Top News

ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ පී 625 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා…

(0)Comments | July 8, 2019 4:26 pm

ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියට නැහැ. රසායනාගාර පරීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල්වල නියැදි පරීක්ෂා කිරීමේ දී ඒවා අදාළ ප්‍රමිතියට අනුව නොමැති බව හෙළි වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ සම්බන්ධයෙන් කරන ලද රසායනාගාර පරීක්ෂණයක දී ඔක්ටේන් 92 මට්ටමේ තිබිය යුතු පෙට්‍රල්වල සැබැවින්ම ඇත්තේ ඔක්ටේන් 90.5 ක මට්ටමක් බව තහවුරු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය…

(0)Comments | July 8, 2019 10:37 am

ඉරිදාට මෝටර්රථ තහනම් කොළඹ පාරවල් මෙන්න

කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් ‘Car-Free Day’ (CFD) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. ‘CarFreeCMB’ වැඩසටහන 2019 ජූලි මස 14 දින පෙරවරු 6 සිට දහවල් 12 දක්වා නිදහස් මාවතේ සිට ග‍්‍රීන් පාත් දක්වා පැවැත්වේ. පදිකයන් ලෙස හෝ බයිසිකල් සහ ස්කේට් බෝඞ් වැනි, යාන්ති‍්‍රක නොවන ගමනාගමන…

(0)Comments | July 8, 2019 10:15 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් කටයුතු තවත් මාස 06කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2019 ජූලි මස 05 වැනි දින ප.ව….

(0)Comments | July 5, 2019 4:55 pm

ජූලි මාසයේ පොහොර අවශ්‍යතාවයේ වටිනාකම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ටෙන්ඩර් ලබා ගත් සමාගම් මෙන්න

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ජූලි මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 30,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 318.25 බැගින් ඇග්‍රිකොමෝඩිටිස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින්ද, මියුරියේට් ඔ‍ෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 342.2 බැගින් සීමාසහිත ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම වෙතින්ද…

(0)Comments | July 5, 2019 1:22 pm

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනයට යෝජනාවක්

රාජ්‍ය ණය තිරසරව පවත්වා ගෙන යාම හා රාජ්‍ය මූල්‍ය අවදානම් කළමනාකරණය පිණිස 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත මඟින් හඳුන්වා දෙන ලැබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් රාමුවක් යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වා ගෙන යනු ලැබේ. පනත හඳුන්වාදීමේ සිට මුහුණ දීමට සිදු වූ සාර්ව ආර්ථික රාජ්‍ය මූල්‍ය අභියෝගයන්, සුනාමි ව්‍යසනය සහ…

(0)Comments | July 5, 2019 12:20 pm

සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන අසත්‍ය ප‍්‍රචාරවලට එරෙහිව ඇට්ලස් පියවර ගනී

අභිමානවත් ශ‍්‍රී ලාංකික සමාගමක් සහ රටේ ආදරය දිනූ දේශීය සන්නාමයක් වන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වන සංවස්තරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත. විශේෂයෙන්ම සකස් වූ මෙම වැඩසටහන්වලට ශිෂ්‍යත්ව ප‍්‍රදානයන් මෙන්ම නව නිෂ්පාදන එළිදැක්වීම්ද ඇතුළත් වේ. එමෙන්ම දේශයේ වටිනාකම් හා එකමුතුකම වර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් ඔස්සේ පාසල් තුළ දරුවන්ට වඩාත් හිතකර පරිසරයක්…

(0)Comments | July 5, 2019 10:59 am

කොළඹ කොටස් පිබිදෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපී පෙනෙ ඉහළ යාමක් අද (04) දින වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.42 කින් හා S&P SL20 දර්ශකය ඒකක 45.52 කින් දිනය තුළ දී ඉහළ යන ලදී. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,508.97 ක් හා S&P SL20 දර්ශකය…

(0)Comments | July 4, 2019 5:29 pm

සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවෙන් පසු දරුණු පසුබෑමකට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙම වාර්තාවලට අනුව 2019 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 37,802 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 මැයි මාසයේ හා සැසඳීමේ…

(0)Comments | July 4, 2019 4:10 pm

වසරකට ලක්ෂ 750ක් ඉතිරි කරගන්න ශ්‍රීලංකන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කටුනායකට යයි

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති සියළුම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික කාර්යාල කටුනායක පිහිටි එහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ. මෑත කාලීනව මාධ්‍ය වාර්තාවල පළ වූ අයුරින් ප්‍රධාන විකුණුම් සහ පාරිභෝගික මෙහෙයුම් කිසිවක්…

(0)Comments | July 4, 2019 3:19 pm