Top News

ට්‍රයඩ් අදහසකින් මව්බිම ‘මව්දින‘ වෙයි

පසුගිය ඉරිදා දිනට යෙදුණු ලෝක මව්වරුන්ගේ දිනය (2016.05.08) නිමිති කොට ගෙන ඉරිදා මව්බිම පුවත්පතෙහි නම ‘මව්දින‘ ලෙස නම වෙනස් වී තිබුණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජාතික පුවත්පතක් වන මව්බිම පුවත්පත, මෙම නිර්මාණශීලී තීරණයට එළැඹ තිබුණේ ‘ට්‍රයඩ්‘ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ අදහසක් අනුවය. ජාතික පුවත්පතක නමක් වෙනස් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙම තීරණය අනිවාර්යෙන්ම ඉතිහාසයට එක්වනු…

(0)Comments | May 10, 2016 5:50 am

වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා එළිදක්වන ලද දත්ත වාර්තාවලට අනුව 2016 මැයි 05 දින දක්වා කාලය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. මෙහි ඇති වඩාත් ඛේදජනක තත්ත්වය නම් සෙසු විදේශ විනිමයන් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියලේ වැඩි වශයෙන් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිව වීමයි. වසරේ මුල්…

(0)Comments | May 9, 2016 11:10 am

ගාඩියන් ඉන්වෙස්ට්මන්ට් ඩර්ඩන්ස් රෝහලට සමුදෙයි

ඩර්ඩන්ස් රෝහලේ 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ The Ceylon Guardian Investment Trust PLC සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අද (09) දිනයේ දී විකුණා දමනු ලැබීය. ඩර්ඩන්ස් රෝහලේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 2.03% කට The Ceylon Guardian Investment Trust PLC හිමිකම් කියූ අතර මේ අනුව අද දිනයේ දී විකුණා දැමූ කොටස් ප්‍රමාණය 518,371 කි. කොටසක් රු. 95.00…

(0)Comments | May 9, 2016 10:13 am

චෙක් ව්‍යාපාරික දූතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

තානාපති මිලාන් හොවොර්කාගේ ප්‍රධානත්වයෙන් යුතු චෙක් ජනරජයේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. Viktovice Power Engineering, Eldis, Fans, Skoda Doosan Power සහ Techno export යන චෙක් සමාගම්වල ප්‍රධාන පෙළේ නියෝජිතයෝ පිරිසක් මීට එක්ව සිටියහ. ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය හා චෙක් ව්‍යාපාරික දූත පිරිස අතර හමුවක් පසුගිය දා පැවති අතර ජල විදුලි, ගුවන්තොටුපළ සඳහා…

(0)Comments | May 9, 2016 5:18 am

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 3 ක ණයක්

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහි ලා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ. පසුගිය දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පැවති 49 වැනි ආසියානු සංවර්ධන බැංකු මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී මේ සඳහා වන ණය ගිවිසුම් එකඟතාවයට පැමිණ ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනම…

(0)Comments | May 9, 2016 4:50 am

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව negative ලැයිස්තුවේ සිට positive ලැයිස්තුව දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 1.5 ණය සඳහා ගිවිසුම්ගත වීම හේතුකොට ගෙන රටේ විදේශ විනිමය සංචිතවල වර්ධනයක් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ නවතා තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති…

(0)Comments | May 7, 2016 2:45 pm

පසුගිය මුල්‍ය වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය පසුගිය මූල්‍ය වසර හා සැසඳීමේ දී 2016 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ විශේෂ වර්ධනයක් (විගණනය නොකළ මූල්‍ය වාර්තා ආශ්‍රයෙනි) වාර්තා කර ඇති බව ගුවන් සමාගම දැනුම් දෙයි. කෙසේ වෙතත් ගුවන් සමාගම තවමත් නොවිසඳූ බාධක මධ්‍යයේ තම මෙහෙයුම් කටයුතු ඉදිරියට සිදුකරනු ලබයි. ගුවන් ගමන් ව්‍යාපාරයේ සංකීර්ණත්වය සැළකිල්ලට…

(0)Comments | May 6, 2016 1:01 pm

2015 වසරේදී ලොව ගුවන් සේවාවන් ගමන් මලූ හැසිරවීමේදී පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරයි

ගමන් මලූ හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ගුවන් සේවාවන් ගන්නා උත්සාහය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසර ගමන් මලූ හැසිරවීමේ දෝෂ අවම ප්‍රමාණයක් වාර්තා වූ වසරක් බවට පත්විය. SITA Baggage Report 2016 වාර්තාවට අනුව 2015 වසරේදී ගමන් මලූ හැසිරවීමේ දෝෂ වාර්තා වූයේ මගීන් දහසකට ගමන් මලූ 6.5 ක් වශයෙනි….

(0)Comments | May 6, 2016 12:38 pm

ලබන සතියේ පැවැත්වෙන රජයේ සුරැකුම්පත් වෙන්දේසි මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දශ ලක්ෂ 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් එළඹෙන මැයි 11 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් යටතේ පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 6000, 12000 හා 12000 යනා දී වශයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මීට අමතරව රුපියල් දශ ලක්ෂ 19,000…

(0)Comments | May 6, 2016 8:43 am

සෞදි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ඒවීම කඩිනම් කිරීමට එරට සූදානම්

නියෝජ්‍ය ඇමති හර්ෂගේ දීර්ඝ කරුණු දැක්වීම ඵල දරයි සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැයි…

(0)Comments | May 6, 2016 8:42 am