Top News

වැඩිම විදෙස් සෘජු ආයෝජන හොංකොං දේශයෙන්

2015 වසරේ ශ්‍රී ලංකාව තුළ සිදුකළ විදේශීය සෘජු ආයෝජන අතුරින් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ හොංකොං වලිනි. මෙහිදී ගෙවී ගිය වසර තුළ විදේශීය සෘජු ආයෝජන සිදුකරන ලද සෙසු ප්‍රධානතම රටවල් ලෙසින් පිළිවෙලින් මුරුසි දිවයින, නෙදර්ලන්තය, චීනය සහ ඉන්දියාව හඳුනාගෙන තිබේ. විදේශීය සෘජු ආයෝජන වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ඉඩම් සංවර්ධනය, සංචාරක සහ විදුලි සංදේශ යන ව්‍යාපෘති…

(0)Comments | April 28, 2016 10:10 am

සාම්පූර් බලාගාරයේ දෙවන අදියරට ජපාන රජයේ පූර්ණ සහාය

ප‍්‍රධාන ජාලයට මෙගාවොට් 500ක ධාරිතාවයක් සැපයීමට නියමිත සාම්පූර් බලාගාරයේ දෙවැනි අදියර ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තම රටේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ජපන් රජයේ තානාපති කෙනචි සුගනුමා මහතා (H.E. Mr. Kenichi Suganuma) අවධාරණය කරයි. තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ එම අමාත්‍යාශ පරිශ‍්‍රයේ පැවති නිල සාකච්ඡාවකදීය. දෙරට…

(0)Comments | April 28, 2016 5:13 am

නව දේශපාලන වෙනස්කම හමුවේ ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට රටවල් රැසක් එක් වෙයි

නව දේශපාලන වෙනස්කම හමුවේ ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් බව ලොව රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමටද ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් ඉදිරිපත් ව සිටිති. මෙම කරුණු අනාවරණ වූයේ අප්‍රේල් මස 13 වැනි දා සිට 17 වැනි දා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්…

(0)Comments | April 28, 2016 4:46 am

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳපොළ ආයෝජනයට නොර්වේ ඉඩ දෙයි

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳපොළට අදාළ ආයෝජනයන්ට සිය රට තුළ ඉඩකඩ ලබා දෙන බව නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මත්ස්‍ය අපනයනය තහනම් කරමින්, යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා ඉඩකඩ ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති…

(0)Comments | April 28, 2016 4:43 am

පෝට්සිටි නතර වූ නිසා සෘජු විදෙස් ආයෝජන අඩුවෙලා

2015 වසර තුළ දී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබා ගත් ණය ද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 1,161 ක් ලෙසින් වාර්තා වන අතර 2014 වසරේ දී අදාළ අගය වූ ඩොලර් මිලියන 1,635 හා සැසඳීමේ දී මෙය සැලකිය යුතු අඩුවීමකි. මේ අතර ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ඉවත් කළ පසු විදේශීය සෘජු…

(0)Comments | April 27, 2016 1:09 pm

රුපියල ඉදිරියේ යූරෝ බාල්දුයි. ඩොලරය නගින්න හේතු මෙන්න.

2015 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 9% කින් අවප්‍රමාණය වී ඇති බව ඊයේ (26) එළිදක්වන ලද 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙහි සඳහන් වේ. ඊට අනුව පසුගිය වර්ෂය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා රුපියල් වටිනාකම රු. 131.00 සිට රු. 144.10 දක්වා වැඩි වී තිබේ. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර,…

(0)Comments | April 27, 2016 11:46 am

අපනයන සල්ලි නිසි වේලාවට නොගෙනාවොත් දඩ Video

අපනයන සඳහා වන ගෙවීම් යම් කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවත් එසේ නොකිරීම විනිමය පාලන නීති උල්ලංඝනය කිරීම යටතට ගැණෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | April 27, 2016 8:21 am

මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදී.

(0)Comments | April 27, 2016 6:21 am

තැඹිලි දැන් ගිනි ගණන්

දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක මිල රු. 80 ක් පමණ වන බව අද දෙරණ Biz කළ නිරීක්ෂණයක දී තහවුරු කර ගත හැකි විය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තැඹිලි වෙළෙන්ඳන් කියා සිටියේ විශාල වශයෙන් තැඹිලි අපනයනය කරන බැවින් පිටකොටුව තොග වෙ‍ළෙඳපොළ වෙත ප්‍රමාණවත් තැඹිලි…

(0)Comments | April 27, 2016 5:05 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි – මහ බැංකු අධිපති කියයි

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඊයේ (26) සන්ධ්‍යාවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.50%, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50%…

(0)Comments | April 27, 2016 4:11 am