ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම…
ශ්රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව පවසමින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය හා පදනම් විරහිත බව ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියා සිටී. මේ පිළිබඳව යථා තත්ත්වය පැහැදිලි කරමින් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම…
“අපි වෘත්තීය මට්ටමේ වැවිලිකරුවෝ. මෙය වසර 150 ක් පැරණි කර්මාන්තයක්. මේ ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආදායම ආරක්ෂා කරන්න ඕනේ. අපි කියන්නේ දේශපාලනයයි ආර්ථිකයයි කළවම් කර ගන්න එපා. මේ දෙක කළවම් වුණු නිසා තමයි මේ ප්‍රශ්නේ. වෘත්තීයමය කළමනාකරුවන්ට කරමාන්තය කර ගෙන යන්න ඉඩ දෙන්න. දේශපාලඥයෝ දේශපාලනය කරපු දෙන්. ඒකයි අපේ පණ්වුඩය“, යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ…
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ඊයේ (11) දිනයේ දී අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. එහි දී ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මාලා ගෝනවල මහත්මිය, “රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා, කිසිම තැනක…
ස්පාඤ්ඤ සංචාරක නියෝජිත කොංග්‍රසය (“CEAV”) B2B සැසිවාරය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (“SLCB”) ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය(“SLTPB”) යන කාර්යාංශ දෙකේ සහයෝගිතාවයෙන් පවත්වනු ලැබිණි. කොංග්‍රසය සඳහා සඳහා සහභාගී වූවන් අතර B2B සැසිය සඳහා ස්පාඤ්ඤ සංචාරක නියෝජිතයන් හතළිහක් සහ ස්පාඤ්ඤ වෙළෙඳපොළ අරමුණු කර ගන්නා අද්විතීය දේශීය සංචාරක නියෝජිත ආයතන තිස් අටක් සම්බන්ධ විය. B2B සැසිය ආරම්භය ප්‍රකාශයට…
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ ශ්‍රම හිඟය මග හරවා සංවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව සංක්‍රමණික වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වන බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව සංක්‍රමණික වැඩසටහන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ Warrnambool නගර සභාව එක්ව දියත් කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙයින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත…
2018 නොවැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,018.38 ක් ලෙසින් වාර්තා වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,903.31 ක්වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 884.93 කින් නොවැම්බර් මාසය තුළ දී අඩු වී තිබීමයි. ඔක්තෝබර් මාසය අවසානයේ දී සමස්ත සංචිත…
එක්සත් ජනපද ඩොලරයේ වැඩිවීම මත ආනයනික වාහන මිල ගණන් ඉදිරියේ දී 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. පසුගිය දා ‘Biz Journal’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. “අපි හිතපු නැති සිද්ධි ගණනාවක් රටේ සිදුවුණා. අලුත් රජයක් පැමිණියාම පළමු…
නෝර්වේ රාජ්‍යය හා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර ඇතිකරගත් එකඟතාවයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි තිරසාර සංවර්ධන අරමුණු අංක 16 වන සාමය, යුක්තිය පසිඳලීම සහ ශක්තිමත් ආයතන පද්ධතියක් වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවෙනු ඇත. UNDP ශ‍්‍රී ලංකා ආයතනයේ තිරසාර සංවර්ධන අරමුණු වඩාත් හොඳින් ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා මෙම ව්‍යාපෘතිය විශාල සහයෝගයක්…
පසුගිය 2017 වසර අවසානයේ දී රුපියල් බිලියන 4,718.6 ක්ව පැවති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය 2018 සැප්තැම්බර් මාසය අවසාන වන විට රුපියල් බිලියන 5,469.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාන වාර්තා පෙන්වා දේ. මෙය වසරේ මුල් මාස 09 තුළ දී රජයේ විදෙස් ණය ප්‍රමාණයේ 15.9% ක වැඩි වීමකි. මේ…
Video Story