Top News

චීනයේ Chint ට රු. මිලියන 1,800 ක කොන්ත්‍රාත්තුවක්

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ, හම්බන්තොට 220/132 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ දැනට පවතින හම්බන්තොට 132/33 kV ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,866.31ක මුදලකට M/s. Chint Electric Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය…

(0)Comments | May 16, 2018 1:44 pm

අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයන් අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකිරීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් වෙලා

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙලෙස නි‍‍ෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ…

(0)Comments | May 16, 2018 1:25 pm

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය මුදල් අමාත්‍යාංශය යටතේ 2006 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමඟ එය ‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව’ නමින් නැවත නම් කරන ලදී. තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය අපරාධ දිනෙන් දින සංකීර්ණ…

(0)Comments | May 16, 2018 11:07 am

මඩු බැතිමතුන්ගේ පරිහරණයට නිවාස ඒකක 300 ක් ඉදිකරන්න ඉන්දියාවෙන් රු. මිලියන 300 ක්

ශ්‍රී ලංකාවේ පවතින පූජනීය ස්ථාන අතුරින් මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මඩු දේවස්ථානයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, එය දේශීය හා විදේශීය කිතුණු බැතිමතුන්ගේ මෙන්ම අනෙකුත් බැතිමතුන්ගේද ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වී ඇත. වන්දනා සමයන්හිදී මෙහි පවතින නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මඩු දේවස්ථානයට පැමිණෙන සංචාරකයින් හා බැතිමතුන්ගේ පරිහරණය සඳහා නිවාස ඒකක 300ක් ඉදි කිරීමට යෝජනා…

(0)Comments | May 16, 2018 11:03 am

කොළඹ ගිනි නිවන්න ඕස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුවෙන් යුරෝ මිලියන 10.5 ක පොළී රහිත ණයක්

ජනගහන වර්ධනය හා භූමි ප්‍රමාණයේ සීමිත භාවය හේතු කොට ගෙන විශාල මහල් ප්‍රමාණයකින් යුත් ගොඩනැඟිලි සංකීර්ණ කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශයන්හි ඉදි වෙමින් පවතියි. මෙම දේපළවල හා ඒවා භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීමේ උපකරණ හා වාහන සැපයීමට යෝජනා වී තිබේ. ඒ සඳහා…

(0)Comments | May 16, 2018 11:01 am

කියුබ්වලින් ආ වැලි දැන් පැකට්වලින් – කිලෝ 10, 25 හා 50 උර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර

වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි. සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව…

(0)Comments | May 16, 2018 10:46 am

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහබංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි. මෙම වැඩසටහන පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුවත් කිරීම සහ අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි. ජාතික ආර්ථික සභාව ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ…

(0)Comments | May 16, 2018 8:06 am

ශ‍්‍රී ලංකාවේ තරුණයන් හා ව්‍යවසායකයන් බලගැන්වීමට ෆේස්බුක් එක්වෙයි

2018 අවසන් වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000ක් බල ගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සමඟ හවුල් වෙයි. ෆේස්බුක් සමාගම ගෝලීය මට්ටමින් ක‍්‍රියාත්මක කරන ‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ වැඩසටහනට දැන් ශ‍්‍රී ලංකාවේ තරුණයන්ට හා ව්‍යවසායකයන්ට ද සම්බන්ධ විය හැකි ය. රට තුළ ක‍්‍රියාකාරී සුළු ව්‍යාපාර හිමියන්ගේ හැකියාව හඳුනා…

(0)Comments | May 15, 2018 4:35 pm

ඩොලරය 160 ට යාම හොඳ නම් 320 ක් කරන්න. රුපියල අඩුවෙද්දී රටට සෙතක් වෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ – රවී

ඇමරිකානු ඩොලරයේ රුපියල් අගය 160 දක්වා ඉහළ ගොස් තිබීම හොඳ දෙයක් නම් එය 360 ක් කරන්න යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පැවති හමුවක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දක්වමින් රවී කරුණානායක මහතා කියා සිටියේ “අපි ලෙඩේ දන්නවා, නමුත් බෙහෙත කොහොමද දෙන්නේ කියන එකයි නොදන්නේ“, යනුවෙනි….

(0)Comments | May 15, 2018 3:14 pm

ගෝල්ෆේස් පිටිය මෙන් 9 ගුණයක් විශාල පොදු මහජන උද්‍යානයක් ඇති පෝර්ට් සිටි ගැන ඔබ නොදත් කරුණු 10 ක් මෙන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන පෝර්ට් සිටි පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරීමට පෝර්ට් සිටි ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව විසින් කටයුතු කර තිබේ. මෙය තනි ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු කළ දැවැන්තම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වන අතර කොළඹ වරාය නගරයේ ඉදිවන පොදු මහජන උද්‍යාන සමස්තය ගාලුමුවදොර…

(0)Comments | May 15, 2018 12:57 pm