Top News

ලන්ඩනයෙන් පිටත්වන ශ්‍රීලංකන් යානාවල කෑම කොන්ත්‍රාත්තුව Newrest Catering Services සමාගමට

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලෙන් පිටත්වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු ගුවන්යානා සඳහා අවශ්‍ය ආහාරපාන වර්ග වසර 03ක කාලයක් සඳහා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Newrest Catering Services  වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5ක මුදලකට පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | June 26, 2019 10:51 am

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5 ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක හා වසර 10ක (දිගු) පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙළින් 2024…

(0)Comments | June 25, 2019 6:12 pm

කොමර්ෂල් බැංකුව LankaPay-JCB කාඩ්පත් පිළිගැනීම අරඹයි

ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB (ජපාන ණය කාර්යංශය) සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් තමන්ගේ පොයින්ට්- ඔෆ්- සේල් (POS& යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු කිහිපය අතරට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. කොමර්ෂල් බැංකුව සහ LankaPay Common POS Switch පද්ධතිය එක්කිරීමෙන් පසුව ජපානයෙන් බිහිවූ එකම අන්තර්ජාතික ගෙවීමේ සන්නාමය වන JCB සමඟ දේශීය…

(0)Comments | June 25, 2019 6:10 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා චීනයේ ප්‍රමුඛ හා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල ප්‍රධාන සංස්කාරකවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීයේය. පාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි. LUXURYTIMES Magazine, Jiemian News, News.qq.com, Global Times සහ Zen Lake යන…

(0)Comments | June 25, 2019 5:59 pm

යුද්දෙන් පසුව නව ආර්ථිකයකට අපි ගියේ නැහැ. බැණුම් අහලා හරි ආර්ථිකය හැදුව නිසා ඉදිරියට යන්න පුළුවන් – අගමැති රනිල්

යුද්ධය අවසන් වූ පසු ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා නොගිය බවත්, ණය ලබාගෙන පාරවල් සෑදීමෙන් පමණක් රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (24) මුතුරාජවෙල ලංකා ඛනිජ තෙල් සංස්ථා පර්යන්තයේ ඉදිවූ Hyrax ලිහිසි තෙල් සම්මිශ්‍රණාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,…

(0)Comments | June 25, 2019 12:52 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය MICE සංචාරකයින් 200 ක් චෙන්නායි සිට කොළඹට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස චෙන්නායි සිට සංචාරකයින් 200 ක් කොළඹට රැගෙන එමින්  MICE (Meetings Incentives Conventions and Exhibitions)  ප්‍රවර්ධන ක්‍රියාකාරකමක්  පසුගියදා සංවිධානය කළේය. ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා  චෙන්නායි හි සිට මෙම සංචාරකයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ය. දිවයිනට පැමිණි…

(0)Comments | June 24, 2019 5:39 pm

S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට

S&P Dow Jones Indices විසින් 2019 පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව මෙසේ දැනුම් දෙයි.   2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධනයට අනුව අර්ධ වාර්ෂිකව දර්ශකය සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය…

(0)Comments | June 24, 2019 11:21 am

2019 මැයි මාසයේ දී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.6 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා පහළ ගියේ ය. මේ අතර, 2019 මැයි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින්…

(0)Comments | June 24, 2019 11:18 am

ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස අද (ජුනි 21) නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපතිතුමා විසින් ඵලකයක් නිරාවණය කර ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවට අයත් වෙරළ කලාපය සහ වෙරළාශ්‍රිත…

(0)Comments | June 21, 2019 12:56 pm

වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි

කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. “තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිතා නොකරයි. ආයෝජකයා විසින්…

(0)Comments | June 21, 2019 11:18 am