Top News

400කට ද්විත්ව පුරවැසිභාවය හෙට

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී මෙම පිරිසට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන බව ආගමන විගමන පාලක ජනරල් එම්.එන්. රණසිංහ මහතා පවසයි. පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,200ක්…

(0)Comments | May 15, 2018 12:24 pm

2017 දී ඩොලර් මිලියන 1,900 ක පුද්ගලික ආයෝජන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් – අගමැති

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා.රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට අප සූදානම් වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

(0)Comments | May 15, 2018 12:11 pm

බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්

ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් ඇතුළුව, කොළඹ කොටස් වෙළෙඳපාළ වෙත වූ ශුද්ධ ලැබීම්, 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 18 ක් විය. ඒ අනුව 2018 වසරේ පළමු මාස දෙක තුළ දී මුළු ශුද්ධ ලැබීහ් එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ක් විය. මේ අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි (භාණ්ඩාගාර බිල්පත් සහ…

(0)Comments | May 14, 2018 2:34 pm

ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට

2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, 2017 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම සාපෙක්ෂ ලෙස පහළ මට්ටමක පැවතීමේ බලපෑම මින් පෙන්නුම් කෙරේ. නාමික වශයෙන් ගත් විට, 2018 පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 916 ක් විය. ඒ අනුව අඛණ්ඩව මාස 07 ක් පුරා අපනයන ආදායමෙහි වාර්තා වූ අංක දෙකක…

(0)Comments | May 14, 2018 1:09 pm

රත්‍රං ආනයන සීඝ්‍රයෙන් ඉහළට – වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වෙයි

2018 පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුවද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයෙහි සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුනහමාරක කාලය තුළදී සමස්ත වෙළඳ භාණ්ඩ ආනයනයෙහි සිදු වූ වේගවත්ම වර්ධනය සඳහා…

(0)Comments | May 14, 2018 12:07 pm

අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළට යවන්න ADB සමඟ හොර ගිවිසුමක්

සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ හොර ගිවිසුමක් ගසා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා මෙසේ පැවසීය. “මේ රටේ…

(0)Comments | May 14, 2018 11:30 am

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත පිරිනැමෙයි

ජර්මානු ජනරජය විසින් පිරිනමන විශේෂ ගෞරව සම්මානයෙන් රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලබයි   ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ  රංජිත් පණ්ඩිතගේ මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේදී මෙම සම්මානය පිරිනැමීම සිදුකෙරින. මෙම ගෞරව සම්මාන පිරිනැමීම වර්ෂ 1951 වසරේ එවක ජර්මානු ජනාධිපති තියඩෝර්…

(0)Comments | May 14, 2018 10:17 am

රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන මහ බැංකු අධිපතිගේ මතය මෙන්න

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමට නම්, දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම ඉතා වැදගත් කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මීට පෙර අවස්ථා කිහිපයක දීම කියා සිටියේය. මෙහිදී පවතින තත්ත්වය තුළ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබේ දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය. “රජයේ අස්ථාවරත්වය…

(0)Comments | May 12, 2018 9:15 am

රුපියල බේරගන්න ඩොලර් මිලියන 100 කින් මහ බැංකුව මැදිහත් වෙයි

පසුගිය කාලයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 136.65 ක් වෙළෙඳපොළට නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (11) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. එසේම මෙම කාලපරිච්ඡේදයේ දී ඩොලර් මිලියන 30 ක් වෙළෙඳපොළෙන්…

(0)Comments | May 11, 2018 2:37 pm

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි

පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. සැපයුම් අංශයේ බලපෑම…

(0)Comments | May 11, 2018 2:26 pm