Top News

දුම්කොළ සමාගමෙන් මාස තුනක දී ආණ්ඩුවට රුපියල් බිලියන 30 ක බදු ආදායමක්

ලංකා දුම්කොළ සමාගම 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 35.57 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවට වඩා 15% ක වර්ධනයකි. සමාගම විසින් 2018 මුල් මාස 03 තුළ දී රුපියල් බිලියන 27.54 ක් දුම්කොළ බදු ලෙසින් ද, රුපියල් බිලියන 2.49 ක් ආදායම් බදු ලෙසින් ද ගෙවා…

(0)Comments | May 22, 2018 2:05 pm

හේලීස් වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියනය ඉක්මවයි

2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 163.24ක පිරිවැටුමක් වාර්තා කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමත් වී තිබේ. මෙය වර්තමාන විනිමය අනුපාතිකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුම් මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් ඉතිහාස ගත වනු ඇත. තව ද මෙය පසුගිය මූල්‍ය වර්ෂය…

(0)Comments | May 22, 2018 12:52 pm

උද්ධමනය මාස 26 ක් තුළ අවමයට පැමිණෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.,2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මාර්තු මාසයේ දී පැවැති සියයට 2.8 ට සාපේක්ෂව  2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 1.6 ක් දක්වා 2018 අප්‍රේල් මාසයේ දී පහළ ගියේය. 2018 අප්‍රේල් මස ලක්ෂ්‍යමය  උද්ධමනයෙහි…

(0)Comments | May 22, 2018 7:48 am

ඉදිරි වසර 10 දී ශ්‍රී ලංකාවේ ධනය 200% කින් ඉහළට – ධන වර්ධනයෙන් ලෝකයේම 6 වැනි තැනට

New World Wealth විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 2017 ගෝලීය ධනවත්භාව සංක්‍රමණ විමර්ශන (Global Wealth Migration Review) වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ඊට අනුව ලොව ධනවත්ම රට ලෙසින් ඇමරිකා එක්සත් ජනපදය නම් කර තිබේ. අදාළ වාර්තාවට අනුව 2017 වසරේ දී ඇමරිකාවේ වත්පොහොසත්කම ඩොලර් බිලියන 62,584 කි. මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් චීනය (ඩොලර්…

(0)Comments | May 21, 2018 4:08 pm

ලංකා IOC සමාගමේ නව සභාපති රන්ජන්

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් හි මානව සම්පත් අධ්‍යක්ෂවරයා වන රන්ජන් කුමාර් මහාපට්‍රා, වහාම බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගමේ සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ. යාන්ත්‍රික ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු 1987 දී ඉන්දියන් ඔයිල් සමාගම සමඟ එක් වී ඇත. මේ අතර 2012-2015 වකවානුවේ චී ඉන්දියන් ඔයිල් (මුරුසි) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු කටයුතු කරනු ලැබීය. නිරන්තරයෙන් නවීන…

(0)Comments | May 21, 2018 1:23 pm

ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් ඉහළ පෙළේ වෘත්තිකයින් දෙදෙනෙක්

මෙරට ඉහළ පෙළේ වෘත්තිකයින් දෙදෙනෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා හා ජොහාන් විජේසිංහ, ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ නව අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා පත්කරනු ලැබූ අතර මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පල, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාර්ෂල් කපිල ජයම්පති එහි සෙසු…

(0)Comments | May 21, 2018 12:06 pm

රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට කටයුතු කරනවා

“රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා.කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන්තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා“ යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්ටනැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය. “අද…

(0)Comments | May 21, 2018 10:58 am

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 453

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධානතම වැඩසටහන් අතුරින් එකකි. මෙහි සමස්ථ ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 675 ක් වන අතර එයින් ඇ.ඩො. මිලියන 453 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් බහුඅදියර මූල්‍යයන පහසුකම යටතේ සපයනු ලැබේ. ශ්‍රී ලංකා රජය මෙහි පළමු අදියර සදහා ඇ.ඩො….

(0)Comments | May 21, 2018 10:56 am

ETI ඩොලර් මිලියන 75 කට විකුණයි. මිලියන 32 ක් දැනටමත් ලැබිලා. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ජූනි 05 සිට

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ…

(0)Comments | May 20, 2018 8:29 pm

කාලගුණ අවදානම මුළු රටටම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 මැයි මස 21 වන දින පෙ.ව. 09.00 තෙක් වලංගු වන පරිදි  පවතින තද වැසි සහ අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයත් සමඟ ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකා සිතියම, අවදානම් මට්ටම් අනුව එක් එක් ප්‍රදේශ වර්ණ ගන්වා ඇත. ඊට අනුව…

(0)Comments | May 20, 2018 7:03 pm