Top News

මැයි 02 වෙනදා පුද්ගලික අංශයට නිවාඩු ලැබුණේ මෙහෙමයි. සේවක නිවාඩු ගැන සම්පූර්ණයෙන් දැනගන්න.

අද දින (02) රජයේ රාජකාරි දිනයක් වුවද බැංකු සහ බොහෝ පුද්ගලික අංශයේ කාර්යාලවලට නිවාඩු දිනයකි. ඒ ඊයේ ට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වූ බැවිනි. යම් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු…

(0)Comments | May 2, 2016 6:22 am

රට පුරා යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 3.7 ක්

පාර්ලිමේන්තුවේ සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ කර ගනිමින් මෙරට තුළ යටිතල පහසුකම් සංවර්ධනයට විමධ්‍යගත මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. මෙම වැඩපිළිවෙල සඳහා රජය වැය කරන මුළු මුදල රුපියල් බිලියන 3.7 කි. ගරු අග්‍රාමාත්‍යතුමන් පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන…

(0)Comments | May 2, 2016 5:52 am

ආචාරධර්ම සුරකින ව්‍යාපාරික ලොවක් උදෙසා JCI ආයතනය BIZMEET 2016 දියත් කරයි

BIZMEET 2016 නමින් විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට තමන් පියවර ගෙන ඇති බව ජූනියර් චෙම්බර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (Junior Chamber International -JCI) ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අනාගතයේදී ව්‍යාපාරික ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන්නන් අතර සදාචාරවත් ව්‍යාපාරික පුරුදු ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමන් ඇතුළුව…

(0)Comments | May 1, 2016 12:18 pm

කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්

2016 අයවැය යෝජනා අනුව පසුගිය ජනවාරි 01 වැනි දින සිට ඉවත් කරන ලද කොටස් වෙළෙඳපොළ කොටස් ගනුදෙනු බද්ද යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා පියවර ගැනුණි. මේ සම්බන්ධයෙන් පළමු වරට නිවේදනයක් නිකුත් කරනු ලැබුයේ පසුගිය අප්‍රේල් 12 වැනිදා ය. එහිදි කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ 2016 අප්‍රේල් 15…

(0)Comments | May 1, 2016 8:54 am

එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

2016 වසරේ අප්‍රේල් මාසයේ වොෂිංටන් නගරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ අවුරුදු 3 ක කාලපරාසයක් පුරා දිවෙන ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙන ලදී.

(0)Comments | May 1, 2016 4:04 am

මාස 03 කට පසු කොළඹ කොටස් 6,500 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය මීට සුළු මොහොතකට පෙර ඒකක 6,500 සීමාව ඉක්මවා යන ලදී. අවසාන වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,500 සීමාවෙහි පැවතියේ පසුගිය 2016 ජනවාරි 14 වන දිනයේ දීය. අද පස්වරු 12.52 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 58.49 කින් ඉහළ ගොස් ඒකක 6,501.02 ක් ලෙසින් වාර්තා…

(0)Comments | April 29, 2016 7:35 am

බදු නීතිය සංශෝධනයට සාකච්ඡා

ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයත්, රජයේ ආදායම් පහළ යාමත් හමුවේ බදු සංශෝධන අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පැවසීය. ඊයේ කොළඹ දී පැවති එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර ආර්ථික හා සාමාජයීය සමීක්ෂණ වාර්තාව 2016 (UN Economic and Social Survey of Asia and the Pacific Report 2016) එළිදැක්වීමේ උත්සව අවස්ථාවට…

(0)Comments | April 29, 2016 7:05 am

අධ්‍යාපනයට VAT නැහැ – ආචාර්ය හර්ෂ කියයි

හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් නව VAT බදු සංශෝධන සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ජනතාව නොමඟ යවනසුළු එකක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී. සිය ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. පෙරපාසල් සිට තෘතීයික අධ්‍යාපන මට්ටම් දක්වා මෙන්ම…

(0)Comments | April 29, 2016 5:09 am

කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සංවිධානය කරන “ව්‍යවසායිකා සම්මාන උළෙල“ මේ වසරේදීත්

ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ව්‍යවසායිකාවන් දිරිගන්වමින් ඔවුන් විසින් මෙරට ආර්ථීකය සඳහා ලබා දෙන දායකත්වය අගයනු පිණිස දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන ව්‍යවසායිකා සම්මාන උළෙල මේ වසරේ අගෝස්තු මස 5 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) අද දින (27) පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කරන…

(0)Comments | April 29, 2016 4:42 am

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

2016 මැයි 02 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දින ඉරිදා දිනයක් වීම හේතුවෙන්, මෙලස ඊට පසු සඳු දින බැංකු නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබේ. මේ අතර මැයි 02 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ද ගනුදෙනු සඳහා විවෘත…

(0)Comments | April 28, 2016 10:36 am