වැට් බද්දට අදාළව 2019 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල සඳහන් කරන ලද ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා ද, දේශීය ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා ඇතැම් දේශීය කර්මාන්ත දිරි ගැන්වීම සඳහා ද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. එසේම ඉදිකිරීම්,…
මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගැනේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ෆේස්බුක් ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාලය තම ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට හැකි ආකාරය පිලිබඳව දැනුම ලබා දීම සිදුකෙරේ. මෙහි මුල් අදියරේදී ස්මාර්ට් සමාජ…
සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, කාම්බෝජය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්…
සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය. විදේශ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ. දැනට…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක්ව තිබේ. ඉන්දියාවෙන් ගෙන් වූ එම බලවේග කට්ටලය සහ දුම්රිය එංජිම මේ වන විට කොළඹ වරායට ගොඩ බා තිබෙන අතර ඒවා මෙරට ගෙන්වා ඇත්තේ ඉන්දීය ණය ආධාර යටතේය. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇණවුම් කෙරෙන මුළු ද්විත්ව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන මූලික තනතුරු දෙක තනි පුද්ගලයෙකු විසින් දැරිය නොහැකි වන සේ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පියවර ගෙන තිබේ. මේ පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා උපදේශන පත්‍රයක් පිළියෙල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ ලිඛිත අදහස්…
1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥාපනතෙහි ප්‍රධාන කාර්යය වන්නේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ සුබසාධනය පවත්වාගෙන යාමට ඉවහල් වන අයුරින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තශාලා පරීක්ෂා කිරීමයි. මෙම පනතේ විධිවිධාන අවුරුදු 65කට අධික කාලයක් ක්‍රියාත්මක වුවද ඊට අදාළව මේ දක්වා සම්පාදනය කර ඇත්තේ නියෝග කිහිපයක් පමණි. ඒ අනුව, ඵලදායී අයුරින් නීතිය බලගැන්වීමේ…
ශ්‍රීලංකන් ගුවන් සමාගම හා CFM ආයතනය අතර අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන්ට අනුකූලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා CFM ඉන්ටනැෂනල් ආයතනය වෙතින් අමතර LEAP එන්ජින් 02ක් මිල දී ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ විධිවිධාන අනුව, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 3.50ක බද්දක් ලියාපදිංචි තේ අපනයනකරුවන්ගෙන් අය කරනු ලැබේ. මේ වන විට තේ අපනයනය මත පනවා ඇති අනෙකුත් ඍජු හා වක්‍ර බදු මෙන්ම ආර්ථික සේවා ගාස්තු හේතුවෙන් තේ නිෂ්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යන බැවින් තේ ප්‍රවර්ධන…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 මැයි මාසයේ පැවති සියයට 3.5 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 ජුනි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන්…
Video Story