Top News

කර්මාන්තවලට ජාත්‍යන්තර ISO සහතික ලබා ගැනීම සඳහා අනුග්‍රහය

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ සඳහා 2018 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO 22000, ISO 50001 ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා අනුග්‍රහය ලබා දීමට…

(0)Comments | February 28, 2018 10:56 am

කොටස් පිරිවැටුම රුපියල් බිලියන 2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.90 ක පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 6,559.42 ක් වශයෙන් වාර්තා විය. මේ අතර රුපියල් බිලියන 2.22 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබා දෙන ලද්දේ සම්පත් බැංකුවේ කොටස් ගනුදෙනුවකි. විදේශීය…

(0)Comments | February 27, 2018 5:42 pm

සියලු නිශ්චිත දේපළ ජනශක්ති ඉන්ෂුවරන්ස් යටතට

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යටතේ පැවති ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම Allianz SE වෙත විකුණා දැමීමේ කටයුතු ඊයේ (26) දිනයේ දී අවසන් කරන ලදී. මෙම ගනුදෙනුවට අනුව රුපියල් බිලියන 16.39 (රු. 16,393,731,505.00) ක් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑඑල්සී වෙත ලැබී තිබේ. මේ අතර ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් සතුව පැවති රුපියල් බිලියන 2 කට ආසන්න (රු. 1,997,087,274.00) වටිනාකමකින් යුතු වූ සියලු…

(0)Comments | February 27, 2018 3:32 pm

ශ්‍රීලංකන් යානා 8 ක් අද ප්‍රමාදයි. හෙට 4 ක් අවලංගුයි.

නොවැළැක්විය හැකි හේතූන් මත යානා කිහිපයක අද (27) දිනයේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමටත්, හෙට (28) දිනයේ දී අවලංගු කිරීමටත් සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී. මේ අනුව අද දිනයේ දී යානා 8 ක ගුවන් වාර ප්‍රමාද වන අතර හෙට දිනයේ දී යානා 4 ක ගුවන් ගමන් අවලංගු කර තිබේ. පහත දැක්වෙන්නේ ශ්‍රීලංකන්…

(0)Comments | February 27, 2018 12:13 pm

“ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනපති ප‍්‍රධානත්වයෙන්

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය…

(0)Comments | February 27, 2018 11:04 am

මිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 සිට මිලියන 4 දක්වා වැඩි කිරීමට නම්, වහාම කළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන බජට් ගුවන්සේවා ප්‍රමාණය ඉහළ දැමීම බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටී. පසුගියදා කොළඹ දී පැවති Colombo School of Business Management විසින් සංවිධානය කර න ලද Evening with a Corporate…

(0)Comments | February 26, 2018 10:03 pm

ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රීලංකන් මෙසේ කියයි

කොළඹ ගුවන් තොටුපලේ දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ  තදබදය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. කොචීන් ගුවන් තොටුපළේ දී  ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයට සිදුවූ හානිය ඇතුළු තවත් අනපේක්ෂිත සිද්ධි කිහිපයක් මෙම ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුවී තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යාමට පෙර අපගේ වෙබ් අඩවිය හරහා…

(0)Comments | February 26, 2018 9:02 pm

ජනශක්ති Serendib Land අයිතියත් අත්හරියි

Serendib Land PLC සමාගමේ සිව්වැනියාට විශාලතම කොටස්කරුවා වූ Janashakthi General Insurance Ltd සමාගම සිය කොටස් හිමිකාරීත්වය අද (26) දිනයේ දී මුළුමනින්ම විකුණා දැමීය. Serendib Land PLC සමාගමේ ඡන්ද බලය හිමි කොටස් 55,054 ක හිමිකම Janashakthi General Insurance Ltd සතුව පැවති අතර එය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 15.29% කි. මෙහිදී එක් කොටසක් විකුණා ඇති මිල රු. 1,481.70…

(0)Comments | February 26, 2018 12:56 pm

ජනශක්ති, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සමුදෙයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වූ ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම, සිය කොටස් හිමිකාරීත්වය අද (26) උදෑසන සම්පූර්ණයෙන්ම විකුණා දමනු ලැබීය. නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 18,582,682 ක් ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සතුව පැවති අතර එය නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සමස්ත ප්‍රාග්ධනයෙන් 8.06% කි. අද දින සිදු…

(0)Comments | February 26, 2018 10:31 am

2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම භාණ්ඩ නෞකාවන් වේ. එමෙන් ම එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ…

(0)Comments | February 25, 2018 11:15 pm