ගොඩනැඟිලි හා මෝටර් රථ අලුත්වැඩියාව සහ නඩත්තුව, ශීතකරණය සහ වායු සමීකරණ, ලෝහ හා සැහැල්ලු ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ, ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ආයතනික හා කාර්මික පුහුණුව මාතර සහ යාබද දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ට ලබා දීම අරමුණු කරගෙන, ජර්මානු රජයේ මූල්‍ය සහයෝගය ඇතිව රත්මලාන ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයට සමාන වෘත්තීය පුහුණු ආයතනයක් මාතර පිහිටුවීමට යෝජනා…
මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකාව අතර වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ රටවල් දෙක අතර වීසා විධිවිධාන පහසු කිරීම් පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස සහ ඒවා අත්සන් තැබීමට පිළිවෙලින් මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති වෙත බලය පැවරීම පිණිස හා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත බලය පැවරීම…
2018 වසර තුළ ධාවනය සඳහා සැලසුම් කළ මගී දුම්රිය සංඛ්‍යාව 121,473 ක්වූ අතර එයින් ධාවනය කර ඇති ප්‍රමාණය 117,189 කි. එහිදී මගී දුම්රිය 4,284 ක් අවලංගු කෙරී තිබේ. මෙලෙස සැලසුම් කළ මගී දුම්රිය සංඛ්‍යාවෙන් නියමිත වේලාවට ධාවනය කෙරී ඇත්තේ දුම්රිය 66,192 ක් පමණි. එනම් සැලසුම් කෙරුණු ප්‍රමාණයෙන් 56%කි. ඒ අනුව 2018 වසරේ ධාවනය වූ මගී…
2018 වසර තුළ දී රුපියල් බිලියන 919.05ක රාජ්‍ය බදු ආදායමක් අත්කර දීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ. මෙය රුපියල් බිලියන 1,712.31ක් වන සමස්ත රාජ්‍ය ආදායමෙන් 53.7% කි. මෙහිදී 2018 වසරේ මෝටර් වාහන ආනයන බදු ආදායම රුපියල් බිලියන 198.77ක් ලෙසින් සටහන් වී තිබේ. මෙම අගය 2017 වසරේ සමස්ත මෝටර් වාහන බදු ආදායම වූ රුපියල් බිලියන…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝගයක් වන කුරුඳුවල අනන්‍යතාවය යුරෝපා වෙළඳපොල තුළ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූ ගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටී. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරුවන්ගේ…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2018 කාර්ය සාධන වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. දකුණු ආසියාවේ වඩා කාර්යක්ෂම දුම්රිය ප්‍රවාහන සැපයුම්කරු බවට පත්වීම සිය ‘දැක්ම‘ කරගනිමින් සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂිත, විශ්වාසදායී, නියමිත වේලාවට ධාවනය වන සකසුරුවම් හා කර්යක්ෂම දුම්රිය ප්‍රවාහන සේවාවක් සැපයීම සිය ‘මෙහෙවර‘ කරගනිමින් ක්‍රියාත්මක ලංකා දුම්රිය සේවාවට සිය දැක්ම සහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ හෙලීමට පසුගිය සතියේ දී පියවර ගනු ලැබීය. මෙහිදී න්‍යායාත්මකව සිදුවන මූලික දේ නම්, ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට සමපාත වන අයුරින් වෙළෙඳපොළ පොලී අනුපාතිකද පහළ යාමයි. ඒ අනුව බැංකු හා මූල්‍ය ආයතන විසින් භාර ගනු ලබන තැන්පතු සඳහා ගෙවන පොලිය පහළ බසින අතර, ඔවුන් ණය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳ නවතම වාර්තාවට අනුව 2019 අගෝස්තු 21 දිනට රජයේ සුරැකුම්පත්වල තිබෙන මුළු විදෙස් ආයෝජන ප්‍රමාණය රු. බිලියන 123.59 ක් ලෙසින් සටහන් වී ඇත. කෙසේ වෙතත් ඊට සතියකට පෙර, එනම් 2019 අගෝස්තු 13 දිනට රජයේ සුරැකුම්පත්වල පැවති විදෙස් අයිතිය රුපියල් බිලියන 136.46ක් ලෙසින් සටහන්…
මෙරට කාන්තා ව්‍යවසායකයින් එක්දහස් පන්සීයක් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගැනේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය ව්‍යපෘතිය යටතේ මෙය ක්‍රියාවට නැංවේ. කාන්තා ව්‍යවසායකයින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ එක්…
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාවට නංවන ලද විශේෂ මෙහෙයුම තුළින් සිකුරාදා (23) උදෑසන 6 දක්වා ගත වූ දින 49 පුරාවට බීමත් රියැදුරන් 10,054 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවක දී (23) කියා සිටියේය. මෙම රියැදුරන් අතරින් මගී ප්‍රවාහන වාහනවල රියදුරන් මේ වන විට…
Video Story