2019 වසරේ සැප්තැම්බර් 25 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට හැර අනෙකුත් සියලු ප්‍රධාන…
2019 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඇති මුළු හිඟ මුදල් වටිනාකම රුපියල් මිලියන 114,072 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම අගය 2019 ජූලි මස අවසානයේ දැක්වුණේ රුපියල් මිලියන 112,551 ක් ලෙසිනි. මේ අනුව 2019 අගෝස්තු මාසයේ දී ක්‍රෙඩිට් කාඩ් සඳහා…
2019 වසර සඳහා වූ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 2.7ක් ලෙස සංශෝධනය කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. තවද සංචාරක පැමිණීම් සහ ඒ ආශ්‍රිත ආර්ථික කටයුතු ක්‍රමානුකූ ලව යථා තත්ත්වයට පත්වීම සමඟ 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5ක් දක්වා ඉහළ යනු ඇතැ යි පුරෝකථනය කරනු ලබන බව මූල්‍ය…
ICCSL සහ CIMA ආයතනයන් මගින් ලක්කළ ආයතන (Most Admired Companies) 10 ක් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි. එයිට්කන් ස්පෙන්ස්, ලංකා බැංකුව, CBL ඉන්වෙස්ට්මන්ට්ස්, සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව, ඩිල්මා සිලෝන් ටී, හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව මෙහිදී ශ්‍රී…
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගියදා කසකස්තානයේ ඇස්ටානා හි දී පැවති PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය දිනා ගත්තේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් සහ දෙරට අතර ආවේනික සමානකම් අත්විඳීමට…
ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය. 2019…
ශ්‍රී ලංකා පිලේ පකිස්තානු සංචාරයේ පළමු එක්දින තරඟය අද (27) දිවා රාත්‍රී තරඟයක් ලෙසින් තව නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතය. තරඟය කරච්චි නුවර පැවැත්වේ. පකිස්තානයේ පවතින ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලියට සහභාගී නොවන අතර එක්දින තරඟාවලිය සඳහා එක්වන්නේ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු යොවුන් ක්‍රීඩකයින් පිරිසකගෙන් සැදුම්ලත්…
මෙරට හොඳම ගනුදෙනු අවස්ථා පාරිභෝගිකයින් වෙත සපයන අතරතුර සිල්ලර වෙළඳාම් කර්මාන්තයේ සාමූහික සම්පත් යොදාගැනීමට සහ නව්‍යතා හා වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් සංවිධානගත වී සිටී. එම අරමුණු සැබෑවක් කරගැනීමේ අරමුණින් 2019 වසරේ දී සිල්ලර වෙළඳාමට නව ජීවයක් ලබා දීම පිණිස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය (SLRA) හරහා ඔවුන්ගේ ප්‍රමුඛතම…
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි දෙවන පැකේජය යටතේ සබරගමුව පළාතේ ජාතික මහාමාර්ග ජාලයේ පවතින අබලන් හා පටු පාලම් 09ක් නැවත ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව දෙහිඕවිට – දැරණියගල මාර්ගයේ පාලම් 05ක්, ගලිගමුව – රුවන්වැල්ල මාර්ගයේ පාලම් 02ක් සහ කෑගල්ල – බුලත්කොහුපිටිය…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කුළුබඩු අංශය සඳහා ශ්‍රී ලාංකීය සම්භවය සහතික කෙරෙන වෙළඳ ලකුණක් ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේ පළමු අදියර “සිලෝන් කුළුබඩු” සන්නාමය නිල වශයෙන් දියත් කිරීම 2019 සැප්තැම්බර් 25 වන බදාදා කොළඹ, ජයික් හිල්ටන් හිදී සිදු කරන ලදී.ශ්‍රී ලාංකේය සම්භවය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සහතික කිරීම තුලින් ශ්‍රී ලාංකීය කුළුබඩු සඳහා ඇති ජාත්‍යන්තර කීර්තිය…
Video Story