Top News

දුම්රිය නවීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160ක්

දුම්රිය මෙහෙයුම් නවීකරණය කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් දුම්රිය අංශයේ වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160 ක ණය ආධාර ලබාගැනීමට තීරණය කර ඇත. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ දායකත්වය ඇමරිකානු…

(0)Comments | August 20, 2019 12:36 pm

ලක්ෂ 14 ක් රාජ්‍ය සේවයේ

2018 වසර අවසාන වන විට රාජ්‍ය සේවයේ නියුතු සම්පූර්ණ සේවක සංඛ්‍යාව 1,410,598 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2016 වසරේ දී මෙම ප්‍රමාණය 1,389,767 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී එම ප්‍රමාණය දැක්වුණේ 1,396,725ක් ලෙසිනි. 2018 සංඛ්‍යාලේඛනවලට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් 1,161,891 ක් රාජ්‍ය ආයතනවලත්, 248,707 ක් අර්ධ රාජ්‍ය ආයතනවලත්…

(0)Comments | August 20, 2019 11:30 am

ලෝකයේ හොඳම සහ බුද්ධිමත්ම සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නව වැඩසටහනක්

ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන යටතේ ලොව ප්‍රධාන රටවල කිහිපයකම බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ. එසේ අනියුක්ත කළ එක් නිලධාරියෙකු පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය. අදාළ නිලධාරියා ජර්මනියේ බර්ලින් නුවර සිට සිය…

(0)Comments | August 19, 2019 1:28 pm

මීළඟ මුදල් ප්‍රතිපත්ති විවරණය 23 දා

2019 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 අගෝස්තු මස 23 වැනි සිකුරාදා දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මීට පෙර 2019 මැයි 31 දින, 2019 අංක 3 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින්, 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික…

(0)Comments | August 19, 2019 12:58 pm

නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළට

2019 ජූලි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජුනි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 1.8කින් ඉහළ යමින් 2019 ජූලි මාසයේ දර්ශක අගය 55.7ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම්වල සිදු වූ සැලකියයුතු ඉහළ යෑම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යාම ද, නිෂ්පාදන…

(0)Comments | August 19, 2019 11:42 am

වසරකට KUV1OO රථ 5,000 ක් එකලස් කරන නවතම කර්මාන්තශාලාව අගමැති අතින් විවෘත කෙරේ

මහින්ද්‍රා තම පළමු මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ශ‍්‍රී ලංකාවේ අරඹමින් ගෝලීය පියවරක් තබයි   ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ‍්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්න හි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත් සමග ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක්…

(0)Comments | August 18, 2019 12:17 pm

සීලිං ෆෑන්වලට නව නීතියක්. ප්‍රමිතියට නැති ඒවා වෙළෙඳපොළෙන් ඉවතට

දැනට වෙළෙඳපොළේ තිබෙන සීලිං ෆෑන් සම්බන්ධයෙන් පවතින නීතිය බලාත්මක කරනු ලබන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අසංක රොද්‍රිගෝ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට වෙළෙඳපොළේ තිබෙන සීලිං ෆෑන්වල බලශක්ති කාර්යක්ෂමතාවය දැක්වෙන ස්ටාර් ලේබලය අනිවාර්යයෙන් තිබිය යුතු බවත්, එසේ…

(0)Comments | August 16, 2019 11:56 am

හෙට සිට ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කෙරෙන අලුත්ම වාහනය මෙන්න

රු. බිලියන 3ක ආයෝජනයෙන් ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අගමැති අතින් හෙට විවෘත වේ රුපියල් බිලියන 3ක පමණ ආයෝජනයකින් කළුතර දිස්ත‍්‍රික්කයේ වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදි කෙරුණු මහින්ද්‍රා අයිඩියල් ලංකා (පුද්) සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) සුබ මොහොතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් විවෘත වේ. මහින්ද්‍රා…

(0)Comments | August 16, 2019 10:45 am

යාපනය කේන්ද්‍ර කරගෙන ඉදිරි වසර 5 දී විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිකරනවා – අගමැති

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම තම අරමුණ බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි වසර 05 තුල ඇති කරන බව පැවසීය. අද (15) පෙරවරුවේ යාපනයේ මයිලඩි ධීවර…

(0)Comments | August 15, 2019 6:07 pm

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු තවත් මාස 06කට අත්හිටුවයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 අගෝස්තු මස 15…

(0)Comments | August 15, 2019 6:02 pm