Top News

නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 නොවැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 නොවැම්බර් මාසයේදී 53.3 ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලුම උප දර්ශක ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය. නොවැම්බර් මාසයේදී නව ඇණවුම් ඉහළ යෑම…

(0)Comments | December 17, 2024 10:17 am

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා…

(0)Comments | December 17, 2024 8:57 am

ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය…

(0)Comments | December 17, 2024 8:50 am

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 14,500 අභිබවයි. පිරිවැටුම රු. බිලියන 8 ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් අද (16) දිනයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ පළමු වරට ඒකක 14,500 සීමාව ඉක්මවා යනු ලැබීය. අද දිනය තුළ ඒකක 295.10 ක දැවැන්ත අගයයකින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,500.44 ක් ලෙසින් වාර්තා විය. එය…

(0)Comments | December 16, 2024 3:37 pm

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දහතුන්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධානතම පර්යේෂණ සමුළුව වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දහතුන්වැනි වරටත් 2024 වසරේ දෙසැම්බර් මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. වර්තමානයේ පවතින විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම මෙම සමුළුවේ අරමුණ විය. විවිධ විෂය පරාසයන් නියෝජනය කරන පර්යේෂකයන්ගේ…

(0)Comments | December 16, 2024 2:27 pm

ක්‍රෙඩිට් කාඩ් ගැන අලුත් හෙළිදරව්වක්

2024 ඔක්තොබර් මාසය අවසන් වන විට මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,942,989 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 1,936,336 ක් මෙරට භාවිතයේ පැවත තිබෙන අතර ඒ අනුව 2024 ඔක්තෝබර් මාසය තුළ දී පමණක් සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 6,653 ක ඉහළ යාමකි. මෙම වසර ආරම්භ වන…

(0)Comments | December 16, 2024 12:30 pm

අතිසුඛෝපභෝගී Aida stella කොළඹට සේන්දුවෙයි

ජර්මනියේ Aida Cruises සමාගමට අයත් M.V. Aida stella අතිසුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 11 වනදා පළමු වරට කොළඹ වරාය වෙත සම්ප්‍රාප්ත විය. මගීන් 2,139 ක් සහ 640 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි මෙම මගී නෞකාව සඳහා මෙරට සියලු සත්කාරකත්වයන් සංවිධානය කර තිබුනේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ෂිපිං ලිමිටඩ් විසිනි….

(0)Comments | December 16, 2024 11:45 am

අඛණ්ඩව 14 වන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. අද තවත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද නැවත වතාවක් ඉතිහාසයේ ඉහළම ස්ථානය අලුත් කරන ලදී. එහිදී දිනය තුළ ඒකක 169.53 ක වර්ධනයක් වාර්තා කිරීමට සියලු කොටස් මිල දර්ශකය සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,205.34 ක් ලෙසින් සටහන් විය. මෙය මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කර ඇති…

(0)Comments | December 13, 2024 5:17 pm

හර්ෂ අමරසේකර වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධූරයට

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය. ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත. අමල් කබ්රාල්, රේ…

(0)Comments | December 13, 2024 5:16 pm

ශ්‍රී ලංකා දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි ඉදිරි කටයුතු වැඩි දියුණු කිරීමට ආ විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය

2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්, දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සාර්ථක ලෙස විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සිදුවූ අතර, ඒ අනුව සමස්තයක් වශයෙන් දේශීය…

(0)Comments | December 13, 2024 4:47 pm