ආනයන ආදේශනය සවිමත් කරමින් ජාත්‍යන්තර නිෂ්පාදන සමග කරට කර සිටින සියැට් Winmile AW කැලණිය නිෂ්පාදනාගාරයෙන් ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ මාර්ග වලට සහ දේශීය තත්ත්වයන්ට ගැලපෙන ලෙස නිපදවා ඇති ට්රක්රථ, බස්රථ සහ ප්‍රයිම් මූවර් සඳහා ශක්තිමත් සහ කාර්ය සාධනයෙන් ඉහළ රේඩියල් ටයර් වෙළඳපොළට…
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ (1919) සේවාවන් ශ්‍රව්‍යාබාධිත සහ කථනාබාධිත ප්‍රජාවටද ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් එහි සේවාවන් පුළුල් කෙරේ. මේ අනුව එවැනි අයෙකුට වට්ස් ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ විය හැකි අතර ඔහු හෝ ඇය විමසන තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු විසින් ලබා දෙනු ඇත. සිංහල සහ දෙමළ භාෂා වලින් මෙම තොරතුරු…
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා 2019 ජූලි 01 සිට දෙසැම්බර් 31 දක්වා වන කාල සීමාව තුළ සෞදි අරාබියේ ඩමාම් ගුවන් තොටුපලේ ගුවන් ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.0ක මුදලකට M/s. Modern Consortium for Refueling Aircraft Co.Ltd (MCRA) වෙත පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය…
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රත්නපුර පළාත් මහරෝහල 2018 වර්ෂයේදී, ශික්ෂණ රෝහලක් ලෙස උසස් කරන ලද අතර එම වෛද්‍ය පීඨයට බඳවා ගන්නා ලද වෛද්‍ය සිසුන්හට සායනික පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 4,324.22ක ආයෝජනයක් සහිතව යෝජිත…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඊ-චැනලින් පීඑල්සී සමාගමේ කොටස් මිල අනිසි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් එහි ආයෝජකයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් දෙදෙනාට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සුරැකුම්පත් කොමිසම කටයුතු කර ඇත. විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන්…
2019 ජූලි 15 සිට 2020 මාර්තු 14 දක්වා ඉදිරි මාස 08ක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 420,000ක්, ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල් (92UNL) බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ Vitol…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (26) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.38% සිට 8.24% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.60% සිට 8.49% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 8.86% සිට 8.70% දක්වා පහළ ගොස්…
ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සමග එක්ව ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුලින් රට තුල ගෙවීම් ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර එය ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් සමාගමක් වන ජපානයෙහි ජේසීබී ඉන්ටර්නැෂනල් (JCB International) ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබයි….
ගිණුම් හිමියන්ට කොටස් ප්රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන, අසත්‍ය මෙන් ම ද්වේශසහගත ප්‍රවෘත්තියක් බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහජන බැංකුවේ කොටස් විකුණා…
කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට හැට වසරක් පිරීම සැමරීම වෙනුවෙනුත් ඇමරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයක්…
Video Story