2019 මැයි 22 සිට මැයි 29 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැක්ම්පත්වල විදෙස් හිමිකාරීත්වය රු. මිලියන 716කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාඑර්තාවක සඳහන් වේ. 2019 මැයි 22 දිනට රජයේ සුරැකුම්පත්වල විදේශකයින් විසින් කර ඇති ආයෝජනවල මුළු වටිනාකම රු. මිලියන 145,400 ක් ලෙසින් වාර්තා වන අතර එම වටිනාකම මැයි 29…
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩවම නොහැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින ප. ව….
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු රාශියක් සිදුකොට ඇති බවත්, එම තොරතුරුවල පවතින රහසිගතභාවය හේතුවෙන් ඒ පිළිබඳ වැඩිවිස්තර අනාවරණය කිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. අද (31) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ…
2019 අයවැය යෝජනා ප්‍රකාරව විදෙස් ගමන් බලපත්‍ර සඳහා වන ගාස්තු 2019 ජූනි 01 (හෙට) සිට සංශෝධනය කෙරේ. මේ අනුව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 දක්වා ඉහළ යනු ලබන අතර එක් දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තුව රු. 10,000 සිට…
වසරක් තුළ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කරමින් අලුතෙන් ණය යෝජනා ක්‍රම අටක් සඳහා ද මූල්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කරයි. 2019 අයවැය යටතේ යෝජිත මෙම ණය යෝජනා ක්‍රම පුළුල් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය…
ශ්‍රීලංකන් කේටරින් සමාගම 2019 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 24% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.8 සිට රුපියල් බිලියන 4.7 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ….
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය. මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ලෙස පවත්වා ගැනීම…
දැනට ශ්‍රී ලංකාව තුළ චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් විශාල වශයෙන් දුම්පානය කරනු ලබන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කෙසේ වෙතත් ඔවුන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සිගරට් සඳහා කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ චීනයෙන් ගෙන්වන සිගරට් පානය කිරීම සඳහා පමණක් බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය….
සංචාරක කර්මාන්තයේ නිරත වී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා රුපියල් ලක්ෂ 5 ක් දක්වා උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම ණය ගෙවීම සඳහා මාස 12 ක සහන කාලයක්…
ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකු එම පුරවැසිභාවය අත්හරිනු ලබන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනි ටෙප්ලිට්ස් විසින් සිදුකර තිබේ. ඇය විසින් ඩේලි මිරර් පුවත් පත සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටස්වල සිංහල පරිවර්තනය, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල නිල වෙබ් අඩවියෙහි පළකර ඇත. පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවේ දී…
Video Story