කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට හොංකොං හි, ෂැන්ග්‍රි-ලා සමාගම විසින් ඉදිකරන හෝටලයේ පෙර සැලසුම වෙනස් කර තිබෙන බවත් නව සැලසුමට අනුව හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “හෝටලයේ මුලින් තිබූ…
සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ පිහිටි ප්‍රධාන දත්ත මධ්‍යස්ථානයේ අද ඇතිවූ ගින්නෙන් වූ හානිය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමාගම විසින් සපයන සේවා වලට ගැටලුවක් ඇතිවී නැතැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ මෙරට නියෝජිතයින් කියයි. අප සමග අදහස් දක්වමින් සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ශාඛාවේ ජංගම දුරකතන අංශයේ, නිෂ්පාදන කළමනාකරු, කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. සැම්සුන්ග් නිෂ්පාදන…
පසුගියදා පැවති ඉස්ලාමීය ජාත්‍යන්තර මූල්‍ය පුවත් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී, අමානා බැංකුව නැවතත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර වී තිබේ. ගෝලීය වෙළඳ පොළ තුළ ඉස්ලාමීය මූල්‍ය සේවා සපයන බැංකු වෙත සම්මාන ප‍්‍රදානය කිරීම සඳහා මැලේසියාවේ රෙඞ්මනි සමූහය විසින් මෙම සම්මාන උළෙල පවත්වන ලද අතර ජාත්‍යන්තර ඉස්ලාමීය මූල්‍ය සමාගම් සඳහා වන මත විමසුම තුලින් අදාළ…
සුප්‍රකට Land Rover සමාගම විසින් සිය නවතම සුපිරි ජීප් රථය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බවත් එය 2014 නිව් යෝර්ක් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වූ බවත් වාර්තා වේ. මෙම ජීප් රථය නම්කර තිබෙන්නේ The Discovery Vision concept නමිනි. මෙය සමාගමේ Range Rover ජීප් රථයට වඩා කුඩා වුවත් සුපිරි පහසුකම් වලින් සමන්විත බව සඳහන්ය. මෙම…
විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්වයන් සහ ක්‍රිකට් තරග විකාශ අයිතීන් පවතින මිලට වඩා වැඩියෙන් විකිණීමේ හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා කියයි. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා මේ බව පැවසීය. “අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවයන් වැඩිවන විට…
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නවතම RDB ඉතුරුම් වාසනා දිනුම් ඇදීම පසුගියදා කැළණියේදී සිදුකළ අතර එහි ත්‍යාගය වූ රුපියල් මිලියන 2.65 ක් වටිනා සුසුකි එස්ටිලෝ මෝටර් රථය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මාවතගම ශාඛාවේ ගිණුමක් පවත්වාගෙන යන ඩබ්ලිව්.එම්. අමරාවතී මහත්මිය විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහත පරිදිය. මෙහි දැක්වෙන්නේ ගාස්තු අඩුකිරීමෙන් පසු නව ගාස්තුයි. මෙම නව ගාස්තු අප්‍රේල් 25 වනදා දක්වා ක්‍රියාත්මක වේ. දකුණු අධිවේගී මාර්ගය Cars, Dual Purpose Vehicles කොට්ටාවේ සිට කහතුඩුවට – රුපියල් 100 කොට්ටාවේ සිට ගැලනිගමට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.
ශ්රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය. 2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි. මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම…
මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 03 ක් ගබඩාකළ හැකි තෙල් ගබඩාවක් විවෘත කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම තෙල් ගබඩාව ළඟදීම විවෘත කිරීමට කටයුතු කරන බවයි. “මෙයින් ගුවන් යානා වලට ඉන්ධන විකිණීම සිදුකරනවා.“ යනුවෙන් හෙතෙම සඳහන්…
Video Story