ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වේ. යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමඟ මුහුදු ආහාර…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.
2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා වැඩි ව ඇතැයි ද ඒ සඳහා 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි. මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.3%ක…
තම නමින් ක්‍රියාත්මක ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පැමිණිලි කර තිබේ. මෙහිදී අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටින්නේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු සමාජ ජාලයක තම නමින් ගිණුම් නොමැති බවයි. ජාතික ක්‍රිකට් පිලේ සිටිය යුතු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමා කළා යැයි කියන ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ…
ඊයේ (20) දිනය තුළ දී සිය ග්‍රාහකයින් විසින් ලබා ගන්නා ලද දේශීය දුරකතන ඇමතුම්, අන්තර්ජාතික දුරකතන ඇමතුම්, රෝමිං සහ SMS සඳහා අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම කපා හරිනු ලබන බව ඩයලොග් ආසියාටා පීඑල්සී නිවේදනය කර සිටී. සිය පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩයක් මගින් මේ බව දැනුම් දෙමින් සමාගම වැඩි දුරටත් කියා සිටින්නේ ඊයේ (20) දිනය තුළ…
සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය සදහා වන ලෝක බැංකු (මූල්‍ය සහයෝගය මත) මගින් ක්‍රියාත්මක වන දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව 2016 වසරේ දී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ අවසන් වාර්තාව 2017 සැප්තැම්බර් මස 18 වන දින එළිදක්වන ලදි….
කොළඹ කොටස් හුවමාරුව හා ගෝලීය හුවමාරු සංසඳය අතර පවතින සුවිශේෂ සබඳතාවය සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කලාපීය වශයෙන් ප්‍රාග්ධන වෙළෙපොළ සංවර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය අගය කරන බව ගෝලීය හුවමාරු සංසදයෙහි ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පසුගිය දින කොළඹ කොටස් හුවමාරුවෙහි පැවති දෛනික ගනුදෙනු ඇරැඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කලාය. “කොළඹ…
මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ රක්ෂණ සමාගමක් එළඹෙන වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බව වාර්තා වේ. රජයේ නියාමන නිලධාරීන් මූලාශ්‍ර කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබෙන අතර මෙකී සෑම රාජ්‍ය සමාගමකින් ම, සියයට 10 බැගින් වූ කොටස් අයිතියක් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට සූදානම් බව එහි…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සිමෙන්ට් පීඑල්සී හි කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඊයේ (19) දිනයේ දී ලංකා සිමෙන්ති කොටසක මිල රු. 4.40 සිට රු. 5.10 දක්වා 16% කින් ඉහළ ගිය අතර අද (20) දිනය තුළ දී රු. 5.10 සිට රු. 6.30 දක්වා 23.5% කින් කොටසක මිල ඉහළ යන ලදී. අද…
හේලීස් පීඑල්සී විසින් සිංගර් ශ්‍රී ලංකා හි පාලක කොටස් අයිතිය අත්පත් කර ගැනීමත් සමගම එහි ශ්‍රේණිගත කිරීමෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ෆිච් රේටිංග්ස් කියා සිටී. මේ අනුව A-(lka)/Stable මට්ටමේ සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම නොවෙනස්ව පවතී.
Video Story