Top News

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල ශ්‍රී…

(0)Comments | June 17, 2019 2:45 pm

මහාපරිමාණ ආයෝජක සෙන්දිල්වේල්ගේ ගනුදෙනුවලින් කොටස් වෙළෙඳපොළ පිබිදෙයි

මෙරට ලැයිස්තුගත සමාගම් ගණනාවකම ප්‍රමුඛ පෙළේ කොටස්කරුවකු වන ආචාර්ය ටී. සෙන්දිල්වේල් මහතා, තම තමින් සිදුකර ඇති ආයෝජන, තමාගේ නමින් සංස්ථාපනය කරන ලද පුද්ගලික සමාගමක ගිණුමක් වෙත හුවමාරු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව මෙතෙක් Dr. T. Senthilverl නමින් ඔහු විසින් සිදුකර ඇති ආයෝජන Senthilverl Holdings (Pvt) Ltd නම් ගිණුමකට හුවමාරු වීම පසුගිය සතියේ…

(0)Comments | June 17, 2019 12:57 pm

විශ්‍රාම වැටුප් විෂමතා ඉවතට. අවම වැඩිවීම රු. 2,800යි. උපරිම වැඩිවීම රු. 20,000කින්. ආණ්ඩුව රු. මිලියන 12,000 ක් වෙන්කරයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2015.12.31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිවේ. ඒ අනුව, මෙසේ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු. 2,800 සහ රු. 20,000 අතර මුදලකින් වැඩිවනු ඇත….

(0)Comments | June 17, 2019 10:18 am

හෙට අනිද්දා සුරා සැල් වැසෙයි

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් හෙට (15) සහ අනිද්දා (15) දෙදින තුළ දිවයිනේ සියලූම සුරාසැල් වසනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අනුරාධපුරය හා තිස්සමහාරාමය ප්‍රදේශවල සුරාසැල් ජූනි 19 වන දින දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

(0)Comments | June 14, 2019 5:09 pm

කොටස් ගනුදෙනු සක්‍රීය වෙයි. පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී මෙම සතියේ පූර්ව දිනයන්ට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කළේය. මෙහි ඇති සුවිශේෂී සිදුවීම දිනය තුළ රුපියල් බිලියන 1.14 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 525ක් වන අතර ඊට සාපේක්ෂව දෙගුණයක පමණ පිරිවැටුමක් අද දින…

(0)Comments | June 14, 2019 4:51 pm

බැඳුම්කර විදෙස් ආයෝජන සතියක දී රු. මිලියන 300කින් ඉහළට

රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය පසුගිය සතියක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 311 කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2019 ජූනි 04 දින රු. මිලියන 142,640ක්ව පැවති රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන වටිනාකම 2019 ජූනි 12 දිනවන විට රු. මිලියන 142,951 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක මේ බව…

(0)Comments | June 14, 2019 4:19 pm

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් කොරියානු ජනරජයේ ජේජු දූපතේ දී ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා – කොරියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වයෙන් ප්‍රමුඛ පෙළේ කොරියානු ව්‍යාපාරිකයෙක් වන කිම් වොන් ජුන් මහතාගේ අනුග්‍රහය යටතේ පසුගිය දින මෙම මධ්‍යස්ථානය ආරම්භ විය.

(0)Comments | June 14, 2019 1:44 pm

ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිලිබඳ ඉදිරි දැක්මේ දායකත්වය වෙනුවෙන් මහ බැංකුවට ජනාධිපති සම්මාන

ජනාධිපති මෛත්තු‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 11වන දා නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික ඩිජිටල් මෙහෙයුම් සැලසුම එළිදැක්වීමේ උත්සවයේ දී ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයනුවස් මෙම සම්මානය ප්‍රදානය කෙරිණි. ශ්‍රී…

(0)Comments | June 13, 2019 4:05 pm

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් ආකර්ෂණීය පැකේජ පහක්

වර්ධනය වෙමින් පවතින ඉන්දීය වෙළදපළ තුළ ප්‍රවර්ධන කටයුතු දිරි ගැන්වීමේ අරමුණින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය පහසු මිල ගණන් යටතේ ආකර්ශනීය ගමන්වාර ඇරඹිම මේ සතියේ සිටක්‍රියාත්මකයි. ඉන්දියානු සංචාරකයන් සදහා වන ශ්‍රී ලංකාවේ ගමන් වාර පහසු මිල ගණන් යටතේ ආකර්ශනීය අන්දමින් ‘පැකේජ පහක්’ යටතේ ක්‍රියාත්මක වේ. මෙකී සහන පැකේජ කොළඹ, මහනුවර…

(0)Comments | June 13, 2019 3:59 pm

Uber Air උඩින් යන්න සූදානම්

Uber Air flights සේවාව අත්හදා බැලීමේ පළමු නියමු ව්‍යාපෘති ත්‍රිත්වයක් ලොව ප්‍රධාන නගර තුනක ක්‍රියාත්මක කිරීමට Uber ආයතනය සූදානම් වේ. මෙල්බර්න් නුවරට අමතරව එම නියමු ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ Dallas සහ Los Angeles යන නගර තෝරාගෙන තිබේ. ඒ අනුව 2020 වසරේදී මෙල්බර්න් නුවර මෙම Uber Air flights සේවාව අත්හදා බැලෙනු ඇත. ඉන් අනතුරුව 2023 වසරේදී එය…

(0)Comments | June 13, 2019 1:41 pm