Top News

ශ්‍රි ලාංකිකයන් වැඩි පිරිසකට සෞදි අරාබියේ නව රැකියා

ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඞ් බීන් ඊබ්‍රහම් අල් ෂෙයික් මහතා ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා පුළුල් මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව මෙහිදී කථානායකවරයා ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් ඉදිරියේ දී නව ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ද…

(0)Comments | September 11, 2019 5:39 pm

ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීම ශක්තිමත් කිරීමට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 40ක්

උතුර, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල විමධ්‍යගත කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සහ ජනතාව හා රජය අතර සංවාදය ශක්තිමත් කිරීම, එමඟින් ආරවුල්වලට තීරණාත්මක ලෙස බලපාන අභ්‍යන්තර හේතු සඳහා පිළියම් යෙදීම, ප්‍රාදේශීය ගැටුම් උත්සන්න වීම වැළැක්වීම යන මූලික අරමුණු සහිතව, ‘පරිවර්තනය, ප්‍රතිසංධානය, සහ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය’ නමින් ව්‍යාපෘතියක් ලෝක බැංකුවේ, එක්සත්…

(0)Comments | September 11, 2019 3:44 pm

9/11 ප්‍රහාරයට වසර 18 යි

එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල වී අදට වසර 18 කි. 2001 සැප්තැම්බර් 11 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව එක්සත් ජනපද ඉතිහාසයේ අත්විඳි දරුණුතම ත්‍රස්ත ක්‍රියාව ලෙසින් සැලකෙන අතර 3,000කට ආසන්න පිරිසකට මේ හේතුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය. 9/11 ප්‍රහාරය නමින් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මෙම ඛේදවාචකය සමරමින්…

(0)Comments | September 11, 2019 2:43 pm

අපි අලූත් කොළඹ නගරයක් ගොඩනගා තිබෙනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

කොළඹ මහනගරය, මාර්ග පද්ධතිය හා වරාය දියුණු කිරීම මගින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (10) කොළඹ වරාය පරිශ්‍රයේ දී, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය…

(0)Comments | September 11, 2019 12:09 pm

වයස 45 උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දෙමින් 4,667ක් අභ්‍යාසලාභී තනතුරුවලට

අමාත්‍ය මණ්ඩලය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීරණය ප්‍රකාර ව, දැනට පුරප්පාඩුව පවතින උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4,667 ක් සඳහා, වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, කාලානුක්‍රම අනුව, 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් පුහුණුව පිණිස 2019 සැප්තැම්බර් මසදී බඳවාගනු ලබන බවට අග්‍රමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති,…

(0)Comments | September 11, 2019 11:46 am

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යන ප්‍රවණතාවක් පසුගිය දින කිහිපය තුළ වර්තා විය. ඒ අනුව අද (10) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 62.67ක් ලෙසින් සටහන් වී තිබේ. එය පසුගිය ජූලි 31 දින බැරලයක් වෙනුවෙන් වාර්තා වූ ඩොලර් 65.05 මිලෙන් පසු වාර්තා වන වැඩිම මිලයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ…

(0)Comments | September 10, 2019 3:13 pm

තේ ඇසුරුම් නිපදවන ජපන් සමාගමක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ජපානයේ Sugano Packing Materials Co., Ltd සමාගම අතර ගිවිසුමක් පසුගිය දා අත්සන් තැබිණි. දේශීය තේ කර්මාන්තයට අවශ්‍ය නම්‍යශීලී ඇසුරුම් නිෂ්පාදනය සඳහා මෙහිදී කර්මාන්තශාලාවක් පිහිටුවනු ලබන අතර ජා-ඇල ප්‍රදේශයේ දී එය ස්ථාපිත කිරීමට නියමිතය. මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති මංගල යාපා සහ Sugano Colombo…

(0)Comments | September 10, 2019 1:29 pm

යාපනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය බලන්න මුල් දින 3ට ලක්ෂ 3ක් ඇවිත්

යාපනය මුට්ට්‍රවේලි පිටියේ දී පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන් වැනි ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය නිමා වන විට ලක්ෂ තුනකට අධික ජනතාවක් එය නැරඹීම සඳහා පැමිණ තිබේ. විශේෂයෙන්ම සති අන්ත දින දෙක තුළ අධික ජන සහභාගීත්වයක් ඊට ලැබිණි. තුන් වැනි දිනය වූ ඊයේ (09) දිනයේ ද පාසල් දරුවෝ ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ. එන්ටර්ප්‍රයිස්…

(0)Comments | September 10, 2019 1:10 pm

රාජ් රාජරත්නම් සිරගෙදරින් පිටවෙයි

එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරුවී සිර දඬුවම් විඳි රාජ් රාජරත්නම් මීට සති 6කට පමණ පෙර සිර ගෙදරින් නික්ම ගොස් ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය අනාවරණය කර සිටී. ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය. සුරැකුම්පත් විනිමය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත 2011 වසරේ දී…

(0)Comments | September 9, 2019 5:39 pm

කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි

මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු/ බලපත්‍රධාරියෙකු වන රවී විජේරත්න මහතා විසින් අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා එකඟතාව පළ කර තිබේ. මේ බව MTD Walkers PLC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටිනේනේ කොළඹ 07 ග්‍රෙගරි පාරේ අංක 14/1 දරණ ලිපිනයෙහි…

(0)Comments | September 9, 2019 3:56 pm