Top News

දශ ලක්ෂ 31,000 ක භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසියට

රුපියල් දශ ලක්ෂ 31,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් හෙට (01) දින ‍වෙන්දේසියට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාල සඳහා පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 12000, 10000 සහ 9000 බැගින් වන වටිනාකම්වලින් යුතු බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇත.

(0)Comments | May 31, 2016 9:09 am

ඉස්වරන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

සිංගපූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමති එස්. ඉස්වරන් මහතා අද (31) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සිංගපූරු සමාගම් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමත් ඉස්වරන් මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණු වේ. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී නැගෙනහිර පළාතේ සංචාරයක නිරතවීමට ද සිංගපූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා සැලසුම් කර…

(0)Comments | May 31, 2016 8:32 am

වැට් බදු ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් ඇති වෙයිද?

2016 මැයි මාසයේදී එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ප්‍රතිශතය 15% දක්වා ඉහළ ගියේය. මේ අනුව සිදු විය හැකි ක්ෂුද්‍ර ආර්ථීක ප්‍රතිඵල කවරේද යන්න විමසනු වටී. මෑතකදී එවර්ජොබ්ස් ආයතනය විසින් වැට් බද්ද ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා…

(0)Comments | May 31, 2016 6:08 am

Siemens සමාගම ශ්‍රී ලංකාව හා අත්වැල් බැඳගනී

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාර්ට් නගර , සහ නව නගර සැලසුම් ඇතුළත් බස්නාහිර මෙගා පොලිස් සැලස්ම පිළිබඳ සංකල්පීය අධ්‍යයනයක් කිරීම සඳහා සාකච්ඡා අරඹයි. ලොව පුරා ස්මාර්ට් නගර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන Siemens සමාගම මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට…

(0)Comments | May 31, 2016 5:55 am

ගරුඩාගේ ලංකා ගමන් වැඩි කිරීමේ තීරණයක්

ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ. පසුගියදා ජපානයේ පැවති G-7 සමුළුවට සහභාගීවීම සඳහා ජපානයට ගොස් සිටි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති Joko widodo මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු එහිදී මෙම තීරණය ගෙන ඇත. ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන්…

(0)Comments | May 30, 2016 6:03 am

රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් 2017 අගෝස්තු මාසයේදී ‘සිලෝන් ටී එක්ස්පෝ’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් 2017 අගෝස්තු මාසයේදීම පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වලද යුරෝපීය…

(0)Comments | May 30, 2016 5:35 am

දුලාන් ද සිල්වා එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානයේ සම්මානයට පාත‍්‍ර වෙයි

ශී‍්‍ර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමියෙකු හා මෙරට දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛතම කි‍්‍රයාකාරීයෙකු වන දුලාන් ද සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් පසුගියදා සම්මානයක් පිදීය. එම සම්මාන ප‍්‍රදානය සිදුවූයේ ගරු කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කළ උත්සවයකදීය. ශී‍්‍ර ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට අරමුදල්…

(0)Comments | May 30, 2016 5:09 am

ඉන්දියානු මෝටර් රථ මිල පහළට

පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කුඩා මෝටර් රථ වර්ගවල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි. Business Standard වාර්තාවකට අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි 800cc…

(0)Comments | May 30, 2016 4:59 am

ප්‍රියස් මිල කෝටිය පනී

අානයනය කරනු ලබන වාහන සඳහා නව ඒකක බදු ක්‍රමයක් හඳුන්වා දීමත් සමඟම වාහන ගණනාවක මිල ගණන් සංශෝධනය වී තිබේ. මෙහිදී ඇතැම් වාහන සඳහා වන ආනයන බදු විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර තවත් මෝටර් රථ කිහිපයක බදු පහළ යාමක් වාර්තා වී ඇත. මේ අතර මෙම බදු සංශෝධනයක් සමඟම විශාල වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 27, 2016 8:14 pm

වාහන බදු වැඩි වීමේ නිල නිවේදනය මෙන්න

සංශෝධනය කරන ලද වාහන ආනයන බදු පිළිබඳ නිල නිවේදනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් වී තිබේ. ඊට අනුව මෙම නව බදු ක්‍රමය අද (27) දින සිට බලපැවැත්වෙනු ඇත. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනයයි.

(0)Comments | May 27, 2016 10:09 am