අඩු ආදායම් ලාභි පවුල් සදහා බලශක්තිය අඩුවෙන් වැය වෙන නිවාස ක්‍රමයක් හදුන්වාදීමේ පර්යේෂණය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළඹුණි. පසුගිය 15 වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී. මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ කේ සී කේ පෙරේරා සහ…
තිරිඟු පිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට මෙරට තිරිඟු පිටි අලෙවියේ නිරත ප්‍රධාන සමාගම් දෙක වන ප්‍රීමා සිලෝන් සමාගම හා සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම තීරණය කර තිබේ. මේ අනුව ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රු. 8 කින් සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රු. 7කින් ඊයේ දින සිට ඉහළ යන ලදී. මේ වන විට වෙළෙඳපොළේ…
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2019 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට ඇස්තමේන්තු කරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. වසර ආරම්භයේ දී මෙය 4% ක් බවට පුරෝකථනය කර තිබුණි. කෙසේවෙතත් දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ආර්ථික…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (15) දිනයේ දී රුපියල් බිලියන 9 සීමාව ඉක්මවා යනු ලැබීය. මෙය 2019 වර්ෂය තුළ දී තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම ලෙසින් වාර්තා වේ. මේ සඳහා අද (15) දිනයේ දී ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සිදු වූ කොටස් ගනුදෙනු කිහිපයකි. මෙම සමාගමේ කොටස් ගනුදෙනු…
මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොළිය 12% සිට 10% දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ ඊයේ (14) ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2,000කට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස්…
ශ්රී ලංකාවේ ප‍්‍රථම වරට මෝටර් රථ වලින් තොරව පදිකයන්ට සහ පාපැදි වලට පමණක් මාර්ග කිහිපයක් වෙන්කිරීමේ අරමුණින් සංවිධානය කළ CarFreeCMB වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. පදිකයන් ලෙස මෙන්ම පාපැදි, ස්කේට්බෝඞ් සහ රෝලර්බ්ලේඞ් වැනි ක‍්‍රම මගින් මෙම වැඩසටහන සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබිණි. කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ…
2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බවයි. “ඇත්තවශයෙන්ම 2019…
වර්තමානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික පොළී අනුපාතිය 32%ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක්ම මේ වන විට පියවර ගෙන තිබේ. මහ බැංකුව විසින් ණය පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් යන මෙවන් වකවානුවක දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොළිය මෙයාකාරයෙන් ඉතා ඉහළ අගයයක් ගන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ජූලි මස 11 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 ක් ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය…
මුදල් අමාත්‍යාංශය විසින් මාස්පතා ක්‍රියාවට නංවනු ලබන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යයම රාත්‍රියේ සිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය විසින් තීරණය කරනු ලැබූ බව ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 2 කින් සහ ඔක්ටේන් 35 පෙට්‍රල් හා සුපිරි…
Video Story