Top News

Lonely Planet ප්‍රකාශයෙන් විශාල ධෛර්යයක් ලැබෙනවා – අගමැති රනිල්

සංචාරක කර්මාන්තය පදනම් කර ගත් ලොව ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව, ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස නම් කිරීම, මෙරට සංචාරක කර්මාන්තයට විශාල ධෛර්යයක් සපයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක…

(0)Comments | July 4, 2019 1:53 pm

“Food City” වෙළෙඳ ලකුණ අනවසරයෙන් භාවිතා කරන්නන්ට එරෙහිව පියවර ගන්නවා – කාගිල්ස් සභාපති අවධාරණය කරයි

දිවයිනේ විශාලතම සිල්ලර වෙළෙඳ අලෙවි ජාලය වන කාගිල්ස් ෆුඩ් සිටි හි “Food City” වෙළෙඳ ලකුණ අනවසරයෙන් භාවිතාකරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට පියවර ගන්නා බව කාගිල්ස් සිලෝන් පීඑල්සී හි සභාපති ලොයිස් පේජ් මහතා පවසයි. කාගිල්ස් සිලෝන් පීඑල්සී හි 2018/19 වාර්ෂික වාර්තාව හරහා සිය තොටස්කරුවන් අමතමින් සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටී. “භූගෝලීය වශයෙන් මුළු ශ්‍රී ලංකාවම ආවරණය…

(0)Comments | July 4, 2019 12:50 pm

පිට පිටම නවවන වරටත් කොමර්ෂල් බැංකුව ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට

2019 වසරේදී ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර මේ සමගින් මෙම ගෞරවණීය වර්ගීකරණයේ පිට පිටම වසර නවයක් රැුඳී සිටීමට හැකිවූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. එක්සත් රාජධානියෙහිිද බෑන්කර්’ ස`ගරාව විසින් වාර්ෂිකව ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 තෝරා ගන්නේ පළමු පෙළ ප‍්‍රාග්ධනය, බදු වලට පෙර ලාභය, සමස්ත…

(0)Comments | July 4, 2019 11:17 am

අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීමේ කොන්ත්‍රාත්තුව චීනයේ Dongfang ට පිරිනමන්න චම්පිකගෙන් යෝජනාවක්

ජාතික ගැටලුවක්ව පවතින නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත අරුවක්කාලු හි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂණ භූමි පිරවුම් කසල බැහැර කිරීමේ විසඳුම ක්‍රියාවට නැංවීම සඳහා කැලණිය සිට අරුවක්කාලු තෙක් ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ…

(0)Comments | July 3, 2019 11:38 am

නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය. ආයෝජනය ඩොලර් මිලියන 50ක්

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයක් සහිත නුවරඑළිය ප්‍රදේශ්‍ය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක ආකර්ශනය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන…

(0)Comments | July 3, 2019 11:13 am

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මුළු ණය ඩොලර් මිලියන 750 ඉක්මවයි

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 750 ඉක්මවා ඇති බව, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2019 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විසින් අනාවරණය කර තිබේ. මේ අතර 2019 වසරේ පළමු මාස 04 අවසානයේ දී ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති…

(0)Comments | July 2, 2019 12:37 pm

මාස 04 දී තෙල් සංස්ථාවේ සමස්ත අලාභය රු. බිලියන 21 පනී. රුපියලේ බාල්දුවෙන් රු. බිලියන 9ක අලාභයක්

2019 මුල් මාස 04 තුළ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු. බිලියන 11.14 ක් දක්වා සහ සමස්ත අලාභය රු. බිලියන 21.17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සහ බලශක්ති උත්පාදන අංශය වෙත ලබා දෙන ඉන්ධනවල මිල ගණන්, ජාත්‍යන්තර…

(0)Comments | July 2, 2019 12:26 pm

සම්පත් බැංකුවේ හිමිකම් නිකුතුව සාර්ථකයි. රු. බිලියන 12.1ක් රැස් කර ගනී

සම්පත් බැංකුව විසින් 2019 මාර්තු 01 දින ප්‍රකාශයට පත් කරන ලද හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 89,006,863ක්, හිමිකම් කොටස් නිකුතුවක් හරහා නිකුත් කිරීමට 2019 මාර්තු 28 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ…

(0)Comments | July 1, 2019 5:38 pm

වතුර බෝතලෙන් ගසා කෑම – පනහේ බෝතලේ දෙසිය පනහයි

2018 සැප්තැම්බර් 28 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති අනුර බී. මැද්දේගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් කියැවෙන්නේ දේශීය වශයෙන් අලෙවි කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවකි. 2090/40 දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ…

(0)Comments | July 1, 2019 1:30 pm

SLASSCOM ශ්‍රී ලංකාව සඳහා කෘතිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් හඳුන්වාදෙයි

ශ‍්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (Sri Lanka Association of Software and Services Companies – SLASSCOM) විසින් පසුගියදා ශ‍්‍රී ලංකාව සඳහා කෘත‍්‍රිම බුද්ධි (AI)ජාතික සැලසුම් රාමුවක් හඳුන්වා දෙන ලදි.  2019 ජූනි මස 26 වනදා කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවති උත්සවයකදී මෙය එළිදැක්වීම සිදුකෙරිණි. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency…

(0)Comments | June 28, 2019 10:50 am