමාවෙයි

ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන…

(0)Comments | March 25, 2026 4:41 pm