බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයට මුල්ගල තැබීම අද (23) දින මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස මෙම විනෝදාත්මක උද්‍යානය ඉදිකෙරෙන අතර මෙහි ශ‍්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය නිර්මාණය වේ. තවද හිම උද්‍යාන, ජල ක‍්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දමන්නට ඊයේ (22) දිනයේ දී තීරණය කරන ලදී. මේ පිළිබඳව දැනුම් දීම සඳහා අද (23) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කර සිටියේ, මෙම තීරණයත් සමඟ, දැනටමත් පහළ යෑමක් පෙන්නුම් කරන තැන්පතු පොලී අනුපාතික හා…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2019 අගෝස්තු 22) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50 බැගින් අඩු කිරීමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට…
සිය කුඩා කාලයේ දී මැලේසියාව, ජපානය, සිංප්පූරුව, කොරියාව සමග සමාන තත්වයක ශ්‍රී ලංකාව පැවති බවත්, අද එම රටවල් දියුණු තත්වයට පත්ව තිබුණ ද ශ්‍රී ලංකාව තවමත් එම මට්ටමට දියුණු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය දා ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා – කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව…
ශ්‍රීලංකන් ගුවන් සේවයට ගුවන් යානා අත්පත් කර ගැනීමත්, ඒ අත්පත් කර ගත්ත ගිවිසුම් යළි අවසන් කිරීමත් නිසා ශ්‍රී ලංකා රජයේ ජනතාවට විශාල පාඩුවක් සිදුවී ඇති බව කෝප් කමිටුව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ කෝප් වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාගත කළ අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය. “මම එක…
2019 ජූනි මාසය තුළ දී නිකුත් කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම් ද සමඟ රටෙහි දළ නිල සංචිත, 2019 මැයි මස අවසන් වන විට වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.7 සිට 2019 ජූනි මස අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම සංචිත…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේ පැවති සියයට 2.1 හි සිට 2019 ජූලි මාසයේ දී සියයට 2.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. මේ අතර, 2019 ජූලි මාසයේ…
මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 06ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරන ලද වියදම ඩොලර් මිලියන 812.7 සිට ඩොලර් මිලියන 324.2ක් දක්වා 60.1%කින් පහත බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සටහන් වේ. මේ…
වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස පහළ යෑම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තුළින් ලද විදේශ විනිමය ලැබීම් සමඟ දළ නිල සංචිත වර්ධනය වීම හේතුවෙන් 2019 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් විය. 2019 ජූනි මස දී වෙළඳ හිඟය, එ.ජ. ඩොලර් මිලියන 316 දක්වා අඩු වූ අතර එය 2010 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ…
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය හා පැවැත්ම කෙරෙහි දැනට ක්‍රියාත්මක විවිධ ප්‍රතිපත්තීන් අතර පවතින අනනුකූලතාවන්, අවශ්‍ය තාක්ෂණය හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිපුණ මානව සම්පතෙහි අඩු බව, අධික බල ශක්ති පිරිවැය, කර්මාන්ත ආශ්‍රිත පාරිසරික අභියෝග සහ නෛතික පරිසරයේ පවතින අඩුපාඩුකම් අහිතකර ලෙස බලපා ඇති බවට හඳුනාගෙන ඇත. එම ගැටලු අවම කරගෙන රටේ සංවර්ධනය කෙරෙහි දායක විය…
Video Story