අවදානම් පදනම මත ඵලදායී ඒකාබද්ධ අධීක්ෂණය සිදු කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ 2018 දෙසැම්බර් 31 දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මූල්‍ය සමූහ අධීක්ෂණය සඳහා…
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 ජනවාරි මස 05 වැනි දින ප.ව….
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (04) දිනය අවසානයේ දී රුපියල් මිලියන 68.77 ක් ලෙසින් වාර්තා විය. රුපියල් මිලියන 64.3 ක් වශයෙන් 2009 අප්‍රේල් 28 දින වාර්තා වූ දෛනික පිරිවැටුමෙන් පසු, පසුගිය වසර 10 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙසින් මෙය වාර්තා වේ. තිස් අවුරුදු යුධ සමයේ අවසාන භාගය…
2018 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,333,796 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2017 වසරේ දී පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය වූ 2,116,407 හා සැසඳීමේ දී සියයට 10.3 ක ඉහළ යාමකි. නවතම වාර්තාවක් මඟින් මේ බව අනාවරණය කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ 2018 දෙසැම්බර් මාසයේ…
කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය මඟින් ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථාන, වාණිජ මධ්‍යස්ථාන සහ කොළඹට තදාසන්නව පිහිටා ඇති අධික ජනගහනයක්…
ජපාන් යෙන් මුදල් ඒකකයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය, ඉතිහාසයේ පළමු වරට අද (03) දිනයේ දී රුපියල් 1.70 අභිබවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ජපාන යෙන් සඳහා අද දින ගැණුම් මිල රු. 1.6734 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 1.7348 ක් ලෙසින් වාර්තා…
කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය අඩු වීම සඳහා 2018 වසරේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවති මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවූ බව ”පෙර දැක්ම 2019 – 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය” ප්‍රකාශයට පත්කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (02) මහ බැංකු පරිශ්‍රයේ පැවති උත්සවයක දී අධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත්…
2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2018 ඔක්තෝබර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, පාර්ලිමේන්තුව වාර අවසාන කරන ලද බැවින්, එකී පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි විය. ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නව විසර්ජන පනත් කෙටුම්පත නැවත ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් 2019 වර්ෂයේ මුල් මාස 4 ක කාලසීමාව වෙනුවෙන් වන…
රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන හිමිකාරීත්වය 5% ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (02) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 දෙසැම්බර් 26 දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුවලට අනුව දැනට…
බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් සිදුකිරීමට නිර්දේශිත වෝහාරික විගණනය සම්පූර්ණයෙන්ම විගණකාධිපතිවරයාගේ භාරකාරීත්වයේ පවතින්නක් බවත්, ඒ සඳහා මහ බැංකුව විසින් සිදුකරනුයේ ප්‍රසම්පාදන හා පහසුකම් සැලසීම පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බන…
Video Story