Top News

ත්‍රිකුණාමලයට සහ මොණරාගලට සූර්ය බලාගාර

සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ දිවයින පුරා මධ්‍යම ජාලයට සම්බන්ධ කුඩා පරිමාණ සූර්ය බලාගාර 90ක් ඉදි කිරීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් 17ක් හඳුනා ගන්නා ලදී. ඒ අතුරින් ත්‍රිකුණාමලය ග්‍රිඩ් උපපොළ සඳහා සම්බන්ධ කරගැනීමට අපේක්ෂිත මෙගාවොට් 1ක ධාරිතාවයෙන් යුත් සූර්ය බල ව්‍යාපෘති 7න් ව්‍යාපෘති 3ක් සීමාසහිත සන්කෝර් සෝලර් සිටි පුද්ගලික සමාගම වෙතත්, ඉතිරි ව්‍යාපෘති 4 සීමාසහිත…

(0)Comments | May 30, 2019 12:07 pm

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි තේරී පත්වෙයි

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්විය. ඒ 2019-2020 වර්ෂ සදහායි. මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්විය. සෞඛ්‍ය අමාත්‍යවරයා එම…

(0)Comments | May 30, 2019 10:57 am

විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය රාජ්‍ය අංශයට හඳුන්වාදෙයි

දිගු කලක් තිස්සේ රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා බලාපොරොත්තුවෙන් සිටි ඉතා අත්‍යවශ්‍ය අංගයක් වන විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක් සිදුකරමින් විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මෙමඟින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉතා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් සිදුකර ගැනීමට පහසුකම් සැපයේ. රාජ්‍ය අංශයේ සියලු භාණ්ඩ, සේවා හා වැඩ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය…

(0)Comments | May 30, 2019 10:41 am

සමූපකාර ක්ෂේත්‍රෙය් ගැටළු විසඳීමට රිෂාඩ්ගෙන් විද්වත් මණ්ඩලයක්

මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් පොදු අරමුණු ඉටුකරගැනිම උදෙසා සමුපකාර ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් සපයනු ලබයි.   එහෙත් මෙරට සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත.   එබැවින් සමස්ත සමුපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමුපකාර නීති රාමුව…

(0)Comments | May 30, 2019 10:17 am

වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යූරෝ මිලියන 11ක්

වෘත්තිය පුහුණු කටයුතු සංවර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන බාධා ඉවත් කිරීම සහ තාක්ෂණික සහය සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබා දීම සඳහා ජර්මානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. එයින් යුරෝ මිලියන 7ක මුදලක් මාතර හා කිලිනොච්චියේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු කටයුතු සංවර්ධනය කිරීම සඳහාත් තවත්…

(0)Comments | May 30, 2019 10:11 am

ඔට්ටුකරුවන්ගේ අනාවැකි – ලෝක කුසලානයේ වැඩි අවස්ථාව එංගලන්තයට. ශ්‍රී ලංකාවට 8වෙනි තැන

ලොව පුරා ක්‍රිකට්ලෝලීන් මහත් ඕනෑකමින් බලාසිටි 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය. තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකාව හෙට දින තරඟ වදිනු ඇත. 2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය යෙදී ඇත්තේ ජූනි 01 දිනටය. ඒ නවසීලන්තය සමඟයි. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කටයුතු සිදුවෙද්දී තවත් පිරිසක් මේ…

(0)Comments | May 29, 2019 4:24 pm

රුපියල 3.8%කින් අධිප්‍රමාණය වෙයි

2019 වසරේ මැයි 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.8%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අතර අනෙකුත් ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී ඇති…

(0)Comments | May 29, 2019 3:25 pm

විදුලිය දෙන්න ආ තුර්කි නැව ගැන රවී මෙසේ කියයි

“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට…

(0)Comments | May 29, 2019 12:26 pm

ඩොලර් මිලියන 1,500 ක ජාත්‍යන්තර බැඳුම්කර සඳහා කැබිනට් අනුමැතිය

2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළෙ තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

(0)Comments | May 29, 2019 12:15 pm

කොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේ

දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) පස්වරුවේ කොළඹ දී අත්සන් කරනු ලැබීය.   ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ එහි වරායන් විවෘතවීම ඉතාම වැදගත් කාරණයකි. මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ  සහයෝගීත්වය මෙනෙහි කරනු ලබයි. ජපානය එක්දහස්…

(0)Comments | May 29, 2019 10:49 am