මෑතකාලීන ව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණවල බලපෑම , වෙළෙඳපොළ ණය පොලී අනුපාත වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම වර්ධනය කිරීම සඳහා, රුපියල් ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාත පහත දමන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කල විධානයට සමගාමී ව, 2019 අප්‍රේල් 26 වන දින නිකුත් කරන ලද ශ්‍රී…
2016 අංක 3 දරන සේවකයන්ගේ අවම වේතනය පනතට අනුව 2016 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000/- (රුපියල් 400×25)ක ජාතික අවම මාසික වැටුපක් හා රුපියල් 400/-(රුපියල් 50×8)ක ජාතික අවම දෛනික වැටුපක් නියම කර ඇත. වැඩිවන ජීවන වියදම සලකා බලා එකී ජාතික අවම මාසික වැටුප දැනට පවතින රුපියල් 10,000/- සිට රුපියල් 12,500/- දක්වා…
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,000 සිට ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සම්පාදනය කරන ලද ආර්ථික වර්ධන මූලෝපාය හා ක්‍රියාකාරී සැලැස්ම (SRI LANKA 2030: A DEVELOPED NATION – Economic Growth Strategy and Action Plan) ඊයේ (24) කොළඹ දී එළිදක්වන ලදී….
රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට අදාළව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගේ සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2007 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ආයතනික හා සමාජීය වගකීම් (CSR) අරමුදලේ මුදල් භාවිතයෙන් මෙන්ම ස්වකීය අරමුදල් හා ජාතික අයවැය අරමුදල් භාවිතයෙන් ගාලු මුවදොර පිටියේ ඇතැම් සංවර්ධන කාර්යයන් ඉටු කරනු ලැබ ඇත. එබැවින්, යෝජිත 2019/2021 වර්ෂයේදී ආයතනික හා සමාජ වගකීම් අයවැය යටතේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වන රුපියල් මිලියන 300ක මුදලක්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස නව බලාගාරයක් ඉදිකිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අනාගත විදුලි ජනන සංයුතිය පිළිබඳ ප්‍රතිපත්තියට හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2018-2037 සඳහා අනුමත කරන ලද දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුකූල වන බව සැලකිල්ලට ගෙන, මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු 04වන විදුලි බලාගාර ඒකකය…
වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ…
සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හය වැනි සමාලෝචනය පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 සැප්තැම්බර් 10 – 25 කාලය තුළ දී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී: “විස්තීර්ණ…
Cinnamon Future of Tourism Summit 2019 සමුළුව අමතමින් CNN ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට්, ශ්‍රී ලංකාවෙන් අපූරු ඉල්ලීමක් කළේය. ඔහු මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට අර්බුදයකට මුහුණ පා සිටින බැවින්, එම අර්බුදය, අවස්ථාවක් කර ගැනීමට ඇති අවස්ථාව මග නොහැරිය යුතු බවයි. “මෙය වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රකාශයක්. බොහෝ වෙලාවට ඔහු මෙය කියන්න ඇත්තේ මකියාවේලි උපුටා…
වසර 2025 දී ශ්‍රී ලංකාවට මිලියන 5ක සංචාරක ඉලක්කයක් ඉතා පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති Cinnamon Future of Tourism Summit 2019 සමුළුවෙහි සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසීය. “අපේ පදනම තිබෙන්නේ…
Video Story