ශ්‍රීලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර විය. ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය. ඊට අමතරව අඛණ්ඩව 3 වන වරටත් ප්‍රධාන ගුවන්…
ප්‍රථම වතාවට උතුරේ සමුළුවක් මාතර ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ඉදිරියේදී පොළොන්නරුව සහ මඩකලපුව යන නගරවල සම්මන්ත්‍රණ කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ගොඩනැගුණු Empower පුවරුව පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන් හරහා ප්‍රාදේශීය ව්‍යවසායකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට හැකි වී තිබේ….
මෙරට තොරතුරු සහ සන්නිවේදන කේෂත‍්‍රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ඨත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලූනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලූන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව සිටියි. මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක්…
පසුගිය සෙනසුරාදා සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදු සංකීර්ණයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යාමක් මේ වන විට වාර්තා වී තිබේ. මීට සුළු මොහොතකට පෙර, බ්‍රෙන්ට් බොරතෙල් වෙළඳාම ආරම්භ වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 20%ක ඉහළ යාමක් වාර්තා කළේය. මෙය පසුගිය වසර 28 ක කාලපරිච්ඡේදය තුළ…
Viber පළමු වරට Voting BOT ශ‍්‍රී ලංකාවේ දියත් කරයි ලොව ප‍්‍රමුඛතම සන්නිවේදන ජාලය වන Viber , ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ක‍්‍රියාකාරී Voting BOT දියත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ඩාන්සින් රියැලිටි ටීවී වැඩසටහනක් වන ”Derana City of Dance” සමඟ අත්වැල් බැඳගනී. එමගින් රසිකයින්ගේ සිත්ගන්නා සුළු අදහස් සහ ඔවුන්ගේ ප‍්‍රියතම රංගන ශිල්පින් සහ කණ්ඩායම් සඳහා සිය ඡන්දය…
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඉදිවුණු උසම ගොඩනැගිල්ල, කොළඹ නෙළුම් කුළුණ අද (16) පස්වරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 2012 වසරේ දෙසැම්බර් 01 දින ඉදිකිරීම් ඇරඹුණු මෙම නෙළුම් කුළුණ මීටර 350 ක උසකින් යුක්ත වන අතර චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 104 ක ණය ආධාර මත එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපතක්…
තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා වෙත නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. සුරාබදු දෙපාර්තමේන්තුව විසින්…
පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල ඍණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන ලදී. ඉහත තත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 01ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6 ක) ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ,…
මීට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහල හඳුන්වනු ලැබූ නැඟෙනහිර කොළඹ ශික්ෂණ රෝහල, අර්ධ රාජ්‍ය පරිපාලන ඒකකයක් වශයෙන් නිදහස් සහ මුදල් ගෙවන පදනම මත සේවා සපයන “මිශ්‍ර සේවා ආකෘතියක්” ලෙසින් ක්‍රියාත්මක කිරීමටත් සහ එම රෝහල මඟින් සිදු කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත්…
පැරණි පරපුරේ අඟල් 15 MacBook Pro පරිගණකවලින් ඒකක කිහිපයක බැටරිය අධික ලෙස රත්වීමේ සහ ගිනි ගැනීමේ අවදානමක් ඇති බවට ඇපල් සමාගම විසින් හඳුනාගෙන ඇත. මෙලෙස බලපෑමට ලක්වූ MacBook Pro ඒකක මූලික වශයෙන් 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය අලෙවි කර තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපාංග සතුව ඇති මගීන් ඒවා බලපෑමට ලක්ව තිබේද යන්න…
Video Story