Top News

උද්ධමනය උඩ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන්…

(0)Comments | December 26, 2018 5:18 am

ඩොලරයේ විකුණුම් මිල රු. 182.71 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 178.7451 ක් හා විකුණුම් මිල රු. 182.7137 ක් ලෙසින් අද (21) දිනයේ දී වාර්තා විය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ ඉහළම රුපියල් වටිනාකම ලෙසින් වාර්තා වේ. මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වු වැඩිම රුපියල් අගය…

(0)Comments | December 21, 2018 1:05 pm

පෙට්‍රල් රු. 10 කින් පහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දමනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා හා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු…

(0)Comments | December 21, 2018 11:16 am

රු. බිලියන 1765 ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 මුල් මාස 04 සඳහා අදාළ වන පරිදි අතුරු සම්මත ගිණුම අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. රුපියල් බිලියන 1765 ක වටිනාකමකින් යුතු මෙම අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 795 ක් රජයේ පුනරාවර්තන වියදම් ලෙසත්, රුපියල් බිලියන 965 ක් මූලධන වියදම් ලෙසත් වෙන්කර ඇති බව…

(0)Comments | December 21, 2018 11:05 am

ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා බැංකුවේ, සමාගම් ලේකම් ජානකි සිරිවර්ධන සඳහන් කර සිටින්නේ ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අනුව ලංකා බැංකුවේ සභාපති නීල් උමගිලිය හා අධ්‍යක්ෂ මණ්ඩල…

(0)Comments | December 21, 2018 10:35 am

උපරිම ජනතා සේවය පුළුල්ව ඉටු කිරීමට රවී පොරොන්දු වේ

අද (20) දින පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලයේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධණ අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් රවී කරුණානායක මහතා, නව අමාත්‍යධූරය හරහා සිදුකළ යුතු උපරිම ජනතා සේවය වඩාත් හොඳින් ඉතා පුළුල්ව ඉටු කිරීමට පොරොන්දු වන බව පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටී. ජනතාවට සේවය කිරීම, මහජන නියෝජිතයෙකුගේ යුතුකමක්…

(0)Comments | December 20, 2018 4:09 pm

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට – මංගල වැඩ භාර ගනිමින් කියයි

දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම අද දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන…

(0)Comments | December 20, 2018 12:10 pm

ආණ්ඩුවේ ව්‍යාපාර කිරිඇල්ලට, සංවර්ධන උපාය මලික්ට

අද (20) දින දිවුරුම් දෙන ලද නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය ව්‍යාපාර භාර අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවුරුම් දෙන ලදී. මීට අමතරව කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන යන අමාත්‍යාංශ ද ඔහු යටතට පත් කර ඇත. මේ අතර සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මලික් සමරවික්‍රම මහතා දිවුරුම් දුන් අතර…

(0)Comments | December 20, 2018 11:13 am

මුදල් යළි මංගලට, ව්‍යාපාර සංවර්ධනය රවී ට භාරයි

නව රජයේ අභිනව කැබිනට් අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී වඩාත් කතාබහට ලක්ව තිබුණු මුදල් අමාත්‍යාංශය යළිත් වරක් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලබා දී තිබේ. මේ අතර යහපාලන රජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූ රවී…

(0)Comments | December 20, 2018 10:25 am

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක‍්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ. 2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31…

(0)Comments | December 19, 2018 4:18 pm