Top News

මිලියන 24,000 ක බැඳුම්කර නිකුතුවක්

රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අප්‍රේල් 28 වන දින පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. 2018, 2020 හා 2022 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ සිදුකරනු ලබන මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා එක් කාණ්ඩයකට රුපියල් මිලියන 8,000 බැගින් බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය…

(0)Comments | April 26, 2016 9:47 am

ශ්‍රීලංකන් හවුලකට සූදානම්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම අරමුණින් හවුල් ව්‍යාපාරයක් සඳහා යොමු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ සඳහා රජය විසින් ව්‍යාපාරික හවුල්කරුවකු හෝ ආයෝජකයෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දින අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

(0)Comments | April 26, 2016 9:34 am

ලංකා වාණිජ මණ්ඩලය හා මිලේනියම් චැලේන්ජ් අතර සාකච්ඡා

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලය නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විෂ් ගෝවින්දසාමි, ප්‍රධාන විධායක නිලධාරිනී ධාරා විජයතිලක හා හිටපු සභාපති සුරේෂ් ෂා යන මහත්ම මහත්මීන්…

(0)Comments | April 26, 2016 8:54 am

වැට් නිසා වාහන මිල ඉහළ යන බවට තවම තීරණයක් නැහැ

ලබන මැයි 02 වන දින සිට සංශෝධිත වැට් බදු ගැළපුම ආනයනික වාහන සඳහා අදාළ වන්නේ දැයි යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති කෝකිල දීකිරිවැව මහතා කියා සිටියේ ආනයනික වාහන සඳහා මෙතෙක් වැට් බදු අය කිරීමක් සිදුනොකළ බවත්, ආනයනික තීරු…

(0)Comments | April 26, 2016 7:59 am

කැල්ටෙක්ස් කොටස් දෙකට කැඩෙයි

ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි නිකුත් කළ කොටස් ප්‍රමාණය දෙගුණ කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රමාණය වූ කොටස් මිලියන 120, කොටස් මිලියන 240 ක් දක්වා දෙගුණ වනු ඇත. දැනට පවතින සමාගමේ සාමාන්‍ය කොටසක් සාමාන්‍ය කොටස් දෙකක් බවට මෙහිදී විභජනය වීමට නියමිතය. මෙහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක්…

(0)Comments | April 26, 2016 6:45 am

මාර්තු මාසයේ දී ඉහළ උද්ධමනයක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ 1ග7% සිට 2016 මාර්තු මාසයේ දී 2.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩය මෙම ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ…

(0)Comments | April 24, 2016 4:25 pm

වර්තමාන රජය විසින් ගෙන තිබෙන ඩොලර් මිලියන 6,361 ක ණය ගැන ඇත්ත මෙන්න

-හර්ෂගෙන් මහින්දට පිළිතුරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දිගින් දිගටම චෝදනා කළේ වර්තමාන රජය මාස 15 ක් වැනි කාලයක් තුළ ඩොලර් මිලියන 6,361 ක විදේශ ණය ගෙන තිබෙන බවත් මෙම ණය මුදල් වලින් බෝක්කුවක් හෝ ඉදිකර නොමැති බවටයි. මෙම මුදල් වලින් තමන්ට මත්තල වැනි ගුවන් තොටුපොළවල් දෙකක්, හම්බන්තොට වැනි වරායක්, නොරොච්චෝලේ වැනි ගල් අඟුරු…

(0)Comments | April 23, 2016 4:12 pm

බිල් පොළිය පහළට

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතික පහළ ගොස් තිබේ. මෙහිදී දින 91- 8.9% සිට 8.47% දක්වා, දින 182 – 9.76% සිට 9.57% දක්වා සහ දින 364 – 10.64% සිට 10.23% දක්වා පහළ ගොස් ඇත. අද පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර වෙන්දේසිය සඳහා…

(0)Comments | April 6, 2016 11:36 am

චීන ශ්‍රී ලංකා සබඳතා ඓතිහාසික සන්ධිස්ථානයකට ගෙන එනවා

වත්මන් රජය චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විපක්ෂයේ අන්තවාදී පිරිසක් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බවත්, නිරන්තරයෙන් චීනය ශක්තිමත් රාජතාන්ත්‍රික මිතුරෙක් ලෙස සලකා රජය කටයුතු කරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. වත්මන් රජය දියත් කර ඇති ශක්තිමත් විදේශ ආයෝජන ප්‍රතිපත්තිය තුල චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත්…

(0)Comments | April 6, 2016 9:10 am

S&P/CSE අංශ (Sector) සහ කර්මාන්ත කාණ්ඩ (Industry Group) දර්ශකය හඳුන්වාදෙයි

ලොව ප්‍රමුඛ දර්ශක සැපයුම් සමාගමක් වන S&P Dow Jones Indices (“S&P DJI”) සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධව, S&P/CSE අංශ සහ කර්මාන්ත කාණ්ඩ දර්ශක අද (06) දිනයේ දී හඳුන්වා දෙනු ලැබීය. Global Industry Classification Standard (GICS®) වර්ගීකරණයට අනුව වර්ගීකරණයවී ඇති, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විවිධ අංශ සහ කර්මාන්ත කාණ්ඩයන්හි ක්‍රියාකාරිත්වය මිනීම සදහා මෙම සවිස්තරාත්මක දර්ශක ශ්‍රේණිය නිර්මාණය…

(0)Comments | April 6, 2016 7:08 am