පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය. එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ‘මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය‘ 2018.12.31 දින සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් එම්.එන්. රණසිංහ මහතා කියා සිටී. එසේම පාලක ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2019.01.01 දින සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බවත්ය. ආගමන හා විගමන…
ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ (International Luxury Travel Market),එහි කීර්තිමත්භාවයට සරිලන පරිදි පසුගිය සතියේ, 2018 දෙසැම්බර් මස 3 වන දින සිට 6 දක්වා කෑන් නුවර Palais des Festivalsහී දී මහජනයා සඳහා විවෘත කරන ලදී.Palais des Festivals යනු ලෝක ප්‍රසිද්ධ කෑන් සිනමා උළෙලේ වඩාත් ප්‍රචලිතම ස්ථානය යි.රටවල් 101කින් ප්‍රදර්ශකයන් 1880ක් සහභාගී වූ ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ මෙවර…
අමාත්‍ය ධූරයේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි ශ්‍රී ලංකාවාසී සියළුම දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තවදුරටත් තමන් නායකත්වය ලබාදෙන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස අද (26) පෙරවරුවේ වැඩභාර ගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් මිලියන 450 ක් ආයෝජනය කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලය, කාමර 85 කින් සමන්විත වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ඉන් කාමර 63 ක් අලුත්වැඩියා කිරීමට නියමිතය. 2019 මැයි සිට ජූලි කාලපරිච්ඡේදය තුළ දී මෙකී අලුත්වැඩියා කිරීමේ කටයුතු…
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 සීමවා ද අද දින ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.2039…
රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර පවත්වාගෙන යෑම එම ආයතන සතු වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි. රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි වල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇත්තේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු…
2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ 01 වන වගන්තියෙන් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනතේ සියලු වගන්තිවල විධිවිධානයන් 2018 දෙසැම්බර් 21 දින සිට බලාත්මක විය යුතු බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නියම කර තිබේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 21 දින ප්‍රකාශයට පත් කර ඇති අතර…
ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී පැන වු යම් සීමා කිරීම්වල බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී ආනයන වැඩිවීමේ…
Video Story