Top News

තරුණ ඉන්දියානුවන් ආකර්ෂණයට නයිට් ක්ලබ්, කැසිනෝ අවශ්‍යයි – ජෝන් අමරතුංග

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ කැසිනෝ හල් ඉන්දියානුවන්ට ආකර්ෂණිය බවට කිසිදු විවාදයක් නොමැති බවත් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකාව ඇතුළත සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය හා හෝටල් සංගමය එක්ව…

(0)Comments | June 13, 2019 11:42 am

රාජ්‍ය ආයතන විස්සක පාඩුව රුපියල් මිලියන විසිහයදහස ඉක්මවයි – මංගල

පසුගිය 2018 වසරේ දී රාජ්‍ය ආයතන 54ක් අතුරින් ආයතන 20ක් පමණ වාර්තා කර ඇති අලාභය රුපියල් මිලියන 26,000 ඉක්මවනු ලබන බවත්, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වැනි සමාගම් තවදුරටත් රජයට දරාගන්න පුළුවන්ද යන්න පිළිබඳව, රටක් හැටියට සංවාද කළ යුතු කාලය පැමිණ ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවති රජය විසින් තෝරාගත්…

(0)Comments | June 12, 2019 6:10 pm

සීනි නැති බීමවලට ජනතා කැමත්තක් නැහැ. එලිෆන්ට් හවුස් සීනි රහිත සිසිල්බීම කාණ්ඩයෙන් ඉවත්වෙයි

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ එලිෆන්ට් හවුස් සන්නාමය යටතේ එළිදකින සීනි රහිත සිසිල් බීම නිෂ්පාදිත සඳහා පාරිභෝගික උනන්දුව ඉතා පහළ මට්ටමක පවතින හෙයින් එකී නිෂ්පාදන කාණ්ඩයෙන් ඉවත්වීමට සමාගම තීරණය කර තිබේ. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා 2018/19 සමාගමේ වාර්ෂික වාර්තාව තුළින් සිය කොටස්කරුවන් අමතමින් මේ බව අනාවරණය කර සිටී. එලිෆන්ට් හවුස් විසින්…

(0)Comments | June 12, 2019 2:23 pm

“ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය. මේ ඔස්සේ,  Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම්…

(0)Comments | June 12, 2019 11:25 am

Triad කණ්ඩායම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික Cannes Lions තරඟාවලියට

ලාංකීය තරුණ සිංහයන්ගේ තරඟයෙන් සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමිකරගනිමින් ඩාවිඞ් සෙනෙවිරත්න සහ ලක්‍ෂිත ප‍්‍රියංකරගෙන් සමන්විත Triad (Pvt) Ltd කණ්ඩායම චිත‍්‍රපට කාණ්ඩය යටතේ ප‍්‍රංශයේ පැවැත්වෙන කෑන්ස් ලයන්ස් තරඟාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත්තේය. සිය ජීවිතයට නව අත්දැකීමක් එක්කරගනිමින් ඩාවිඩි සහ ලක්‍ෂිත හට ලෝකයේ එවැනිම නිර්මාණකරුවන් සමඟ තරඟ කිරීමේ අවස්ථාව උදාවන අතර, එහිදී ඔවුනගේ නිර්මාණශීලී අදහස් ප‍්‍රදර්ශනය කරමින් සිය කුසලතාවන්…

(0)Comments | June 12, 2019 11:01 am

මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය යළිත් වරක් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මිල සූත්‍රය සඳහා පදනම් වනවා යැයි පැවසෙන සංරචකවලට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් සිදුවනු ඇති බවය. එහෙත් සිදුවූයේ සියලූ සූත්‍රවලට එරෙහිව යමින් මෙරට සාමාන්‍ය ජනයා වැඩිවශයෙන්…

(0)Comments | June 11, 2019 12:58 pm

රජයේ ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තබයි

රජය විසින් තෝරාගත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම ඊයේ (2019 ජූනි 10) මුදල් අමාත්‍යාංශයේ “රන්දොර” ශාලාවේදී  සිදු කෙරිණි.   රජය  සතු ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින් 2017 වර්ෂයේදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වාදෙන ලදී. 2017 පෙබරවාරි 07 වන දින මෙම සංකල්පය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

(0)Comments | June 11, 2019 11:13 am

2019 වසරේ දෙවැනි අඩුම දෛනික පිරිවැටුම වාර්තා කරමින් කොටස් ගනුදෙනු රු. මිලියන 75කට සීමාවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (10) දින යළිත් වරක් රුපියල් මිලියන 100 සීමාවෙන් මෙපිට සටහන් විය. මේ අනුව අද දින ගනුදෙනු පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 75.5 ක් වශයෙනි. මෙය 2019 වසර තුළ දී රුපියල් මිලියන 100ට වඩා අඩුවෙන් ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ තෙවැනි දිනය විය. මීට පෙර 2019 ජනවාරි 04 දින රුපියල්…

(0)Comments | June 10, 2019 6:03 pm

CDB බදුවලට පෙර ලාභය රු. බිලියන 2.7 ඉක්මවමින් දිවයිනේ ප්‍රමුඛතම බැංකු-නොවන මූල්‍ය ආයතන 5 අතරට එක්වෙයි

■ බදුවලට පෙර ලාභය 34% කින් ඉහළට ■ රු. බිලියන 91.9 ක ශක්තිමත් වත්කම් පදනමක්  සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2018/2019 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට ප්‍රගතියක් අත්පත් කරගනිමින් බදුවලට පෙර ලාභය රු. බිලියන 2.7 ක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කොටස් වෙළඳපොළ වෙත නිකුත් කරන ලද  CDB     සමූහයේ අන්තර්වාර මූල්‍ය ප්‍රතිඵල වලට අනුව මෙය 34%…

(0)Comments | June 10, 2019 11:22 am

ඉන්ධන මිල සූත්‍රය අදයි. ලෝක වෙළෙඳපොළේ මිල පහළට. ලංකාවේ මිලත්?

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මාසිකව ක්‍රියාත්මක කරනු ලබන මිල සූත්‍ර ක්‍රමවේදය අද (10) දින ක්‍රියාවට නැංවීමට නියමිතය. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සෑම මසකම 10 වෙනි දින නවතම ඉන්ධන මිල ගණන් තීරණය කෙරේ. පසුගිය මැයි මාසයේ දී මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් හි ඉහළ දැමීමක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය…

(0)Comments | June 10, 2019 11:19 am